
(සුජිත් හේවාජුලිගේ)
පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා හඳුන්වාදුන් ඡන්ද ලකුණු 196 න් විසි අටක්ම විවිධ සතුන් බව මැතිවරණ කොමිසම පවසයි
චොක්ලට් පාන් ගෙඩිය කේක් ගෙඩිය, ටොෆිය, මිදි පොකුර පලතුරු කූඩය, කැරට් අලය, අයිස් ක්‍රීම්, ඉරිඟු කරල, වට්ටක් කා ගෙඩිය කජු, පුහුලම, ඇපල් ගෙඩිය, කොස් ගෙඩිය, අඹ ගෙඩිය ජම්බු ගෙඩිය, අන්නාසි ගෙඩිය, පොල් ගෙඩිය වැනි ආහාර ද්‍රව්‍ය රැසක්දමෙවර ඡන්ද සලකුණු වලට ඇතුළත්වී තිබීම විශේෂත්වයකි
මීට අමතරව ෆයිල් කටුව, කුරුලු පිහාටුව, සීසී ටීවී කැමරාව, ඉන පටිය, ගෑසිලින්ඩරය, ඔන්චිල්ලාව, කැට පෝලය, අශ්වලාඩම , ජංගම දුරකථනය වැනි විශේෂිත ලකුණද මෙවර ජනාධිපති අපේක්ෂකයන්ගේ
ඡන්ද සලකුණු අතරට ඇතුළත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැරට් අලය, ටොපිය, රට කජ්ජ වගේ ඒවා හොඳ ප්‍රධාන පක්‍ෂවල අපේක්‍ෂකයින්ට. ඔවුන්ගේ පොරොන්දු වලට ගැලපෙන ලකුණු...
මේක රනිල් මහත්තයාට ගැලපෙන සලකුණක්...
කුලු හරකා, උගුඩුවා, ගොලුබෙල්ලා, කකුළුවා, දෙපත්නයා, ගැඩවිලා, මකුණා, ඩෙංගු මදුරුවා, වගේ සතුනුත් ගත්තා නම් තමයි හොඳ...
කැරට් අලය නම් හොඳම ලකුණක්. දේශපාලකයින් එදා ඉඳන් අදත් ඒ වගේම හෙටත් ජනතාවට දුන්නේ, දෙන්නේ සහ දෙන්න හිතාගෙන ඉන්නේ කැරට් අලම තමයි.
ඕක දැන දැනත් ඡන්දෙ දෙන අයත් ඉන්නවනේ...!
කුණු බක්කිය සහ පඩික්කමත් ඡන්ද ලකුණට නරකම නැහැ.
පොහොට්ටුවෙන් එන අයට නම් රොකට් එකත් ගැළපෙනවා...
පොහොට්ටුව සඳහා වඩාත් සුදුසු සංකේතය ගුවන් යානයකි. පරාජය වූ වහාම ඔවුන්ට පැන පියාසර කළ හැකියි...!