
(සුජිත් හේවාජුලිගේ )
ඉදිරි ජනාධිපතිවරණයට තමා ද ඉදිරිපත් වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
ඔහු මෙසේ පැවසුවේ පදනම් ආයතනයේ දී අද(11)දා පැවති රැස්වීමකදී ය.
හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාගේ අත්දැකීම් මත සකස් කෙරුණු ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත එළිදැක්වීම සඳහා මෙම උත්සවය සංවිධාන කෙරිණ.
සරත් නන්ද සිල්වා මහතා මෙම වගකීම බාරගන්නැයි තමාගෙන් ඉල්ලීමක් කළ බවත් මම ඉදිරිපත් වන්නේ ජනාධිපති ධූරය භාර ගැනීමට නොව එය අතහැරීමට බවත් ඔහු ප්‍රකාශ කළේය.
මේ රටේ ජනතාව තමාට සහාය දෙන බව විශ්වාස යැයි සඳහන් කළ මන්ත්‍රීවරයා මාතෘ භූමිය බේරා ගැනීම සඳහා තමා ඉදිරිපත් වන බවද ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි..තව ඕනා. අතහරින්න නේ ඉල්ලනේ.ඒ හින්දා අවුලක් නෑ.
මෙයාට කලිනුත් ජනාධිපති ධුරය අත අරින්නෙයි කියලා පොළොන්නරුවෙන් ආපු හාදයා කරපු හරිය රටට මතකයි.
ජනාධිපති වෙන්නේ නැති නිසා මේ මනුස්සයට ඕනෑම පොරොන්දුවක් දෙන්න බැරියැ.
ඔන්න අපේ පැත්තේ චුන් පාන් කාරයත් චන්දෙට එනවලු . පවු මිනිහ හිතනවා සුවර් එකටම මිනිහ ජනාධිපති වෙන්ව කියල . අනිතිමට ඉල්ලා අස්වෙලා පුතානෝට චන්දෙ දෙන්න කියල කියන්නලු මිනිහගේ ප්ලෑන් එක .
මෙහෙම ඉදිරිපත් වුනාම රටේ ජනතාව විවිධාකාරයෙන් බෙදීයාමක් ඇතිවෙනවා කියලා හොදින්ම පැහැදිලියි ඔය අතරේ තියෙනවා බෙදීගියොත් රට යයි සුන්වී කියලා ඒ අනුවත් මේ කරන්නෙ සමාජයේ බෙදීමක් ඇතිකිරීම තමයි ඔය අනෙක් කෙනා ගැන ජනතාව දන්නවා එහෙම කෙනෙකුත් මෙහෙම දේවල් කිරීම ගැන කණගාටුවක් පමණයි තියෙන්නෙ මැතිවරණ කොමිසමේ සභාපතිතුමා කියලා තියෙනවා ඉදිරිපත් වෙන කෙනෙක් වෙනුවෙන් ජනතා මුදලින් රුපියල් මිලියන 200 ක් අමතරව වැයවෙනවා කියලා ඒ අනුවත් මොහුත් ඔහු සමග සිටිනා කෙනත් කරන්නෙ ජනතා මුදල් බරපතළ ලෙසට නාස්ති කිරීමක් පමණයි
නායක හාමුදුරුනමක් එක දවසක් වදාරා තිබුනා දේශපාලනය කියන්නෙ මොකක්ද නොදන්නා අයත් රටේ ජනතාව කිසිවකු නොදන්නා අයත් පුද්ගලික ලාභ ප්‍රයෝජන සදහා හෝ නම ප්‍රචාරය කර ගන්න මැතිවරණය සදහා ඉදිරිපත් වෙනවා කියලා .එක රූපවාහිනී නාලිකාවක විකාශය කරන ටෙලිනාට්‍යයක සිංහල ක්‍රමයට භාවිතා කරන නෑකම් වරදවා කියවනවා
ජනතාව හරියට ඡන්දෙ භාවිතා කරේ නැතිනම් මේ පාර ඔක්කොම ඉවරයි...