(යොහාන් භාසුර)

මෙම සතියේ මුල් දීනවලදී ලංකා සතොස වෙත බිත්තර තොග නිකුත් කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.
එම සංස්ථාව ආනයන කළ මෙම වසරේ පළමු බිත්තර තොගය වන බිත්තර ලක්‍ෂ 70 ක් පසුගිය සතියේ ලැබුණු බවත් එම බිත්තර තොගය මේ වන විට සෞඛ්‍ය පරීක්‍ෂණවලට ලක්කර ඇති බවත් ඒ මහතා කීය.
එම පරීක්‍ෂණ මෙම සතිය මුල අවසන් වනු ඇති යැයි බලාපොරොත්තු වන බව ද ඒ මහතා වැඩි දුරටත් කීය.