
(අංජුල මහික වීරරත්න)
වැවිලි සමාගම් වලට බදු දී තිබෙන ලැයින් කාමර පිහිටි ඉඩම් වල බදු ගිවිසුම් අහෝසි කර එම ඉඩම් නැවත රජයට පවරා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙරට ඉතිහාසයේ පළමු වතාවට වතු ලැයින් කාමර වල ජීවත්වන ජනතාවට ගම්මානයක ජීවත්වීමේ අයිතිය ලබා දීම වෙනුවෙන් මෙම පියවර ගන්නා බව ජනාධිපතිවරයා කීය.
වතු ජනතාවට ඉඩම් අයිතිය ලබාදී නිවාස ඉදිකර ගැනීමට ද රජයේ සහාය ලබා දෙන බව පැවසු ජනාධිපතිවරයා ඒ ආශ්රිත ප්‍රදේශ වල ක්‍රීඩා පිටි වැනි පොදු ස්ථාන ඇති කළ හැකි ඉඩම් ද රජයට පවරා ගැනීමට කටයුතු කරන බව සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි නුවරඑළිය දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් සමඟ පැවති හමුවකට නුවරඑළියේ දී සහභාගී වෙමිනි.
නුවරඑළිය ව්‍යාපාරික ප්‍රජාව මුහුණ දී සිටින ගැටළු පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරුණු අතර ප්‍රදේශයේ සංවර්ධනයට අදාළ යෝජනා රැසක් ද ඔවුහු ඉදිරිපත් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණ දිනය දක්වා මෙම ප්‍රකාශය වලංගුවේ.
දැන් කී පාරක් මෙවැනි බොරු කීවාද දැන් නම් වතු ජනතාව ඕවාට රැවටෙන්නේ නැහැ...
ඒක තමයි මීට ඉහළ එකේ සජිත් කලබල වෙලා තියෙන්නේ. එයාට රනිල් ගෙන් තව හුඟක් දේවල් ඉගෙන ගන්න වෙයි වගේ.
ඇත්ත, ඉදිරියට මේ මිනිස්සු වතු රැකියා කිරීමට බැරිය. නවීන තාක්ෂණය සමග රැකියා ප්‍රමාණය අවම වේ. කැමැති පිරිස් වලට වතුවලින් ඈත් වෙලා රටේ මුඩු බිම් නව නගර, ගම්මාන බවට පත්කරලා පදිංචි කරන්න ඕනේ .. උතුරු, නැගෙනහිර නව ගොවිබිම්... කර්මාන්ත ඇති කරන්න ඕනේ .. දරුවන්ට වෘත්තීය පුහුණුව දෙන්න ඕනේ, අනික කදුකර ජනගහණය වැඩි වීම පාරිසරක ගැටළු වලටත් මුලක් .. දීර්ඝ කාලීනව මේ පිරිස් පහත රට අයගේ ගොවිබිම් වලට යවන්න ඕනේ, ඔය දෙමළ ප්‍රශ්න ගැන අඬන අය මෙයාලාට උතුරේ ඉඩම් දෙනවාට කැමැති නෑ.. ඉගෙන ගන්නවට කැමැති නෑ.. වතුකරය කියන නායකයෝත් ඒකට කැමැති නැ. මොකද එයාලාට ඡන්ද ටික නැති වෙන නිසා. මේක තමයි ඕනේ වෙන්නේ.. වතුකරයටයි... රොබෝලා, ඩ්‍රෝන එන එක අත ළඟයි.. මුක්කු ගහන්න එපා. රටක් විදියට නැගිටින්න බලමු...