(ගයාන් සූරිය ආරච්චි)

කිසියම් අපරාධයක් කිරීමට සූදානම් වී සිටි පුද්ගලයකු විදේශ රටක නිෂ්පාදිත අති නවීන මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක් සන්තකයේ තබාගෙන සිටියදී රුවන්වැල්ල  කොටිය කුඹුර ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටියාකුඹුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක පුද්ගලයෙකි.

එහි දී විදේශීය රටක නිෂ්පාදිත 9X18 mm උණ්ඩ යෙදිය හැකි මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක් සහ මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක් සහ එම අවියට සවි කල හැකි පතුරම් ගැබක් ද අත්අඩංගුවට ගෙන තිබේ.