
(සුජිත් හේවාජුලිගේ)
දිවයින පුරා පශ්චාත් උපාධි ආයතනවලට සිසුන් ලියාපදිංචිවීම පසුගිය වසර හතරක කාලයේදී සැලකිය යුතු ලෙස අඩුවී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ, ආර්ථික විද්‍යා මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පැවසීය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා ආයතනයේ පශ්චාත් උපාධි සඳහා 2021 වසරේදී ලියාපදිංචි වුණු ශිෂ්‍ය සංඛ්‍යාව 1096ක් බවත් 2022 වර්ෂයේදී එය 889ක් දක්වා පහළ වැටුණු බවත් හෙතෙම සඳහන් කළේය.
එම විද්‍යා ආයතනයට පසුගිය වසරේදී ලියාපදිංචි වුණු ශිෂ්‍ය සංඛ්‍යාව පන්සිය හැත්තෑවක් බව පවසන මහාචාර්යවරයා මේ වසරේ මේ දක්වා ලියාපදිංචි වී ඇති ශිෂ්‍ය සංඛ්‍යාව 281 ක් බවද ප්‍රකාශ කළේය.
මේ අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා අංශයට පශ්චාත් උපාධි සඳහා ලියාපදිංචි වන ශිෂ්‍ය සංඛ්‍යාව සියයට 74 කින් පමණ පහළ ගොස් ඇති බව වසන්ත අතුකෝරල මහතා කීවේය.
ආර්ථික අර්බුදය හේතුවෙන් උපාධි පාඨමාලා සඳහා වියදම් කිරීමට මුදල් නැතිකම, වෙනත් පශ්චාත් උපාධි සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් විදේශගතවීම, රටේ බදු ක්‍රමය ඇතුළු කරුණු ගණනාවක් පශ්චාත් උපාධි ආයතනවල සිසුන් ලියාපදිංචිවීම අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇතැයි පැවසූ මහාචාර්යවරයා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ උපකුලපතිවරුන් පශ්චාත් උපාධි සඳහා ළමයින් වැඩි කර ගැනීමට ප්‍රයත්න දැරුවද එ් උත්සාහය තවමත් සාර්ථක වී නැතැයිද ප්‍රකාශ කළේය.
රටේ මානව ප්‍රාග්ධනය කඩාවැටීමට මේ තත්වය ප්‍රමුඛ වශයෙන් හේතුවී ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පශ්චාත් උපාධි දේශන සඳහා ආචාර්යවරයෙකුට පැයකට ගෙවන රු. 2.000/= න් 36% ක බද්ධ අඩු කළාම අතට එන්නේ රු. 1,280/= යි. A/L Science පුද්ගලික පංති ගුරුවරයෙක්වත් ඔය ගාණට උගන්වන්නේ නෑ. ඒක නිසා දැං උගන්වන්න හොඳ ආචාර්යවරු නෑ.
මානව ශාස්ත්‍ර... කලා අංශයේ පශ්චාත් උපාධි කරල ලෝකෙට ඇති ප්‍රයෝජන මොනවද?ජීවනෝපාය මාර්ගයක් දියුණුවට උදව්ව දෙන දෙයක් එයින් ලැබෙනවද?
ඉතිං අහස උසට ගණන් අය නොකර සාධාරණ ගාණක් ගත්ත නම් ඉවරනෙ.. හර හමන් ඉගැන්වීමක් තියෙනව ද ගෙවන ගාණට.
අපේ රටේ පශ්චාත් උපාධි ලෝකේ කොහෙද පිළිගන්නේ ? මේවා තියෙන්නේ වි වි ආචාර්යවරුන්ට අමතර ගානක් උපයාගැනීමට ,රජයේ සේවකයින්ට උසස්වීම් ලබාගැනීම සඳහා හෝ දේශපාලකයින්ට තමන් පොරක් බව ජනතාව ඉදිරියේ පෙන්වීමට පමනයි. මේ පර්යේෂණ කවුද ගණන් ගන්නේ. කවුද මේවා පරිශීලනය කරන්නේ ? මේ නිබන්ධන වලින් 99%කම බොරු කරලා එහෙම නැතිනම් කොපි කරලා සකස්කරන එවායි .
කාලෙකට පෙර අධ්‍යාපන ඇමති කෙනෙක් කිව්වා විශ්ව විද්‍යාල පාඨමාලා කාලය අනවශ්‍ය ආකාරයට ගතවෙනවා කියලා ඒ නිසා දැනට පවතින අවුරුදු තුන හෝ හතර අඩුකර දරුවො නිකරුණේ වයස් ගතවීම නවතා දැමීමට කටයුතු කරන්න ඕන එහෙම නැත්නම් ඉතින් සිසුන්ට තමන්ගෙ ජීවිත කාලයම පුද්ගලික ජීවිතයක් නැතුව විශ්ව විද්‍යාලයේ රන් හා සමානයි කියන කාලය කන්න වෙනවා ඒවා නවතා උපාධිය ලැබූ විගසම පශ්චාත් උපාධි කරන්න පහසුකම් ඇතිකරනවා නම් ඔය තත්වය අඩුකර ගන්න පුළුවන් වේවි
ඕකට ප්‍රධාන හේතුව පාඨමාලා පවත්වන අවිධිමත් ක්‍රමයයි . අවුරුදු දෙකක පාඨමාලාව අවුරුදු 3, 4 අදිනවා. සහතිකය දෙන්න තව අවුරුද්දක් ගන්නවා.
ලංකාවේ ඉගෙන ගනිපු එකාට තැනක් නැහැ . අධ්‍යාපන පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. දැන් සාමාන්‍ය පෙල ඉඳන් ම පුළුවන් එකා විදෙස් ගත වෙනවා. නැති බැරි එකා හූල්ලනවා. අවුරුදු 25 වෙන එකම පන්තියේ හිටපු ලමයිගෙන් රට ගියපු එකා මාස්ටර් එකත් කරල රස්සාව කරන කොට ලංකාවේ ඉන්න එකා පළමු උපාධියවත් නැතිව ගෙදරින් කකා ඉන්නවා .
හොද ප්‍රවණතාවයක්. මම මෙ රටෙ රජයෙ විශ්ව විද්‍යාලයක පශ්චත් උපාධියක් කලා. ලංකාවේ බහුතර විශ්ව විද්‍යාල කතිකචරියවරුන් සිසුන් එක්ක හොද සම්බන්දයක් නෑ . සිසුන්ට උගන්වන්නේ අසමත් කිරිමෙ චේතනවෙන්. හරියට උගවන්නෙ නෑ. විභාග අසමත් කරනවා. පෑවරුම් අසමත් කරනවා. හරියට යලුවෙක් මිතුරෙක් විදිහට සළකන්නෙ නෑ. තරහා කරයෙක් විදිහට සළකන්නේ. පුලුවනම් ඉගෙන ගනින් නෑති නම් පලයන් කියලා. එවගෙම ජයවර්ධනපුර එම්බීඒ එකක් ලක්ෂ 5 ට අධිකයි . කොළඹ LLM, MBA එහෙමයි. ඉතින් සිසුන් පිටරට උපාධි කරනවා. එවාගේ ගණන් අඩු. ගුරුවරුත් හොදට උගනවා. සිසුන්ට හොදින් සළකනවා.
වැඩකට නැති උපාධි දීම නවත්වන්න අපිට දෙන්න රස්සා අවස්ථාවන් නෑ
වැරද්ද තියෙන්නේ මානව ශාස්ත්‍රවල කියලා නොදන්න මහාචාර්ය තුමෙක්. යමක් කමක් තේරෙන ළමයෙක් ආයෝජනය කරන්නේ රස්සාවක් ගන්න උදව්වක් වෙන පශ්චාත් උපාධියකට. කොයි උපාධිය ගත්තත් අන්තිමට වෙන්නෙ සල්ලි හොයන්නනේ. ඕකයි තත්වය.
ඉගැන්වීමේ සහ උගන්වන අයගේ සුදුසුකම් පිටරටත් එක්ක සසඳන්න. ඒ වගේම බලන්න අපේ රටේ තිබෙන පුද්ගලික විශ්වවිද්‍යාල වල පශ්චාත් උපාධි දෙන්නේ කොහොමද කියලා. දැන් ගොඩක් ආයතන පිටරට විශ්වවිද්‍යාල එක්ක ගිවිසුම් ගහලා ලංකාවේ ඇතුලේ ඒ රටේ උපාධි සහතික සඳහා උගන්වනවා. අන්න ඒවාට අපේ අය යනවා. ඒ වගේම විදේශ විශ්වවිද්‍යාල ආපසු ඒ රටවලම උපාධි පන්ති පටන් අරන් කොරෝනා කාලේ තිබුණු ඔන්ලයින් පන්ති වෙනුවට. ඒ නිසා 2023 ඉඳලා ආපසු විදේශ සිසුන් ඒ රටවල ගිහිල්ලා. මීට බටහිර රටක උගන්වන ලාංකිකයෙක්
මේ ආර්ථිකය ගොඩ දැම්මා කියලා උදම් අනන්නේ .බදු වැඩි කල එවුන්ටයි ජරාපක්ෂ පරම්පරාවටයි හෙනම ගහන්න ඕනි රටට කල විනාශයට
ලංකාවේ උපාධිධාරීන් වැඩි හරියක් නියම මෝඩයෝ. ඔවුන් සෑම විටම සිතන්නේ ඔවුන්ගේ සහතිකය නිසා ඔවුන් සියල්ල දන්නා බවයි. බොහෝ රක්තවාත ආයතන මේ නිසා වැඩකට නැති ආයතන බවට පත්වෙලා. එවැනි එක් ආයතනයක් වන්නේ පොලිසියයි.
සල්ලි දීලා ලංකාවේ උපාධිය අරගෙන කන්න තමයි වෙන්නේ. ඊට හොඳයි පිටරටකට යන එක....!
පර්යේෂණ නිබන්ධන සම්පූර්ණ කිරීමට ලැබෙන සහාය ඉතාම අල්පයි! එයත් මේ තත්ත්වයට බලපානවා. ලියාපදිංචි වී විභාග අවසන් කර පර්යේෂණ නිබන්ධනය නිසා පාඨමාලාව අතහැරපු සිසුන් සංඛ්‍යාව ඉතා විශාලයි...