නව විදුලි සබඳතා ගෙවීමේ ක්‍රමයට නව විදුලි සබඳතාවක් ලබා ගැනීමේදී අය කර ගන්නා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමට අවස්ථාව ලබා දෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 March 2024
’’රෝහිත මට ගහන්න හැදුවා’’ රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා අගමැති කාර්යාලය අසලදී තමාට තර්ජනය කර පහර දීමට උත්සාහ දැරූ බව දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 March 2024
රෝහිත කෝප් සභාපති පුටුවට මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ(කෝප් කමිටුව) සභාපති ධුරයට පත් කර ඇත. 07 March 2024
අලි මිනිස් ගැටුමෙන් මහා ගොඩක් පරලොව අලි මිනිස් ගැටුම නිසා 2023 වසරේ පමණක් වන අලි 488ක් සහ මිනිසුන් 188 ක් මිය ගොස් තිබෙන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 07 March 2024
ලසන්ත කෝපා සභාපති පුටුවට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව ) සභාපති ධුරයට අද (7) නැවතත් පත්විය. 07 March 2024
නඩුකාර උන්නාන්සෙගෙ පොත රිලව් ගෙනියනවා ’’අපි උසාවි යන කාලෙ නඩුකාර උන්නාන්සෙගෙ පොත රිලව් ඇවිත් උස්සගෙන යනවා’’ යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වන සතුන්ගෙන් සිදුවන වගා හානි පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අමතමින් පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 March 2024
තේ බී රෝගී වු ගුරුවරියන් 6ක් රෝහලේ පානදුර පාසලක තේ පානය කිරිමෙන් පසු ඇති වු යම් රෝගී තත්ත්වයකින් ගුරුවරියන් හය දෙනෙකු රෝහල් ගත කර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි. 07 March 2024
වෛද්‍ය සිසුවාට වෙඩි තියලා බංග්ලාදේශයේ වෛද්‍ය විද්‍යාලයක, විභාග පැවැත්වෙන අතරතුරේ සිදු කළ වෙඩි තැබීමකින් වෛද්‍ය සිසුවෙක් තුවාල ලැබුවේය. 07 March 2024
තබ්බෝවේ නිතී විරෝධි වැලි කැණිමක් වැ.බ.ප්‍රා.ලේ අණින් නවතී කරුවලගස්වැව තබ්බෝව පාවට්ටාමඩුව නරිඔයට මායිමේ නීති විරෝධී ලෙස දින ගනනාවක් කිපයක් පුරා පවත්වාගෙන ගිය වැලි ජාවාරමක් කරුවලගස්වැව වැඩ බලන ප්‍රාදේශීය ලේකම් ජේ.එච්.එම්.එන්.එස්.ජයපද්ම මහත්මිය නවතා දැමිය. 07 March 2024
පරාටේ ගැන කැබිනට් තීරණය වහා ක්‍රියාත්මක කරනවා පරාටේ නීතිය අත්හිටුවීමේ කැබිනට් තීරණය වහාම ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 March 2024
විදුලි ගාස්තු අඩු වීමට සාපේක්ෂව භාණ්ඩ - සේවා මිල අඩු කළ යුතුයි විදුලි ගාස්තු පහළ දැමීමට සාපේක්ෂව භාණ්ඩ හා සේවා මිල අඩු කළ යුතු බවත් එසේ භාණ්ඩ හා සේවාවල මිල පහළ දැමීමට ව්‍යාපාරිකයන්ට බලපෑම් කළ යුතු බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (7) පැවසීය. 07 March 2024
කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට අනතුරකින් දෑත් අහිමි වූ 45 හැවිරිදි ඉන්දීය ජාතික චිත්‍ර ශිල්පියකුට දෑත් බද්ධ කිරීමේ සැත්කමක් සාර්ථක වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 07 March 2024
පළාත් රාජ්‍ය සේවයෙන් මධ්‍යම රජයට මාරුවීම් අත්හිටුවයි පළාත් රාජ්‍ය සේවයේ ස්ථීර නිලධාරියෙක් මධ්‍යම රජයේ අනුරූපී තනතුරක් සඳහා ස්ථාන මාරු කිරීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ. 07 March 2024
රාජපක්ෂ උවදුර වන සත්ව උවදුරට වඩා දරුණුයි රාජපක්ෂලාගේ දේශපාලනය නිසා ලක්වැසියන්ට වන උවදුර වන සත්ව උවදුරට වඩා දරුණු බව දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමානිකම් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 March 2024
ෂෙල් සමාගමේ පළමු ඉන්ධන නැව 19 වැනිදා එයි මෙරට තුළ ඉන්ධන අළෙවි කිරීමේ අනුමැතිය ලැබුණු ඇමෙරිකානු සමාගමක් වන ෂෙල් - ආර්එම් පාක්ස් සමාගම ආනයනය කරන පළමු ඉන්ධන නැව ලබන 19 වැනිදා කොළඹ වරායට ළගාවීමට නියමිත බව එම සමාගම පවසයි. 07 March 2024
‘අම්බානි‘ගේ මඟුලට උයන්න ලංකාවෙන් 13ක් ගිහින් ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික අම්බානි මහතාගේ බාල පුත් ආනත් අම්බානි ( Anant Ambani ) මහතාගේ විවාහ මංගල උත්සවයේ ආහාර පිසීම සදහා ශ්‍රී ලංකාවෙන් සූපවේදීන් 13 දෙනෙකු තෝරා ගෙන , රැගෙන ගොස් තිබූ අතර ඔවුන් අද(07) උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ . 07 March 2024
රස්තියාදු බල්ලන් ලක්ෂ හැට දෙකක් ලංකාවේ දඩාවතේ යන බල්ලන් ලක්ෂ 62ක් ලංකාවේ සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 March 2024
ඔය ඇමතිකම්වල වැඩේ මොකක්ද විවිධ ණය ලබාගත් පුද්ගලයන්ගේ දේපළ තහනම් කිරීමට බැංකු වලට බලතල ලැබුණු පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය ගත්ත තීරණය ක්‍රියාත්මක නොකර වාණිජ බැංකු අහක බලා ගන්නේ නම් ඔය ඇමතිකම්වල වැඩේ කුමක්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (7) ප්‍රශ්න කළේය. 07 March 2024
දෙකකට පහර දුන්නැයි උඩප්පුව පොලිසියේ එස්.අයිගේ වැඩ තහනම් පුද්ගලයන් දෙදෙනෙකුට පහරදීමක් සම්බන්ධයෙන් උඩප්පුව පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයා ගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 07 March 2024
පන්සිය පනස් ජාතක පොත ඉංගිරිසියට පන්සිය පනස් ජාතක පොත The Revered Book of Five Hundred & Fifty Jataka Stories නමින් ඉංග්‍රීසි බසට පරිවර්තනය කර තිබෙි. 07 March 2024
රියදුරු සිහිසුන්වී බසය ගරාජයකට කඩා වැදිලා:13 ක් රෝහලේ ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක රියදුරු හදිසයේ රෝගී වීමෙන් බසය පාලනය කර ගැනීමට නොහැකිව මැදවච්චිය නගරයේ දී නිවසක් සහිත ගරාජයකකට කඩා වැදී අනතුරකට ලක්ව ඇතැයි පොලීසිය කියයි. 07 March 2024
බෑනාගේ පහරින් මාමා මරුට සිය දියණියගේ සැමියා ගෙන් පහර කෑමට ලක්වු 63 හැවිරිදි පුද්ගලයෙකු රෝහල් ගත කිරිමෙන් අනතුරුව මිය ගොස් ඇතියි හොරොව්පොතාන පොලිසිය කියයි. 07 March 2024
ප්‍රශ්න අතරතුර සුහඳ කතාවක ජනතා ප්‍රශ්න විමසා ඊට විසඳුම් දීම සඳහා සංවිධාන කෙරෙන එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ මහජන දිනය විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් බියගමදී පැවැත්විණි. 07 March 2024
කෘපනිස ගමන් වියදම් දීමනාව ඉහලට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ සේවය කරන කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන්ගේ ගමන් වියදම් දීමනාව රුපියල් 800කින් වැඩි කිරීමට පියවර ගත් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 07 March 2024
සිව්දරු පියා අට්ටාලයෙන් වැටී මරුට සිය කොමඩු වගාව ආරක්ෂා කර ගැනිම සදහා පැල් රකිමින් සිටි 65 හැවිරිදි ගොවියෙකු අට්ටාලයෙන් බිමට ඇද වැටි මෙන් එම ස්ථානයේම මිය ගොස් ඇතැයි සිවලාකුලම පොලිසිය කියයි. 07 March 2024
හිල්ටන් හෝටලය ගන්න ආයෝජකයන් හතර දෙනෙක් කොළඹ හිල්ටන් හෝටලය පෞද්ගලික අංශයේ ආයෝජනයකට ලබාදීම සඳහා සූදානම් කර ඇති අතර මේ විටත් ව්‍යාපාරිකයන් සිව් දෙනකු ඊට ඉදිරිපත් වී සිටින බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය. 07 March 2024
මට්ටක්කුලියේ ගැටුමකට සම්බන්ධ 7ක් අල්ලයි මට්ටක්කුලිය පොකුණ වත්ත හන්දිය අසලදී දෙපාර්ශවයක් අතර සිදුවූ ගැටුමක් සම්බන්ධයෙන් පුද්ගලයන් හත් දෙනකු අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය කියයි. 07 March 2024
නිධන් හාරමින් සිටි 11ක් මාට්ටු ගිරාදුරුකෝට්ට සහ ඌවපරනගම පොලිස් බල ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි පුද්ගලයන් 11ක් පූජා භාණ්ඩ , උදලු අලවංගු ,මැටි පහන්, සුවද දුන් ඇතුලු උපකරණ රැසක් සමඟ අත්අඩංගුවට ගත් බව ඌව පලාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි . 07 March 2024
‘හරක් කටාට‘ පනින්න උදව්කළ බව කියන සැරයන්වරයෙක් අත්අඩංගුවට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න හරක් කටා නමැත්තාට ඉන් පලා යාම සඳහා ආධාර අනුබල දුන් බව කියන පොලිස් සැරයන්වරයකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් 07 March 2024
හොර දොස්තරවරයෙක් බියගමින් අල්ලයි වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බියගම පොලිසිය පවසයි. 07 March 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026