
(නිමල කොඩිතුවක්කු)
උඩරට හා පහතරට වතු ප්‍රජාවගේ ජීවන තත්ත්වය නගා සිටුවිම වෙනුවෙන් නව ප්‍රඥප්තියකට එළැඹීමට සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද(12) කටයුතු කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් සහ එම්. උදයකුමාර යන මහත්වරුන් ඇතුලු පිරිසක් ද ඊට අත්සන් තැබූහ.
වතු ප්‍රජාවගේ දේශපාලන ආර්ථික සමාජීය සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එම ප්‍රජාව සවිබල ගැන්වීමේ අරමුණින් මෙම ප්රඥප්තියට එළැඹුන බව සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පොරොන්දුවකට සීමා නොවී වසර 200ක මෙරට ඉතිහාසය තුළ උඩරට පහතරට වතු කේන්ද්‍රිය ප්‍රජාවට අලුත් ආරම්භයක් හා නැවුම් පරිච්ඡේදයක් නිර්මාණය කරන බවත් විපක්ෂනායකවරයා එහිදී කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මෙයා නිකමටවත් ජනපති වුණා කියලා හිතමුකෝ.මේ වෙනකන් එක එක්කෙනා එක්ක.ගහලා තියෙන ගිවිසුනුයි,කරන්න පොරොන්දු වුන් ඒවයි මෙයාට මතක ද දන් නෑ.
ජපන් භාෂාව උගන්වන්න මොනවා හරි කෙරුවොත් නරකද?
මහසෙන්, ඒ නිසා තමයි ගිවිසුමක් ලිඛිතව කරගන්නේ. නිකමට නෙවෙයි.. අනිවා සජියා දිනනවා.
මෙයා ඉරිදා ඇල්පිටියේ රැස්වීමකදී කිව්ව කියන දේවල් කොහොම හරි කරනවා කියලා..., ඔබට දැන් මතක් වෙන්නේ 1970 දී හාල් සේරු දෙක දෙන්නේ කොහොමද කියලා බණ්ඩාරනායක මැතිණියගෙන් ඇහුවාම හඳෙන් හරි ගෙනත් දෙනවා කියලා සහ 2020 දි ගෝඨාභයගෙන් සල්ලි හොයන හැටි ඇහුවාම වටපිට බලනකොට මහින්ද දීපුු උත්තරය. මේවාට රැවටෙන්න එපා... සජිත් හැමෝම එක්ක ගිවිසුම් ගහනවා... ජනාධිපති කොමිෂන් දානවලු. විකාර අංක එක...
මේ බංකොලොත් වෙලා ගොඩ එන රටක , හැමදේම දෙනවා කියල පොරොන්දු වෙන්නේ , තියෙන මෝඩ කමට , එහෙමත් නැත්නම් පොඩිකාලේ ඉදල පෙන්නපු හැපිචෝල් ගතිගුණ . රට ගැන නෙමේ , රජ පුටුව ගන්න හිතාගෙන , ජනතාව එක්ක සෙල්ලම් කරනවා