(යොහාන් භාසුර)

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) පසුගිය ජූලි මස ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු තෝරාගෙන තිබේ.

චමරිගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ඉන්දියාවේ පරාජය කරමින් පසුගිය ජූලි මස 28 වැනිදා ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට සමත් විය. චමරි එහිදී තරගාවලිය දක්ෂතම ක්‍රීඩකාව ලෙස ද සම්මාන ලැබුවාය.