IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


චන්ද්‍රිකා පැත්තකට වෙයි

(එස්.යූ.ඩබ්ලිව්.කේ. ජයවර්ධන)

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කරන කිසිදු අපේක්ෂකයකුට තමා සහයෝගය නොදක්වන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අත්තනගල්ල මැතිවරණ බල ප්‍රදේශයේ ක්‍රියාකාරී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පිරිසක් සමග  පැවැති විශේෂ සාකච්ඡාවකදී පවසා තිබේ.

නිට්ටඹුව හොරගොල්ල බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාල පරිශ්‍රයේ පළමු වහලේ පිහිටි ශ්‍රවනාගාරයේදී මෙම විශේෂ සාකච්ඡාව  පවත්වා ඇත.

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව සිය ස්ථාවරය අත්තනගල්ල කොට්ඨාසයේ ක්‍රියාකාරී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් දැනුවත් කිරීම සදහා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එම ක්‍රියාකාරී පාක්ෂික පිරිස  කැඳවා ඔවුන් හමුවේ සිය ස්ථාවරය  ප්‍රකාශකර ඇත.

ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබාදෙමු යැයි යෝජනා කර තිබේ.

එහිදී අදහස් දක්වා ඇති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තමා කිසිදු අපේක්ෂකයකුට සහයෝගය ලබා නොදෙන බවද, අත්තනගල්ල කොට්ඨාසයේ ක්‍රියාකාරී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික පිරිසට තම තමන්ගේ මනාපය පරිදි කැමති අපේක්ෂකයකුට සහයෝගය දක්වන ලෙසද ඒ පිළබඳව තමාගේ කිසිදු විරෝධතාවයක් හෝ අකමැත්තක් නොමැති බවද පවසා ඇත.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වා ඇති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණි සාමාජිකාවක් බවද පක්ෂයේ අනුසාශකවරිය බවද පවසා තිබේ.

 



අදහස් (11)

චන්ද්‍රිකා පැත්තකට වෙයි

Nandalal de Silva - France Sunday, 11 August 2024 11:55 PM

ඒක හරිම කාලොචිත තීරණයක් !

:       0       34

sukitha Sunday, 11 August 2024 11:58 PM

ලංකාවේ ඉන්නෙ මහා විකුර්ති චරිත. දූපතක් නිසා වෙන්න ඇති. හිතෙන හිතෙන දේ කරනව. කියනවා.

:       1       15

ටෝයිබයියා Monday, 12 August 2024 01:07 AM

මෙයා පැත්තකට උනා කිව්වට මෙයාගේ කට්ටිය ගජ රාමෙට සූත්තර පුංචාට වැඩ..

:       3       31

sunimal Monday, 12 August 2024 01:52 AM

මාර වැඩේ . දැන් චන්දෙ තියන්න බැරිවෙයිද මන්ද? අනේ මේ කයිවාරු නෝනේ දැන් මේ රටේ ඔහෙට ඇති චන්දයක් නැහැ . පැත්තකට වෙලා මුනුබුරු මිනිබිරියන් බලාගෙන ඉන්නවා හොඳයි . 1994 ඉඳන් 2005 වෙනකන් ඔහේ රටට කල කෙන්ගෙඩියක් නැහැ .කල එකම දේ කයිවාරුව පමණයි

:       5       38

කලුතර මහ කරු Monday, 12 August 2024 01:53 AM

ලොකු සහයෝගෙ.... මොකක්ද දෙන්න පුළුවන් සහයෝගය එයාට...

:       2       9

Pradeep Kumara Monday, 12 August 2024 08:06 AM

අවස්ථා දෙකක් ජනාධිපති ධූරය දරලත් තමන්ට හදන්න බැරි වූ රට වෙන කෙනෙකුට හදන්න කියලා උපදෙස් දෙන්නේ කොහොමද? ඔබ තුමියගේ තීරණය හරියටම හරි. විශ්‍රාම ගත්තානම් පැත්තකට වෙලා ඉන්න.

:       2       44

මහසෙන් Monday, 12 August 2024 08:57 AM

හැබයි මොනවා උනත් මේ වේලාවේ කරන්න පුලුවන් හොදම දේ කරන එකට මැඩම් ට ස්තුති .පැත්තකට වෙලා ඉන්න එකට.ඔයා විතරයි නැත්නම් අඩුපාඩුවක් වෙලා තිබ්බේ

:       1       33

ranjith Monday, 12 August 2024 09:35 AM

වෙනසක් තියනවද ?

:       1       19

කමල් Monday, 12 August 2024 10:00 AM

මිනිස්සු දම්මලා ගජ රාමෙට රනිල් ට වැඩ කියලා රටම දන්නවා

:       4       24

Kazi Shajahan Monday, 12 August 2024 12:55 PM

චන්ද්‍රිකා ඡන්දය නම් දෙන්නේ රාජපක්ෂ හොර රැළ නියෝජනය කරන රනිල්ට...

:       2       9

ගමේ එකාලා Monday, 12 August 2024 03:44 PM

යහපාලන ආණ්ඩුවක් හදනවා කියලා හිටන්ව ගෙනත් වෙචිචි දෙයින් පාඩමක් ඉගෙන ගෙන ඇති...

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 587 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site