
( මහින්ද නිශ්ශංක)
ඉන්දියාවෙන් දෙවන වරටත් ආනයනය කරන බිත්තර කෝටි තුනක පළමු තරගය මේ මාසයේදී මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සදහන් කරයි.
මෙවර බිත්තර ආනයනය කිරීම සම්බන්ධයෙන් ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු මේ වනවිට සිදුවන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.
වැට් ඇතුළු රජයේ බදු ගෙවා බිත්තර ආනයනය කෙරෙන බවත් මීට පෙර මෙන් ආනයනය කරන එම බිත්තර ලංකා සතොස හරහා ජනතාවට අලෙවි කිරීමට
පියවර ගෙන ඇතැයි ද සභාපති ආසිරි වලිසුන්දර මහතා සදහන් කළේය.
මේ වනවිට දේශීය වෙළදපොළේ බිත්තරයක් රුපියල් 50 ඉක්මවා අළෙවි කිරීම හේතුවෙන් යළි බිත්තර ආනයනය
කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය ලැබුණු බවත් පැවසූ ඔහු දේශීය බිත්තර වෙළෙදුන් අසීමිත ලෙස බිත්තර වලින් ලාභ ලබන බවත් පැවසිය.
මීට පෙර බිත්තර ආනයනය නතර කිරීමෙන් පසු බිත්තර වෙළෙදුන් වැඩි මිලට බිත්තර අලෙවි කරමින් පාරිභෝගිකයන් ගසාකෑ බවද ඉන් පාරිභෝගිකයින්ට විශාල අසාධාරණයක් සිදු වූ බව සභාපති ආසිරි වලිසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවෙන් ණය අරගෙන, ඒ ණය වලින් බිත්තරත් අරගෙන, ඒ බිත්තර වලට බදු ගහලා මිනිස්සුන්ට විකුණලා ඒ බදු සල්ලි වලින් ආයෙත් ණය ගෙවන රජයකින් රටේ පුරවැසියන්ට කුමන ප්‍රයෝජනයක්ද?
අර එක්කෙනෙක් වහසි බස් දෙඩුවා නේද? බිත්තර සහ කුකුළු මස් චීනයට අපනයනය කරන්න සැලසුම් කරලා තියනවා කියලා... එයා දැන් කොහේද දන්නෑ. සමහර විට ඉන්දියාවෙන් ආනයනය කරලා චීනයට ප්‍රති අපනයනය කරන්න හිතුවාද දන්නෑ. එක අතකට අවුලකුත් නෑ, ඒ ගොල්ලෝ මොනවා කිව්වත් හුරේ කියන පාක්ශිකයෝ ටිකකුත් ඉන්නවානේ...
මෙය තවත් වංචාවකි. ඉන්දියාවෙන් ගෙන්වන ඊනියා බිත්තර යනු බිත්තර නොව ඵය රසායනික ද්‍රව්‍ය වන අතර, ඊනියා ඇමතිවරුන්ට කොමිස් වශයෙන් ඩොලර් මිලියන ගණනින් මුදල් සහ මහජනතාවට ඉතුරැවන්නේ පිළිකා වැනි ලෙඩරෝග පමණි.
රාජ්‍ය පරිපාලන 14/2024 චක්‍රලේඛය මගින් විශ්‍රාමිකයින්ට ගෙවීමට නියම කළ දීමනා ගෙවීම හොඳ නැහැ. ණයට හරි බිත්තර ගෙනැවිත් කන්න දීම හොඳයි...
ජේවිපී උසිගැන්වීමට බිත්තර මිල ඉහල දාපු ජාවාරම්කාරයන්ට නියම වැඩේ. රනිල් ළඟ ඔය හැම කඩාකප්පල් වැඩකටම බෙහෙත් තියෙනවා.
රුපියල ගානේ ගෙව්වත් රුපියල් කෝටි තුනක් ඉන්දියාවට නේද? ඒ වගේම බිත්තර කොන්ත්‍රාත්තුවෙන් එක බිත්තරයකින් රුපියලක් හම්බු වුණත් රුපියල් කෝටි තුනක් සාක්කුවට නේද?