
(සුජිත් හේවාජුලිගේ)
දිවයින පුරා පශ්චාත් උපාධි ආයතනවලට සිසුන් ලියාපදිංචිවීම පසුගිය වසර හතරක කාලයේදී සැලකිය යුතු ලෙස අඩුවී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ, ආර්ථික විද්‍යා මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පැවසීය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා ආයතනයේ පශ්චාත් උපාධි සඳහා 2021 වසරේදී ලියාපදිංචි වුණු ශිෂ්‍ය සංඛ්‍යාව 1096ක් බවත් 2022 වර්ෂයේදී එය 889ක් දක්වා පහළ වැටුණු බවත් හෙතෙම සඳහන් කළේය.
එම විද්‍යා ආයතනයට පසුගිය වසරේදී ලියාපදිංචි වුණු ශිෂ්‍ය සංඛ්‍යාව පන්සිය හැත්තෑවක් බව පවසන මහාචාර්යවරයා මේ වසරේ මේ දක්වා ලියාපදිංචි වී ඇති ශිෂ්‍ය සංඛ්‍යාව 281 ක් බවද ප්‍රකාශ කළේය.
මේ අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා අංශයට පශ්චාත් උපාධි සඳහා ලියාපදිංචි වන ශිෂ්‍ය සංඛ්‍යාව සියයට 74 කින් පමණ පහළ ගොස් ඇති බව වසන්ත අතුකෝරල මහතා කීවේය.
ආර්ථික අර්බුදය හේතුවෙන් උපාධි පාඨමාලා සඳහා වියදම් කිරීමට මුදල් නැතිකම, වෙනත් පශ්චාත් උපාධි සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් විදේශගතවීම, රටේ බදු ක්‍රමය ඇතුළු කරුණු ගණනාවක් පශ්චාත් උපාධි ආයතනවල සිසුන් ලියාපදිංචිවීම අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇතැයි පැවසූ මහාචාර්යවරයා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ උපකුලපතිවරුන් පශ්චාත් උපාධි සඳහා ළමයින් වැඩි කර ගැනීමට ප්‍රයත්න දැරුවද එ් උත්සාහය තවමත් සාර්ථක වී නැතැයිද ප්‍රකාශ කළේය.
රටේ මානව ප්‍රාග්ධනය කඩාවැටීමට මේ තත්වය ප්‍රමුඛ වශයෙන් හේතුවී ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.