IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නිල් කටරොළු මලින් දිවිය ජයගත් කතුන්

(දයාරත්න ඇඹෝගම)

ඉහළ ඖෂධීය ගුණයක් ඇති නිල් කටොරොළු මල් වගා කිරිමෙන් ඉහළ ආදායමක් උපයා ගැනීමට හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගම්වාසිහු පිරිසක් සමත්ව සිටිති.

මෙම මල් වගාවෙන් ඉහළ ආදායමක් ලබාගැනිමේ හැකියාව ඇති බව හදුනාගැනීමෙන් පසුව රාජ්‍ය අංශයේ ද මැදිහිත්වීම සහිතව හොරොව්පොතාන ගම්මානවල ජනතාව නිල් කටරොළු වගාවක් ලෙස වැවීමට පටන්ගෙන තිබේ.

ඔසප් වේදනා සමනයට , ආමාශගත රෝග දුරුකර ගැනීමට , ශරීරයේ විෂ ඉවත් විමට රුධිරය පිරිසිදු වීමට , සෙම් රෝග සමනයට , මානසික ආතතිය දුරු කරගැනිමට ආදී බොහෝ රෝගී තත්ත්වයන්ට ඖෂධයක් වශයෙන් නිල් කටරොළු යුෂ පානය හදුනාගෙන ඇත.

මේ නිසාම මෙම මල් සඳහා දේශීය හා විදේශිය වශයෙන් ඉහළ ඉල්ලුමක් ලැබී තිබෙන අතර වගාව සාර්ථකව සිදුකිරිමෙන් ඉහළ ආදායමක් ද උපයා ගැනිමේ අවස්ථාව තිබේ.

කිසිදු ආකාරයක කෘමි නාශක හෝ පොහොර භාවිතයකින් තොරව මෙම වගාව සිදුකරන නිසා වගාකරන්නන්ට මේ වෙනුවෙන් විශාල පිරිවැයක් දරන්නට අවශ්‍ය නැත.

මල් පදුරු සියයක් පමණ වවා ගන්නා අයෙකුට දිනපතාම කිලෝ දහයක් පමණ මල් ලබාගත හැකි බවයි වගාවේ නිරතවන්නන් කියා සිටින්නේ. නිසි ක්‍රමවේදයට වියළිමෙන් අනතුරුව අලෙවිකරණ කරන අතර මල් කිලෝ දහයක් පමණ වියලීමෙන් වියළි මල් කිලෝවක් සදාගැනීමට ද හැකියි.

දැනට බොහෝ දුරට අතරමැදියන් වෙත ග්‍රාමීය ජනතාව මෙම මල් අලෙවි කරණ අතර එක් කිලෝවක් සදහා රුපියල් තුන්දහසක පමණ මුදලක් ඔවුන්ට ලැබේ. වෙනත් කාර්යයන් සිදුකරන අතරවාරයේ දි අමතර ආදායමක් ලැබිය හැකි ඉතා වටිනා වගාවක් වශයෙන් මෙම නිල් කටරොළු මල් වගාව හදුනාගෙන ඇති බව මෙම මල් වගාකරන්නන් සදහන් කරයි.

හොරාව්පතාන කොට්ඨාසය තුල මෙම මල් වගාව ප්‍රචලිත කිරිම සදහා වැඩසටහනක් ආරම්භ කර ඇත්තේ , 2022 වර්ෂයේ දි යි. ඒ හොරොව්පතාන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ මැදිහත්විමෙනි.



අදහස් (1)

නිල් කටරොළු මලින් දිවිය ජයගත් කතුන්

බද්රානි Tuesday, 13 February 2024 09:38 PM

මම මේ නොදන්නා නිසයි අහන්නේ, අර හාදයා කොත්තු හදලා ලබන ලාභයටත් වඩා ලාබයක් ගන්න පුළුවන්ද..? "නිල් කටරොලු මලෙන් උපන් මුනින්ද්‍රයාණෙනී..."

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site