
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ කෙරවලපිටිය ගබඩාවේ කොම්පෝස්ට් පොහොර ටොන් දාහක් පමණ ගොඩ ගැසී ඇතත් ඒවා මිලදී ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවීමෙන් විනාශ වීමේ අවදානමක් මතුව ඇතැයි පරිසරය ස්වභාවික සම්පත් සහතිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.
කොම්පෝස්ට් ටොන් ලක්ෂ ගණනක් සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්ද එහි ඇති නමුත් ඉල්ලුමක් නැතිවීම හේතුවෙන් ඒවාද ප්‍රයෝජනයට ගත නොහැකිව විනාශ වෙමින් පවතින බව ඔහු ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ප්‍රධානීහු මේ පිළිබඳව පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී තොරතුරු අනාවරණය කළහ. ඒ අනුව එම කාරක සභාවේ සභාපති ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා ඇතුළු කණ්ඩායමක් එම කෙරවලපිටිය ගබඩාවට පසුගියදා ගොස් ඒ පිළිබඳව නිරීක්ෂණය කළේය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම නිරීක්ෂණයේදී ය.
රටේ බැහැරකරන අපද්‍රව්‍ය ප්‍රයෝජනයට ගත හැකි නිසි වැඩපිළිවෙලක් සකස් කර ඇතත් එය ක්‍රියාත්මක කිරීමට බොහෝ තැන්වලින් සහයෝගය නොලැබෙන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
සමහර ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි ද්‍රව්‍යවලින් ඔයිල් වැනි දෑ හදන බවත් ඒවාට අවශ්‍ය අමුද්‍රව්‍ය නොයෙන හෙයින් ඒ කටයුතුවල මන්දගාමී තත්වයක් ඇති බවත් මාන්නප්පෙරුම මහතා සඳහන් කළේය.
මේ රටේ ඇති සියලුම කුණුවලින් පොහොර හැදීමට විදුලිය තෙල් හැදීමට බලාපොරොත්තු වන බව පැවසූ මන්ත්‍රීවරයා මේ භූමියම ඒ සඳහා ප්‍රයෝජනයට ගත හැකි බව ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් කිසිවකුගේ අවධානය යොමු නොවීම කනගාටුදායක බවද හෙතෙම සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය අංශය හදන පොහොර වල ගුණාත්මක භාවය ගැන සහතිකය කුමක්ද. නිකම්ම කලුපාට කුණුපස්නම් අහිතකර බැක්ටීරියා ආදිය පිළිබඳව බිය නැතිකල යුතු නේද? පෞද්ගලික අංශය නිපදවන හොඳ කොම්පොස්ට් වලට අධික ඉල්ලුමක් තියෙනව. මිලත් ඉහලයි.ඒත් පස සරු වෙන එක ඇත්ත.
මුලින්ම ඔය කොම්පෝස්ට් පොහොරවල ගුණාත්මක භාවය පරීක්ෂා කරන්න. මොකද පසුගිය කාලයේ කාබනික වගා රැල්ලත් එක්ක බොහෝ දෙනෙක් සාමාන්‍ය පස් වලට අළු කලවම් කරලා කොම්පෝස්ට් පොහොර ලෙස අලෙවි කලා. එහි ගුණාත්මක භාවය මැනීමට කිසිදු යාන්ත්‍රණයක් තිබුනේ නෑ. මෙම පොහොර තොගය නිසි ගුණාත්මක බවින් යුක්තයි නම් ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා සහනදායී මිළකට ගොවීන්ට ලබා දීමට කටයුතු කරන්න.
ගෙන්නපු ඇමතියාගෙයි නිලධාරීන්ගෙයි විදේශ බැංකු ගිණුම් තරවෙලා ඇති .කාටද ආඩම්බර