IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


අලි ඇතුන් නැතිව මහනුවර දේවාල පෙරහරේ දෑල නොයයි

(ජේ.ඒ.එල්.ජයසිංහ සහ තෙල්දෙණිය චන්දන උඩුවාවල)

හීලෑ අලි ඇතුන් නොමැති නිසා මෙවර මහනුවර ඇසළ පෙරහරේ සතර මහා දේවාලවල කරඩුව වැඩම වන හස්තියා දෙපස දෑලේ ඇතුන් ගමන් නොකළ බව සමස්ත ලංකා බස්නායක නිළමේ වරුන්ගේ සංඟමයේ සභාපති මහනුවර ශ්‍රී පත්තිනි දේවාලයේ බස්නායක නිළමේ හේමන්ත බණ්ඩාර හේරත් මහතා පවසයි.

වෙනත් වසරවලදී එක් දේවාල පෙරහරක ඇලි ඇතුන් 20ක් පමණ ගමන් කරන අතර මෙවර ගමන් කර ඇත්තේ අලි ඇතුන් 5 වැනි ඉතා සුළු ප්‍රමාණයකි.

ශ්‍රී විෂ්ණු , ශ්‍රී කතරගම, ශ්‍රී නාථ සහ ශ්‍රී පත්තිනි යන දේවාලවල පෙරහරවලට උග්‍ර ලෙස අලි ඇතුන් හිඟ බව ද සමස්ත ලංකා බස්නායක නිළමේ වරුන්ගේ සංඟමයේ සභාපති මහනුවර ශ්‍රී පත්තිනි දේවාලයේ බස්නායක නිළමේ හේමන්ත බණ්ඩාර හේරත් මහතා ප්‍රකාශ කළේය.

 



අදහස් (10)

අලි ඇතුන් නැතිව මහනුවර දේවාල පෙරහරේ දෑල නොයයි

ගමේ එකාලා Sunday, 11 August 2024 04:42 PM

දියවන්නාවේ හරි, සිරිකොත පැත්තේ හරිගියා නම් හොයාගන්න බැරි වෙන එකක් නැහැ...

:       9       33

Samantha Sunday, 11 August 2024 05:45 PM

දිගු කලක සිටම මාලිගාවේ දෑලේ ඉන්නවා කියලා අමතක කරන්න එපා. ඒත් සිරිකොතට නම් සම්බන්ධ නැහැ කියලා හිතෙනවා

:       5       9

Ruwan De Silva Sunday, 11 August 2024 05:05 PM

ඇයි සිරිකොතේ අලි ටික දැන් හිලෑ නැද්ද?

:       8       20

Nandalal de Silva - France Sunday, 11 August 2024 05:44 PM

කවද්ද සිරිකොතේ අලි ඇතුන් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ගමන් කළේ? සිරිකොතේ අලි, ඇතුන් ඉන්නේ රට පාලනය කරන්න මිසක් ධාතු කරඬු වැඩම කරවීමට නොවෙයි..!

:       10       7

ක්‍රිශාන්ත Sunday, 11 August 2024 08:03 PM

සහතික ඇත්ත ඒත් පොහොට්ටුවේ කට්ටිය නම් එක් පැත්තකින් ආණ්ඩුව කරන අතරේ අනෙක් පැත්තෙන් ලොකු දේවාලවල ලොකු තැන් අත්පත් කරන අතරේ මාළිගාවේත් පාලනය කරන්නේ නැහැ කියලා කියන්න පුළුවන්

:       9       1

Nimal 1 Sunday, 11 August 2024 07:45 PM

ඡන්දෙන් පසුව ඔය ටිකත් නැතිවෙයි.

:       1       13

Mala Amarasinghe Monday, 12 August 2024 09:40 AM

පාරම්පරිකව පෙරහැර පැවැත් වුවද, අලි ඇතුන් අමානුෂික ව රදවා ගැනීම සහ මිනිසාට අවනත කර ගැනීම ගැන මගේ විරුද්ධත්වය පල කරමි

:       11       5

JayasekaraMonday, 12 August 2024 09:55 AM

වනාන්තර වල ඉන්න අලි ඇතුන්ට මිනිසුන්ගෙන් වෙන දරුණු විනාශය සහ හිංසාවන් ගැන මගේ විරුද්ධත්වය පළ කරයි

:       0       17

පසියා Monday, 12 August 2024 09:51 AM

දළදා මාළිගාවටයි දේවාල ටිකටයි දවසට ලක්ෂ ගණන් ලැබෙනවා....අලි ටිකක් ඇරන් නඩත්තු කරන්න බැරිද? ඒකත් නෑ කිය කිය වැලලෙන්න හදනවා

:       15       2

fairoos Monday, 12 August 2024 11:37 AM

මේ කාලකණ්ණි දේශපාලකයින් නිසා තමයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site