
(විමුක්ති එස් රුද්‍රිගු)
බෙංගාල බොක්කේ ශාන්ත මාටින් දූපත ඇමෙරිකාවට පවරා දුන්නේ නම් තමන්ට තව දුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ සිටීමට හැකියාව තිබූ බව හිටපු බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය ඉකොනොමික් ටයිම්ස් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ප්‍රකාශ කළාය.
ශාන්ත මාටින් දූපත ඇමෙරිකාවට පවරා ඔවුන්ට බෙංගාල බොක්ක පාලනය කිරීමට ඉඩ ලබා දුන්නේ නම් අරගලය ඇති නොවන බව හසීනා මහත්මිය පැවැසුවාය.
අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වී බංග්ලාදේශයෙන් පළා ඒමට ප්‍රථම තම ජනතාව අමතා මේ බව ප්‍රකාශ කිරීමට අවශ්‍ය වූවත් එම අවස්ථාවේදී එය ප්‍රකාශ කිරීමට නොහැකි වූ බව හසීනා මහත්මිය ප්‍රකාශ කළාය.
ශාන්ත මාටින් දූපත බෙංගාල බොක්කෙහි ඊසානදිග කොටසේ වර්ග කිලෝමීටර 3 ක් පමණක් වන කුඩා දූපතකි.
බංග්ලාදේශ සිසුන්ගේ මළ සිරුරු මතින් විරුද්ධ පාර්ශ්වයන්ට බලය ලබා ගැනීමට අවශ්‍ය වූ බවත් තමන්ට බංග්ලාදේශ ජනතාව මියයන අයුරු බලා සිටිය නොහැකි වූ බවත් හසීනා පැවැසුවාය. අවාමි ලීගය ඉලක්ක කරමින් විරෝධතාව ක්‍රියාත්මක වූ බවත් තමන් හැකි ඉක්මනින් බංග්ලාදේශයට නැවත වරක් යන බවත් හසීනා මහත්මිය ප්‍රකාශ කළාය.
ජනතාව තමන් නායකයා ලෙස තෝරාගත් බැවින් බංග්ලාදේශයට නායකත්වය දුන් බවත් තවදුරටත් නායකත්වය දීමට අවශ්‍ය නොවන බව බංගලාදේශ ජනතාවම පැවැසූ බැවින් තමන් රටින් පිටවූ බවත් හසීනා මහත්මිය පැවැසුවාය. බංග්ලාදේශයේ රැඳී සිටියා නම් එරට සම්පත්වලට විශාල හානියක් සිදුවීමට ඉඩ තිබූ බවද ඇය ප්‍රකාශ කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේ කතාව ලංකාවේ ජනතාවට තේරුම් යන්නේ කවද්ද?
පුවත්පත්, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නම් මෙවන් චූර්නිකා අප අසා හෝ කියවා තිබුණේ නැහැ. ඒකාධිපතිනියක් ලෙසින් ඇය හංවඩු ගසා, අරගලකාරීන් විසින් "gota go home" ක්‍රමයට රටින් පැනලා ගියාට පසු කාට හෝ ඇඟිල්ල දිගු කිරීමේ සම්ප්‍රදාය ගැන පුදුම විය යුතු නැත. අපට ඒවා දැන් හොඳට පුරුදුයි...!
අපේ කෙනෙක් නම් රජයේ වියදමින් සැපට ඉන්නවා...!
ලංකාවේ අරගලයේ බංගලි වර්ෂන් එක...!
මේ කියූ දෙය තමයි සිදුවුණේ. කැරැල්ලට සම්බන්ධ වූ මිනිසුන් ඒ වගක් නොදනී. දැනගන්නා විට පෙරහර ගොස් ය. අපේ රටට සිදු වුණෙත් එවැන්නකි..
මෙහෙ අරගලය පිටිපස්සේ හිටියේත් ඔය රටම තමයි. හැබැයි ඒක කියන්න ගැහැණියෙක් වෙලත් හසීනාට තිබෙන කොන්ද අපේ පිරිමින්ට නෑ...!
දැන් තේරෙනවා නේද? අපෙත් කළේ ඔය ටිකම නේද කියලා. ජේවීපී එක මොන කතා කිව්වත් ඔය බලවේගවලට අහුවෙලා ඔවුන් කියන හැටියට තමයි වැඩ කරන්නේ...!
එතකොට ඇමරිකාව ද ආණ්ඩුවේ ජොබ් කෝටාව වෙනස් කරලා. පක්ෂයේ අයට ආණ්ඩුවේ ජොබ් දෙන්න හැදුවේ..!
අපෙත් පොරක් හිටියා ගෝඨාභය කියලා වැඩ බැරි දාස කෙනෙක්. ඔක්කොම අනාගෙන අන්තිමට බැහැල යන්න වුණාම කිව්වේත් ඔහොම කතාවක්. බැහැලා ගියා කිව්වාට ඇත්තටම මිනිස්සු පැන්නුවා.
සමහර කොමෙන්ට් අනුව පෙනී යන්නේ ජියෝ පොලිටික්ස් හෙවත් ගෝලීය දේශපාලනය ක්‍රියා කරන්නේ කෙසේද යන්න ගැන මෙලෝ හසරක් ඔවුන් නොදන්නා බවයි. දන්නා එකම දේ ජේවිපියට ආවැඩීම සහ ඒවාට ලයික් දැමීම පමණි. පව් අනේ එයාලා...!
මංජුල ප්‍රදීප්, එතකොට එදා ගෝඨාභය එලවපු දවසේ ආපු සේරම ජවිපෙද? අනේ ලැජ්ජයි රට කරවා ගන්න බැරිව හත්පොලේ ගාගෙන පැනලා ගිය මිනිහා වෙනුවෙන් පෙනී ඉන්න මේ ඇමරිකන් සහ ජවිපෙ භීතිකාවෙන් පෙලෙන අය ගැන. තමන් කරපු වැරැදි නිසා මිනිස්සු පාරට ගෙන්වා ගත්තා මේ දෙන්නම, ඒවාට කවුරුත් පලි නැහැ.. සමහරු කවමත් හිතන්නේ මීට දශක පහ හයකට පෙර ලෝක තත්වයේ ඉඳගෙන...
මෙයා පිස්සු කතා කියනවා. බංග්ලාදේශයේ නිදහස් සටනේ රණවිරුවන්ගේ පවුල්වලට රජයේ සේවයේ රැකියාවලින් 30% දෙනවා කියල කැබිනට් තීරණයක් ගත්ත නිසා තමයි මේ මීනීමරු අරගලය ආරම්භ වුණේ. වෙන හේතුවක් නැහැ.
අපේ කට්ටියට තවම තේරෙන්නේ නෑ ලෝකේ දේශපාලනය යන හැටි. ලීන්මැඩී දේශපාලනය දන්නා අයගේ කොමෙන්ට් තමයි තියෙන්නේ. බංගලියන්ට දෙවැනි නෑ. කවුරු මොනවා කීවත් ගෝඨාභය තමයි රට හදන්න හිටපු මනුස්සයා. කරන්න දුන්නේ නැත්තේ කව්ද කියලා NGO බුරියානි කාපු කට්ටියට තවම වැටහීමක් නෑ.
ඇගේ අවසන් තීරණය වැරදි ඇති නමුත් ඇත්තෙන්ම ඇය බංග්ලාදේශය දියුණුවට පත් කරලා තියෙනවා. අපේ අය වගේ ආර්ථික ඝාතකයෝ වුනේ නෑ /ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ලිබියාවට කලෙත් ඕක. දැනට බංග්ලාදේශය තවත් ලිබියාවක් වෙන ලකුණු තමයි පේන්න තියෙන්නෙ
මොනවා වුණත් ලංකාවේ දේශපාලුවෝ වගේ නෙමෙයි රටට ආදරේ ඇති නායිකාවක් ලංකාවේ දේශපාලුවෝ බලාගෙන ඉන්නේ ලංකාවේ කැළයක් විකුණලා හරි ආදායමක් හොයගන්න