
(ටී.කේ.ජී.කපිල සහ යොහාන් බාසුර )
ශ්‍රී ලංකාව තුළ අලෙවි කිරීම සදහා ජීවී මත්ස්‍යයින් සහ කැස්බෑවන් 365 දෙනෙකු රැගෙන පැමිණි ගුවන් මගියෙකු රේගු ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ සහ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අද (10) අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු කොළඹ , තළවතුගොඩ ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඔහු සිය මිතුරෙකුට මෙම මත්ස්‍යයින් සහ කැස්බෑවන් තොගය ලබා දීම සදහා ගෙන ආ බව රේගු නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ .
මොහු අද අලුයම 12.35 ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් සිය ගමන් මලු තුළ සගවා ගෙන මෙම සතුන් රැගෙන විත් තිබූ අතර ඔවුන් අතර ඇරවානා , මඩු , කැට් පිෂ් සහ කැස්බෑවන් සිටින අතර ඔවුන්ට කටුනායක ගුවන් තොටුපොළේ දී යළිත් ඔක්සිජන් වායුව ලබා දීමට ද පියවර ගෙන තිබුණි .
රේගු ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබූ අතර , මෙම පුද්ගලයා අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් ආරම්භ කර තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd