IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ජේලර්ගේ නිවෙසින් ගිනි අවි සහ කුඩු මතුවේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බන්ධනාගාර මූලස්ථානයේ ජේලර්වරයකු ගේ රාජගිරිය මාදින්නාගොඩ නිවසක සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.

එම නිවසේ සඟවා තිබූ ටි 56 ගිනි අවියක්, මැගසිනයක් , එම ජීව උණ්ඩ 350 ක් මයික්‍රෝ වර්ගයේ පිස්තෝල ගිනි අවියක්, මැගසිනයක් , 9 එම් එම් වර්ගයේ ජීව උන්ඩ 50 ක් 5.56 වර්ගයේ ජීව උණ්ඩ 8 හොරයින් මත්කුඩු ගෑම් 6 ක් ගංජා මිලිග්‍රෑම් 700 ක් කුෂ් මත්ද්‍රව්‍ය මිලිගෑම් 200 පොලිස් භාරයට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන පොලිස් මත්ද්‍රවනාශක කාර්යාංශයේ රඳවා තබාගෙන සිටි සැකකරුවකුගෙන් සිදුකරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් වශයෙන්  සැකකරු අනාවරණය කළ තොරතුරු අනුව පිස්තෝල ගිනි අවියක් සොයාගෙන ඇති අතර එම සැකකරුගෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනවලදී ජේලර්වරයා සතුව තිබෙන ගිනි අවි සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී යැයි පොලිසිය කියයි.

ඒ අනුව ජේලර්වරයාගේ නිවසේ උඩුමහලේ කාමරයක රහසිගත කුටියක සඟවා තිබූ මෙම ගිනි අවි, සහ මත්ද්‍රව්‍ය සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

 



අදහස් (1)

ජේලර්ගේ නිවෙසින් ගිනි අවි සහ කුඩු මතුවේ

fairoos Sunday, 11 August 2024 11:40 AM

පාතාලය ඉන්නේ පොලිසිය ඇතුලෙනේ

:       1       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 587 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site