යුද කැබිනට්ටුව ගැන බෙන්ජමින් තීරණයක් ගන්න යයි සාමාජිකයන් සය දෙනකුගෙන් යුත් ඊශ්‍රායල යුද කැබිනෙට්ටුව විසුරුවා හරින බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රකාශ කර ඇතැයි අද (17) එරට මාධ්‍ය වාර්තා කළේය. 17 June 2024
ගුවන් හමුදා නව මාධ්‍ය ප්‍රකාශක ගීගනගේ ගුවන් හමුදා මාධ්‍ය අධ්යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස ගෘප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පත් කර ඇත. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් මෙම පත්වීම සිදු කර තිබේ. 17 June 2024
පොසොන් සතිය ඇරඹෙයි අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ශ්‍රී ලංකා ආගමනය සිහිපත් කෙරෙන එළඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් පොසොන් සතිය අද (17) සිට ආරම්භ කෙරෙයි. 17 June 2024
ඕස්ට්‍රේලියන් ගුවන් යානයක් උඩු ගුවනේදී ගිනිගනියි ඕස්ට්‍රේලියාව බලා පියාසර කරමින් තිබූ වර්ජින් ඕස්ට්‍රේලියා ගුවන් සේවයට අයත් බෝයිං 737-800 වර්ගයට අයත් ගුවන් යානයක එන්ජිමක උඩු ගුවනේදී ගින්නක් හට ගැනීම හේතුවෙන් නවසීලන්තයේ ඉන්වර්කාගිල් ගුවන් තොටුපොළට ගොඩබා ඇත. 17 June 2024
’’ඇමතිවරුන්ගෙන් රාජ්‍ය බැංකුවලට කෝටි 65000ක පොලු’’ බදු ගෙවිය හැකිවුවද නොගෙවන පුද්ගලයන්ගෙන් බදු අයකරගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් ආණ්ඩුවට එය කිරීමට නොහැකිනම් මාස හයකට වගකීම භාරදුන හොත් කර පෙන්වන බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (17) පැවසීය. 17 June 2024
බඳින තුවක්කුව පත්තුවී මුරකරු මරුට මන්නාරම, සිලාවතුර පරප්පකණ්ඩාල් හි කජු සංස්ථාවට අයත් ගොවිපොලේ මුරකරුවකු එහි රාජකාරී කරමින් සිටියදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් මියගොස් අැතැයි සිලාවතුර පොලිසිය කියයි. 17 June 2024
කොරියන් විද්‍යාඥයෝ මස් රයිස් හදලා දකුණු කොරියාවේ සෝල් අගනුවර විද්‍යාඥයන් පිරිසක්, හරක් මස් සෛල මුසු කළ අලුත් සහල් වර්ගයක් නිර්මාණය කර තිබේ. 17 June 2024
සභාපති ධූරයෙන් අස් වුණේ නඩු දැමූ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වූයේ වලව්වේ පුංචි නෝනා නඩු දමා වාරණ නියෝග ලබාගත් නිසා යයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය 17 June 2024
ගුවන් යානය කැඩිලා නවසීලන්ත අගමැති මගී යානයකින් යයි ජපානය බලා යමින් සිටියදී නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලුක්සන්ගේ නිල ගුවන් යානයේ දෝෂයක් හටගත්තේය. දෝෂය හේතුවෙන් අග්‍රාමාත්‍යවරයාට සාමාන්‍ය ගුවන් යානයක මගීන් අතරේ අසුන් ගෙන ජපානය බලා යෑමට සිදුවිය. 17 June 2024
සැකකරු පලා ගියේයැයි පොලිසියේ දෙන්නෙක් අත්අඩංගුවට හලාවත කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය හෙරෝයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු දින හතක රැඳවුම් නියෝග මත හලාවත පොලිස් ස්ථානයේ රඳවා සිටියදී එම සැකකරු සිරමැදිරියෙන් පලායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව හලාවත පොලීසිය පවසයි. 17 June 2024
මාලිගාවත්තේ උත්සව ශාලාවක ගින්නක් මාලිගාවත්ත ජයන්ත වීරසේකර මාවතේ උත්සව ශාලාවක අද (17) ඇතිවූ ගින්නකින් දේපොළ හානි සිදුවී ඇති බව මාලිගාවත්ත පොලිසිය පවසයි. 17 June 2024
හජ් උත්සවය අදයි ඉස්ලාම් ධර්මය අදහන බැතිමතුන් ඉමත් බැතියෙන් සමරන හජ් උත්සවය අද (17) දිනයට යෙදී තිබේ. 17 June 2024
ඉන්දියාවේ දුම්රිය අනතුරක් නැගෙනහිර ඉන්දියාවේ දුම්රිය දෙකක් ගැටී සිදුවුණු අනතුරින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුරින් තවත් 30 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. අනතුර සිදුවූයේ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් සහ මගී ප්‍රවාහන දුම්රියක් ගැටීමෙනි. 17 June 2024
පොලිසියට පාට් දැමූ අයෙක් අත්අඩංගුවට බීමතින් කළහකාරීව හැසිරුණු පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී අත්බෝම්බයකින් ගසා පොලිස් නිලධාරීන් මරා දමන බව කියා පොලිස් නිලධාරීන් සිවු දෙනකුට පොල්ලකින් පහරදුන් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව මොරවැව පොලිසිය පවසයි. 17 June 2024
පොලයක් හිසට වැටී සිඟිතිය අවසන් ගමනේ ගලහා දෙල්තොට ප්‍රදේශයේදී පියාගේ ඇකයේ සිටි මාස 11 ක් වු දියණියගේ හිසට පොල් ගෙඩියක් වැටීමෙන් එම දරුවා මියගොස් ඇතැයි ගලහා පොලිසිය පවසයි. 17 June 2024
මගී අධිකාරියේ තුනක් හොර සහතිකවලින් ලොක්කෝ වෙලා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රධානීන් තිදෙනෙකු ව්‍යාජ සහතික ඉදිරිපත් කර එම තනතුරු ලබාගෙන ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණයවී ඇත. 17 June 2024
‘අයිස්’ සමඟ තිදෙනෙක් කොටුවෙයි දිගු කලක සිට අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි බව කියන සැකකරුවෝ තිදෙනෙක් ත්‍රිරෝද රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී බොරැල්ල පොලිස් වසමේ ගොරකගහ පාර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 17 June 2024
ඡන්ද පෙට්ටි ’’පොලිෂ්’’ කරයි ඉදිරි ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ඡන්ද පෙට්ටි සූදානම් කරන ලෙස නිලධාරීන්ට දැනටමත් උපදෙස් දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය. 17 June 2024
ජනපති ඡන්දෙට මම එනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියයට පනස් එක ලෑස්ති වුණොත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ තමා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා පැවසීය. 17 June 2024
ඉදිරි වසර පහ ලංකා අනාගතය තීරණය කරනවා ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්තිය මත ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 17 June 2024
පොරොවක් අතැතිව කලහ කළ අයකුට පොලිසියෙන් වෙඩි යුරෝ පාපන්දු තරඟාවලියට සමගාමීව, ජර්මනියේ හැම්බර්ග් නුවර පැවැති සංදර්ශන පෙළපාළියක් අතරතුරේ, කෙටි පොරොවක් අතැතිව කලහකාරීව හැසිරුණු අයකුට පොලිසිට වෙඩි තැබීය. 17 June 2024
යුද්ධය නවත්වන්න පුටින්ගෙන් කොන්දේසි යුක්රේනය රුසියාවට යටත් වී, රුසියාව විසින් අත්පත් කරගෙන සිටින යුක්රේනයේ නැගෙනහිර පළාත් හතරක බලය සම්පූර්ණයෙන් රුසියාවට ලබා දී, ‘නේටෝ’ සාමාජිකයකු වීමේ සිතුවිල්ල ද සම්පූර්ණයෙන් බැහැර කරන්නේ නම් පමණක් යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය අවසන් කරන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත. 17 June 2024
එක්වදෝරයේ නායයෑමක් 6 ක් මරුට: 30 ක් අතුරුදන් ලතින් ඇමෙරිකාවට අයත් එක්වදෝරයේ, සිදුවුණු නායයෑමකින් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මඩ සහ පස් තට්ටු යට සැඟවී අතුරුදන් වුණු පිරිස 30 කට වැඩිය. 17 June 2024
උප ජනපති අවමංගල පෙරහර 4 ක් බිලි ගනී දේහය රැගත් රිය පෙරහර වීදි සංචාරය කරද්දී, එම රථ පෙරහරට අයත් එක් මෝටර් රථයක් උප ජනාධිපතිවරයාට අවසන් ගෞරව දැක්වීමට මඟ දෙපස පොරකමින් සිටි ජනතාව අතරට කඩා වැදුණි. 17 June 2024
පදික මාරුවෙන් ගමන් කළ පිය-පුතු හැප්පූ චීන ජාතිකයා අත්අඩංගුවට කළුතර නගරයේ පදික මාරුව මතින් පාර මාරුවෙමින් සිටි පිය පුතු යුවළක් චීන ජාතිකයින් පිරිසක් ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථයක ගැටී සිදු වූ අනතුරින් පියා මියගොස්, පුතා තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි. 17 June 2024
උඩරට දුම්රිය ධාවනය පෙර පරිදිම ටිකිරි මැණිකේ දුම්රිය පීලි පැනීමෙන් අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (17) අලුයම සිට සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පැවසීය. 17 June 2024
තැනින් තැන අදත් වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 17 June 2024
මිනී මරා සැඟවෙන්න බැරි වේ කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ නිවසකට කඩා වැදි පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මීගොඩ ගොඩගම නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 17 June 2024
මෝටර් රථ අනතුරින් කොළඹ පැත්තකට වතුර නෑ හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේ දී අද (17) අළුයම මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ලබුගම ජලාශයේ සිට කොළඹට ජලය රැගෙන යන විශාල නලයක ගැටීමෙන් සිදු වූ අනතුරින් නල මාර්ගය පුපුරා ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. 17 June 2024
කොල්ල කල්ලියක් ගිනි අවි සමග මාට්ටු ගිනි අවි පෙන්වා දේපළ කොල්ලකෑමේ යෙදුණු කල්ලියක සැකකරුවන් තිදෙනකු ගිනි අවි අත්බෝම්බ, උන්ඩ, පිහියා ඇතුළු දේපල රැසක් සමග අත්අඩංගුවට ගත් බව බඩල්ගම පොලිසිය කියයි . 16 June 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026