
(විමුක්ති එස් රුද්‍රිගු)
පැයක් ඇතුළත සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස "වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයෝ" ව්‍යාපාර කළ දැනුම්දීම පිළිගනිමින් බංග්ලාදේශ අග විනිසුරු ඔබයිදුල් හසාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය.
නව අන්තර්වාර රජයේ උපදෙස් නොමැතිව අග විනිසුරුවරයා සියලු විනිසුරුවන්ගේ සහභාගීත්වයෙන් රැස්වීමක් පවත්වා ඇති අතර එය දැනගත් "වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයෝ" ව්‍යාපාරය ප්‍රමුඛ විරෝධතාකරුවන් සිය ගණනක් ශ්‍රේෂ්ඨාධිකරණය වටලා සියලුම විනිසුරුවන්ට ඉල්ලා අස්වෙන ලෙස දැනුම් දී ඇත.
එම අවස්ථාවේදී අග විනිසුරු ඔබයිදුල් හසාන්ට වහාම ධුරයෙන් ඉවත්වන ලෙස විරෝධතාකරුවන් දැනුම් දී ඇති අතර එම අවස්ථාවේදී අග විනිසුරුවරයා එම ස්ථානයෙන් පලා ගොස් ඇතැයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේය. විනිසුරුවරුන් කුමන්ත්‍රණයක් කරන බව විරෝධතාකරුවන් චෝදනා කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙත් තියෙනවා නීතිය කියලා මකුලුදැලක්. පොඩි එව්වො පැටලෙනවා, ලොකු එව්වො කඩා ගෙන යනවා ඒක. මොනතරම් වැරැදිකාරයො හිටියත් ලොක්කන්ට ඔ්න විදිහටයි නීතිය හැසිරෙන්නෙ. පංචපුද්ගල ත්‍රිපුද්ගල කිය කියා දාන විනිසුරු කන්ඩායම් ඒ ලොක්කන්ට අහවල් පැත්ත පුදලා වැරදිකාරයො නිදොස් කොට නිදහස් කරනවා. මහදවල් ඇස්පනාපිට හොරකම් කරපු නීලකාස හොරු. මෙන්න ටික දවසක් ගියාම සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස්. විනිසුරුවරුම නීතිය එලිපිටම කඩනවා. නිල නිවාසෙට හොරෙන් ලයිට් ගන්නවා. ගෑනු දූෂණය කරනවා. තවත් උන්නැහැ කෙනෙක් හිටියා ඇත්දල රාජසන්තක කරලා ඒවා තමන්ට කැමති පන්සල්වලට පූජා කරලා ජනාදිපතිවරනෙට එන්ටත් හදාපු. මෙහෙම හොර නීති ලොක්කො ලංකාවෙත් ඉන්නවා. උන්නැහැලාත් තමන්ගෙ තනතුරුවලින් අස්වෙනව නං කොච්චර හොඳද?
කුහක ජෙප්පෝ ලෝකයටම පිළිලයක්
දැන් සියල්ල පාළනය කරන්නෙ මේ පොකරු ගැසුණු බාළයින්. දැනටමත් රට ආර්ථික , සමාජීය වශයෙන් වසර ගණනාවක් පස්සට ගිහින්. එහි ඵල විපාක දැනෙනකොට ඔවුන් පමා වැඩියි.
දේශපාලුවන් විසින් තමන්ට හිතවාදීන් රජයේ තනතුරුවලට පත්කරගත්තම පුපුරා යන වෙලාවට දැවැන්ත විනාශයක් සිද්ධ වෙනවා. මේවා හොඳ පාඩම්. බංගලාදේශයේ රාජ්‍ය යාන්ත්‍රණය අන්ත දූෂිත බව මෙයින් පෙනී යනවා. එකවර පුපුරා ගියත් කාලයක් සිට පැවතුනු අසාධාරණයේ ප්‍රතිපලයක්.
මෙහෙත් හිටියනෙ අග විනිසුරු වෙන්න බලාගෙන ඉදිරියෙන්ම හිටිය කුඩුවලින් යැපෙන අය.