(තිලකරත්න දිසානායක.)

ගම්පහ , ඉහළ යාගොඩ ප්‍රදේශයේ නිවසක ඇති දැඩි කළ සුනඛයෙකුට ගිනි තබා මරා දැමීම හේතුවෙන් 65 හැවිරිදි පුද්ගලයෙකු අත් අඩංගුවට ගනු ලැබූ බව යක්කල පොලීසිය සඳහන් කරයි. 

ගිනි තබා මරා දමන ලද සුනඛයාගේ හාම්පුතා කරන ලද පැමිණිල්ලකට අනුව එම පුද්ගලයා අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 

පැමිණිල්ල සම්බන්ධයෙන් පොලීසිය කරන ලද විමර්ශනයේදී අනාවරණයවූ කරුණු මත සුනඛයාට ගිනි තැබීමට හේතුව, අසල්වැසි නිවසේ ඇති කරනු ලබන උසස් වර්ගයේ බැල්ලිය ඇසුරු කිරීම සඳහා සාමාන්‍ය සුනඛයා නිතර  පැමිණීම පිළිබඳව ඇතිවූ කේන්තිය හේතුවෙන් පෙට්‍රල් දමා ගිනි තබා ඇති බවද පොලීසිය කියයි.