
(එස්.යූ.ඩබ්ලිව්.කේ. ජයවර්ධන)
ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කරන කිසිදු අපේක්ෂකයකුට තමා සහයෝගය නොදක්වන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අත්තනගල්ල මැතිවරණ බල ප්‍රදේශයේ ක්‍රියාකාරී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පිරිසක් සමග පැවැති විශේෂ සාකච්ඡාවකදී පවසා තිබේ.
නිට්ටඹුව හොරගොල්ල බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාල පරිශ්‍රයේ පළමු වහලේ පිහිටි ශ්‍රවනාගාරයේදී මෙම විශේෂ සාකච්ඡාව පවත්වා ඇත.
ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව සිය ස්ථාවරය අත්තනගල්ල කොට්ඨාසයේ ක්‍රියාකාරී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් දැනුවත් කිරීම සදහා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එම ක්‍රියාකාරී පාක්ෂික පිරිස කැඳවා ඔවුන් හමුවේ සිය ස්ථාවරය ප්‍රකාශකර ඇත.
ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබාදෙමු යැයි යෝජනා කර තිබේ.
එහිදී අදහස් දක්වා ඇති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තමා කිසිදු අපේක්ෂකයකුට සහයෝගය ලබා නොදෙන බවද, අත්තනගල්ල කොට්ඨාසයේ ක්‍රියාකාරී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික පිරිසට තම තමන්ගේ මනාපය පරිදි කැමති අපේක්ෂකයකුට සහයෝගය දක්වන ලෙසද ඒ පිළබඳව තමාගේ කිසිදු විරෝධතාවයක් හෝ අකමැත්තක් නොමැති බවද පවසා ඇත.
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වා ඇති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණි සාමාජිකාවක් බවද පක්ෂයේ අනුසාශකවරිය බවද පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හරිම කාලොචිත තීරණයක් !
ලංකාවේ ඉන්නෙ මහා විකුර්ති චරිත. දූපතක් නිසා වෙන්න ඇති. හිතෙන හිතෙන දේ කරනව. කියනවා.
මෙයා පැත්තකට උනා කිව්වට මෙයාගේ කට්ටිය ගජ රාමෙට සූත්තර පුංචාට වැඩ..
මාර වැඩේ . දැන් චන්දෙ තියන්න බැරිවෙයිද මන්ද? අනේ මේ කයිවාරු නෝනේ දැන් මේ රටේ ඔහෙට ඇති චන්දයක් නැහැ . පැත්තකට වෙලා මුනුබුරු මිනිබිරියන් බලාගෙන ඉන්නවා හොඳයි . 1994 ඉඳන් 2005 වෙනකන් ඔහේ රටට කල කෙන්ගෙඩියක් නැහැ .කල එකම දේ කයිවාරුව පමණයි
ලොකු සහයෝගෙ.... මොකක්ද දෙන්න පුළුවන් සහයෝගය එයාට...
අවස්ථා දෙකක් ජනාධිපති ධූරය දරලත් තමන්ට හදන්න බැරි වූ රට වෙන කෙනෙකුට හදන්න කියලා උපදෙස් දෙන්නේ කොහොමද? ඔබ තුමියගේ තීරණය හරියටම හරි. විශ්‍රාම ගත්තානම් පැත්තකට වෙලා ඉන්න.
හැබයි මොනවා උනත් මේ වේලාවේ කරන්න පුලුවන් හොදම දේ කරන එකට මැඩම් ට ස්තුති .පැත්තකට වෙලා ඉන්න එකට.ඔයා විතරයි නැත්නම් අඩුපාඩුවක් වෙලා තිබ්බේ
වෙනසක් තියනවද ?
මිනිස්සු දම්මලා ගජ රාමෙට රනිල් ට වැඩ කියලා රටම දන්නවා
චන්ද්‍රිකා ඡන්දය නම් දෙන්නේ රාජපක්ෂ හොර රැළ නියෝජනය කරන රනිල්ට...
යහපාලන ආණ්ඩුවක් හදනවා කියලා හිටන්ව ගෙනත් වෙචිචි දෙයින් පාඩමක් ඉගෙන ගෙන ඇති...