
(ප්‍රසාද් රුක්මල්)
කඩිගමුව - ඉහල කෝට්ට දුම්රිය ස්ථාන දුම්රිය මාර්ගයේ දී ඉන්ධන ප්‍රවාහන දුම්රියක් මතට ඊයේ (11) රාත්‍රි විශාල මාරගසක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .
රබුක්කන සිට මහනුවර බලා ඉන්ධන ප්‍රවාහනය කළ මෙම දුම්රියේ ඉන්ධන ටැංකියක් මතට දුම්රිය මාර්ගය අසල පිහිටි විශාල මාරගසක් එක්වරම කඩා වැටී ඇති බවත් එහි ප්‍රකාශයෙක් පැවසීය .
මේ නිසාවෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය රඹුක්කන දුම්රිය ස්ථානයේත් , බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රිය කඩුගන්නාව දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කළේය .
ඉන්ධන ප්‍රවාහන දුම්රිය මතට කඩා වැටී ඇති විශාල මාර ගස කපා ඉවත් කිරිමට කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් මේ නිසාවෙන් උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනය ප්‍රමාද වීම් සිදු වෙන බවද දුම්රිය පාලක මැදිරිය පවසයි .

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.