
(අංජුල මහික වීරරත්න)
ලංකාවේ දේශපාලන පක්ෂ 86න් බහුතරය රනිල් වික්‍රමසිංහ ජනපති සමඟ ඉදිරි සතියේ සන්ධානගත වීමට නියමිතව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
ඒ නිසා ලබන සතිය වඩාත් තීරණාත්මක සහ මාධ්‍ය අවධානය වැඩි වශයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති දෙසට හැරෙන සතියක් වනු ඇතැයි ද අබෙිවර්ධන මහතා කීය.
ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු මැතිවරණ කොට්ඨාශ ආවරණය පරිදි විශේෂ ඒකාබද්ධ රැස්වීම් මලාවකට සහභාගී වෙමින් වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
මෙම රැස්වීම් සඳහා අමාත්‍ය රමේෂ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ, හිටපු රාජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහත්වරුද සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් එනවද නැද්ද කියන එක නෙමෙයි .ජනතාවට අපහාස කරනා මෙන්න මේ කාලකන්නියාව අයින් කරන්න
ඇහැ ගහගෙන ඉන්න දෙයක් නෑ .පක්ෂ 86 ක් තියෙනවනම් 85 ක්ම එක පැත්තක ඉඳියි මාලිමාවට එරෙහිව. ඊට පස්සෙ සටන ඉරි ගැහුවා වගේ බෙදෙනවා දූෂිත දේශපාලනය සහ අදූෂිත දේශපාලනය සමග
හිතාගෙන ඉන්න හැටි වැරැදි . මන්ත්‍රීවරු පස්සේ ජනතාව නැහැ .
නෝනා විසින් මහත්තයා ගේ ගුණ වැයීම...
ජනතාවගේ බදු මුදලින් ජීවත් වෙවී බත් ගුලි ගිල ගිලා ඉන්න උඹලාට තව තියෙන් පෝයවල් දෙකයි බන් පිනට කකා ඉන්න උඹලාට දිරවා ගන්න කියලා කරන්න තියෙන්නේ ඔය වගේ පල් හෑලි කියවන එක විතරයි. සැප්තැම්බර් 21 වෙනකන් දුප්පත් මිනිසුන්ගේ බදු මුදලින්ම බඩගින්න පුරවාගනින් වෙන කියන්න දෙයක් නෑ...
එහා විතරක් නෙවෙයි, අනික් ඒවත් අරගෙනම බලාගෙන ඉන්නම් රනිල් පැරදෙනකන්...
මේගොල්ලෝ අනිවාර්යෙන් දන්නවා ඔක්කොම එකතුවෙලා රනිල්ව දිනෙව්වේ නැත්නම් ගොඩක් අයගේ දේශපාලන දිවිය කපෝති කියලා. බුද්ධිමත්ව ඡන්දෙ පාවිච්චි කලොත් සැබෑ වෙනසකට යන්න පුළුවන්. විදේශ බලවේග අනිවාර්යෙන් රනිල්ගේ පැත්තේ. ඒගොල්ලෝ දන්නවා සූක්ෂම විදියට ඒගොල්ලන්ට ඕන කෙනා බලයට ගෙන්න
උග්‍ර රනිල්වාදියෙකු වන වජිර කියන දේවල් ගනන්ගතයුතු නෑ...
පක්ෂ 86 න් 85 කම ඉන්නේ සභාපති සහ ලේකම් විතරයි....
රනිල් කියන්නේ මහ බැන්කු හොරා කියලා කෑගහපු අයත් ඕනෑතරම් ඉන්නවා.
ඡන්දෙ දවස වෙනකම් මුන් හිතන් ඉන්නවා මුන් දිනයි කියලා. 21 රෑ තමයි මුන් දන්නේ අන්ත පරාජයක් කියලා. යකෝ ගෙම්බො පැන්නට රටේ මිනිස්සු තීරණය කරලා ඉවරයි මේ පාර රවට්ටන්න බැහැ බන් .ඡන්දෙ ට පහුවදාට බලපල්ලා උඹලට මොකද උනේ කියලා