
(ජේ.ඒ.එල්.ජයසිංහ සහ තෙල්දෙණිය චන්දන උඩුවාවල)
හීලෑ අලි ඇතුන් නොමැති නිසා මෙවර මහනුවර ඇසළ පෙරහරේ සතර මහා දේවාලවල කරඩුව වැඩම වන හස්තියා දෙපස දෑලේ ඇතුන් ගමන් නොකළ බව සමස්ත ලංකා බස්නායක නිළමේ වරුන්ගේ සංඟමයේ සභාපති මහනුවර ශ්‍රී පත්තිනි දේවාලයේ බස්නායක නිළමේ හේමන්ත බණ්ඩාර හේරත් මහතා පවසයි.
වෙනත් වසරවලදී එක් දේවාල පෙරහරක ඇලි ඇතුන් 20ක් පමණ ගමන් කරන අතර මෙවර ගමන් කර ඇත්තේ අලි ඇතුන් 5 වැනි ඉතා සුළු ප්‍රමාණයකි.
ශ්‍රී විෂ්ණු , ශ්‍රී කතරගම, ශ්‍රී නාථ සහ ශ්‍රී පත්තිනි යන දේවාලවල පෙරහරවලට උග්‍ර ලෙස අලි ඇතුන් හිඟ බව ද සමස්ත ලංකා බස්නායක නිළමේ වරුන්ගේ සංඟමයේ සභාපති මහනුවර ශ්‍රී පත්තිනි දේවාලයේ බස්නායක නිළමේ හේමන්ත බණ්ඩාර හේරත් මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියවන්නාවේ හරි, සිරිකොත පැත්තේ හරිගියා නම් හොයාගන්න බැරි වෙන එකක් නැහැ...
ඇයි සිරිකොතේ අලි ටික දැන් හිලෑ නැද්ද?
ඡන්දෙන් පසුව ඔය ටිකත් නැතිවෙයි.
පාරම්පරිකව පෙරහැර පැවැත් වුවද, අලි ඇතුන් අමානුෂික ව රදවා ගැනීම සහ මිනිසාට අවනත කර ගැනීම ගැන මගේ විරුද්ධත්වය පල කරමි
දළදා මාළිගාවටයි දේවාල ටිකටයි දවසට ලක්ෂ ගණන් ලැබෙනවා....අලි ටිකක් ඇරන් නඩත්තු කරන්න බැරිද? ඒකත් නෑ කිය කිය වැලලෙන්න හදනවා
මේ කාලකණ්ණි දේශපාලකයින් නිසා තමයි.