( තුසිත කුමාර ද සිල්වා  සහ සුමිත් පොතුපිටිය)

මග්ගොන ප්‍රදේශයේ දී දුම්රියක ගැටී පුද්ගලයකු පීලි අතර සිරවීමෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය තරමක ප්‍රමාදයක් පවතින බව කළුතර දුම්රිය බළධාරීයෙක් පැවසීය .

මේ හේතුවෙන් රුහුණු කුමාරී සහ ගාලු කුමාරී සීඝ්‍රගාමී දුම්රියන් විනාඩි 35 සහ 30 බැගින් ප්‍රමාදවී ධාවනයවූ බව සදහන් වේ.

මියගොස් ඇති පුද්ගලයා ගාල්ල සිට ගල්කිස්ස බලා ධාවනයවූ 8319 දරණ මන්දගාමී දුම්රියේ ගැටෙන්නට ඇති බවට සැක පලකරන බව දුම්රිය ආරංචි මාර්ග සදහන් කරයි.

මියගොස් ඇති පුද්ගලයා ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවත් , මෘතදේහය පයාගල දුම්රිය ස්ථානයට භාරදී ඇති අතර පයාගල  පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.