
(සුජිත් හේවාජුලිගේ )
ඉදිරි ජනාධිපතිවරණයට තමා ද ඉදිරිපත් වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
ඔහු මෙසේ පැවසුවේ පදනම් ආයතනයේ දී අද(11)දා පැවති රැස්වීමකදී ය.
හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාගේ අත්දැකීම් මත සකස් කෙරුණු ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත එළිදැක්වීම සඳහා මෙම උත්සවය සංවිධාන කෙරිණ.
සරත් නන්ද සිල්වා මහතා මෙම වගකීම බාරගන්නැයි තමාගෙන් ඉල්ලීමක් කළ බවත් මම ඉදිරිපත් වන්නේ ජනාධිපති ධූරය භාර ගැනීමට නොව එය අතහැරීමට බවත් ඔහු ප්‍රකාශ කළේය.
මේ රටේ ජනතාව තමාට සහාය දෙන බව විශ්වාස යැයි සඳහන් කළ මන්ත්‍රීවරයා මාතෘ භූමිය බේරා ගැනීම සඳහා තමා ඉදිරිපත් වන බවද ප්‍රකාශ කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.