(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පාසල් අවසන් වාර පරික්ෂණය සදහා 06 වන ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය දක්වා දමිල මාධ්‍ය හදාරණ සිසුන්ට ලබාදුන් ගණිතය ප්‍රශ්න පත්‍රයේ අඩුපාඩු රැසක් හේතුවෙන් සිසුන් දැඩි අසාධාරණයකට මුහුණ දුන් බව ගුරුවරු චෝදනා කරති.
උතුරු මැද පළාතේ පාසල්වල අවසන් වාර පරික්ෂණය මේ දිනවල පැවැත්වෙති.
ඒ අනුව අද 06 වන ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණියේ ඉගෙණු ලබන සිසුන්ට පෙනි සිටිමට නියමිතව තිබුනේ ගණිතය විෂයටය.
සිංහල මාධ්‍යයෙන් ගණිත විෂයට පෙනි සිටි සිසුන්ට නිවරැදිව සකස් කරන ලද ගණිතය ප්‍රශ්න පත්‍රයක් ලැබි තිබුණත් දමිල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන සිසුන්ට ලැබි ඇත්තේ අඩුපාඩු සහිත,ප්‍රශ්නය නිසි පරිදි තේරැම් ගත නොහැකි ප්‍රශ්න පත්‍රයක් බවට ගුරුවරු චෝදනා කරති.
එම ප්‍රශ්න පත්‍රය තමන්ටද තේරැම් ගත නොහැකි එකක් බවද ඔවුහු පැවසුහ.
මේ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්.සමරකෝන් මහතා ගෙන් සිදුකළ විමසුමේදි මෙසේ පැවසිය “ සිංහල මාධ්‍යයෙන් නිකුත් කළ ගණිතය ප්‍රශ්න පත්‍රයම තමයි දමිල මාධ්‍යටත් පරිවර්තනය කර තිබෙන්නේ. එහිදි යම් කිසි අඩුපාඩුවක් සිදුවි තිබෙනවා.”මේ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර කාලෙ ඉඳන්ම ඉස්කෝලවල වාර විභාග වල ප්‍රශ්න පත්‍ර වල මොකක් හෝ අඩු පාඩුවක් තිබ්බම ඒක ඒ විභාගේ අතර මැද්දෙදි ශාලාවට කියවලා නිවැරදි කරවනවා, ඒ ගුරුවරු. දැන් ඉස්කෝලෙන් නෙවෙයි නේ ප්‍රශ්න පත්‍ර හදන්නේ. එතකොට ගුරුවරයා විෂය ආවරණය කරලා තිබ්බෙ නැත්නම් මාට්‍ටු වෙනවා. ඉතින් ප්‍රශ්න පත්‍රයක වැරැද්දක් ආපු ගමන් අර විරෝධය එළියට එනවා.