
(ෂේන් සෙනෙවිරත්න )
පොල්ගොල්ල මහවැලි අධ්‍යාපන විද්‍යා පීඨයේ සිට වසරක සීමාවාසික පුහුණුවක් සඳහා මාතලේ විජය විද්‍යාලයට ගිය තරුණ ගුරුවරියකගේ මුහුණට නිරුවත් ඡායාරූපයක් බද්ධකොට සමාජ මාධ්‍යයට මුදා හල බව කියන එම විදුහලේ 14 හැවිරිදි සිසුන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
එම තරුණ ගුරුවරිය නැටුම් ගුරුවරියක ලෙස පුහුණුවීම සඳහා එම විදුහලට අනුයුක්ත කොට ඇති අතර ඇයගේ නිරුවත් ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ සැරිසරනු දැක ඇය ඒ සම්බන්ධයෙන් මාතලේ පොලිසියට පැමිණිල්ලක් සිදුකිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයෙන් අනතුරුව එම විදුහලේ 10 වසරේ ඉගෙනුම ලබන සැකකාර සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම කාලකන්ණි ළමයි මොවුන්. මේ වගේ අය සමාජෙට ඇවිත් වගකීම් ගන්නකොට කොහොම තියේවිද?
මේවගෙ අසික්කිත වැඩ පාසැල් ශිෂ්‍යයන්ගෙන් බලාපොරොත්තු නොවේ. මොවුන් වැඩිහිටියන් ලෙස සමාජයට ගියදාට මොනවා නොකරයිද?
වෙන මොනවාත් නෙමෙයි දෙමාපියන්ගේ වැරැද්ද
තරුණ ගුරුවරිය සමග ද්වේශයෙන් පසු වී ඇති වගක් හැඟෙන මේ දෙදෙනාගේ පවුල් පසුබිම සොයා බලන්න. ජෙවිපියට සබඳකමක් ඇති වග දැන ගැනීමට ලැබීමේ සම්භාවිතාවක් පවතී. කිම්ද යත්, වෛරය, ක්‍රෝධය හොඳින් ප්‍රගුණ කර ඇත්තේ ඔවුන් නිසාවෙනි.
ළමයි වුණාට දැඩි දඬුවම් දෙන්න ඕනෑ. එතකොට දෙමාපියන්ගේත් ඇස් ඇරේවි. දෙමාපියන් දරුවන්ට අනවශ්‍ය විදියට ෆෝන් භාවිතයට ඉඩ දීමේ ප්‍රතිඵල තමයි මේ...
මේ මැක්ස් කියන මන්ද මානසිකයාගේ ජවිපෙ භීතිකාව උත්සන්න වී ඇත. මොවුන් පත්කළ පාලකයින් රටට කළ විනාශය විවිධ මුහුණුවරින් කළ එළි බසිමින් පවතී. සංඝ සමාජය බේද කර ඇත. කුඩු ජාවාරම් වඩවා පාසල් අසල කුඩු අලෙවිකරන තත්වයට පත් කර ඇත. මත්පැන් බලපත් ගමකට දෙක ගානේ දී ඇත. මෙවන් පාලකයින් පත්කළ අය ජවිපෙට දෙස් දෙවොල් තබා හිත හදාගනී. ජවිපෙ නොවේ නම් අද ළමා පරපුරට යන එන මං නැතිවනු නොඅනුමානයි. ජවිපෙ තමයි රටේම අවසාන බලාපොරොත්තුව...!
වර්තමාන මාණ්ඩලික ප්‍රධානි, යුද හමුදාපති, නාවික මාණ්ඩලික ප්‍රධානි ඉගෙන ගත්තු පාසලේ තත්වේ හරිම සොචනීයයි. ළමයි ගැන දෙමාපියන් ගුරුවරු මිට වඩා අවදානය යොමු කරන්න ඕනෑ.
මේ දෙන්නව මහපාරේ නිරුවතින් දණ ගැස්විය යුතුයි. මේ විදිහට කෙනෙකුට, දෙන්නෙකුට කලානම් ඔය එක්කොම නවතිනවා.