(යොහාන් භාසුර)
සියලුම පුද්ගලයන් පාවිච්චි කරන දුරකථන සිම්පත ලියාපදිංචි කිරීම යුතුකමක් බවත් තමන් පාවිච්චි කරන දුරකථන සිම්පත නිසිපරිදි ලියාපදිංචි කර ඇද්දැයි #132# යන සළකුණ යොදා පරීක්‍ෂා කළ හැකි බවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාවේ අධ්‍යක්‍ෂ (අනුකූලතා) මේනකා පතිරණ මහත්මිය පැවසුවාය.
සිම්පතක් දැනට භාවිතා නොකරන දුරකථන සමාගම්වල ඔබේ නමින් සිම්පත් ලියාපදිංචි කර ඇද්දැයි එම සමාගම් සම්බන්ධ කරගෙන පරීක්‍ෂා කළ යුතු බවත් ඔබගේ ජාතික හැදුනුම්පත භාවිතා කර ඔබේ නමින් නොදුනුවත්ව සිම්පත් ලියාපදිංචි කර ඇත්නම් ඒවා විසන්ධි කිරීමට වාහාම කටයුතු කළ යුතු බවත් ඇය පවසන්නීය.
ව්‍යාජ සිම්පත් භාවිතා කරමින් සමාජ විරෝධි වැඩ කරන බව වාර්තා වී ඇති බව කී මේනකා පතිරණ මහත්මිය හැදුනුම්පත අස්ථාගත වූ අවස්ථාවකදී එම හැදුනුම්පත භාවිතා කරමින් තුන්වැනි පාර්ශවයන් අනුදැනුමකින් තොරව සිම්පත් ගැනීම වැළැක්වීමට හැදුනුම්පත් අංකය දුරකථන සමාගම් ලවා අවහිර කළ යුතු බවත් විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාවේ අධ්‍යක්‍ෂ (අනුකූලතා) මේනකා පතිරණ මහත්මිය වැඩි දුරටත් සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රායෝගික වැඩද ඕවා? වෙනත් දුරකථන සමාගම්වලට කෝල් දිදී චෙක් කරන එක කොච්චර අපහසු වැඩක්ද? මුලු ලංකාවම ඕක කරන්න ගියොත් සමාගම්වලට වෙන වැඩක් නැති වෙයි. ටිකක් මොලේ කල්පනා කරලා මිනිස්සුන්ට පහසු ක්‍රමවේදයක් සකසා දෙන්න!
යුතුකම්වලින් වැඩක් නැ හරියට නිතියක් ගේන්න මොකද අපරාදකරුවෝ අල්ලන්න බැහැ නේ යුතුකම් කරන මිනිස්සු