(අංජුල මහික වීරරත්න)
ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාවට ග්‍රාම නිලධාරී වෘත්තීය සංගම් ලබා දුන් යෝජනා ඇතුළත් නොකිරීමට විරෝධය පළ කරමින් අඟහරුවාදා (13) රාජකාරී වලින් ඉවත් වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති සංජීව අතුකෝරල මහතා පැවසීය.
ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාවේ තම යෝජනා ඇතුලත් කර නැතැයි අතුකෝරල මහතා කීය.
එමෙන්ම කොළඹ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිටදී හෙට (12) ග්‍රාම නිලධාරීන්ගේ විරෝධතාවයක් පවත්වන බව කී අතුකෝරල මහතා මෙම සතිය පුරාම ග්‍රාම නිලධාරී කාර්යාල ඉදිරිපිට කළු කොඩි ඔසවා විරෝධය පළ කරන බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd