වාලම්පුරියක් විකුණන්න හැදූ හිමිනමක් මාට්ටු වාලම්පුරියක් අලෙවි කිරීමට ගිය හිමි නමක් හා පුද්ගලයකු කල්කුඩා තැපැල් කාර්යාලය ඉදිරිපට දී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 09 March 2024
බැඩ්මින්ටන් හපන්නු ලංකාව රනින් සරසයි තුන් වන දකුණු ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකා 15න් පහළ සහ 17න් පහළ කණ්ඩායම් පදක්කම් 23 ක් දිනා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (09) දින අලුයම පැමිණියහ . 09 March 2024
භික්ෂූන්ගේ - සිල්මෑණියන්ගේ පාස්පෝට් එකට ගෞරව නාමයක් භික්ෂූන් වහන්සේගේ සහ සිල්මෑණියන් වහන්සේලාගේ ගුවන් ගමන් බලපත්‍රයේ සහ ජාතික හැදුනුම්පතේ විශේෂ ගෞරව නාමයක් යෙදීමට තීරණය කළ බවත් ඒ අනුව භික්ෂූන්වහන්සේලා සඳහා ‘ VENERABLE ’ ලෙස සහ සිල්මෑණියන් වහන්සේලා සඳහා ‘ REVEREND ’ ලෙස යෙදීමට නියමිත බවත් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යය පැවසීය. 09 March 2024
අද වහින තැන් කාලගුනය කියයි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 09 March 2024
අනුරාධපුරේ අනතුරකින් තුනක් මරුට අනුරාධපුර - රඹෑව ප්‍රධාන මාර්ගයේ රඹෑව නගරාසන්නයේදී අද අළුයම 1.30ට පමණ සිදුවූ මාරක රිය අනතුරකින් පාසල් සිසුවකු ඇතුළු තිදෙනකු මරණයට පත්ව ඇතැයි මහින්තලේ පොලිසිය පවසයි. 09 March 2024
මුහුදුබඩ මාර්ගයේ නඩත්තුවක්: 10 වැනිදා තෙක් දුම්රිය ප්‍රමාදයක් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් අනිද්දා (10 වැනිදා) දක්වා ක්‍රියාත්මක වීම නිසා එම මාර්ගයේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වැල්ලවත්ත දුම්රිය ස්ථානය දක්වා වන කොටසේ එක මාර්ගයක පමණක් දුම්රිය ධාවනය කිරීම නිසා දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 08 March 2024
තිරිංග නැතිවූ බසය කෝච්චි පාර දිගේ ගිහින් ගනේමුල්ල දුම්රිය ස්ථානයේ පිහිටි දුම්රිය හරස් මාර්ග හරහා තිරිංග නොමැතිව බසයක් අද (8) පස්වරුවේ ධාවනය වී දුම්රිය මාර්ගයට හානිවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 08 March 2024
ජනපති නිල් මහ සටනට කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර කොළඹ එස්.එස්.සී ක්‍රිඩාංගණයේ දී පැවැත්වෙන නිල් මහ සටන ක්‍රිකට් තරගය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද අද සහභාගී විය. 08 March 2024
කල්පිටියේ අතුරුදන් බෝට්ටුව යළි හමුවේ කල්පිටිය කන්දකුලිය ඊච්චාන්කාඩුව ධීවර තොටුපළින් පසු ගිය හයවෙනි දා මුහුදු ගොස් යාන්ත්‍රික දෝෂයකට ලක්ව ක්‍රියා විරහිත වූ ධීවර යාත්‍රාව අද (8 )දින සැන්දෑවේ ධීවරයින් ද සමගින් මුදා ගත් බැව් වාර්තා වේ. 08 March 2024
ලංකා සතොස භාණ්ඩ 4ක මිල තවදුරටත් අඩු කරයි අත්‍යවශ්‍ය භාණ්ඩ 4 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (8) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පැවසීය. 08 March 2024
හොර ආගමික මධ්‍යස්ථාන වටලයි ලියාපදිංචි නොවූ ආගමික මධ්‍යස්ථාන වටලා නීති පියවර ගන්නැයි පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරන ලෙස බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දුන්නේය. 08 March 2024
කියුබානු තානාපතිත් අනුර කුමාර හමුවෙයි ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්දේර්ස් මාකෙලෝ ගරිඩෝ මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (8) පැවැත්විණි. 08 March 2024
දක්ෂිණ අධිවේගයේ ‘සේවා පියසේ’ වැඩි මිලට ආහාර විකුණා මාට්ටු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ‘සේවා පියසේ’ ආහාර අධික මිලට අළෙවි කරන වෙළෙඳසැල්වලට දැඩි අවවාද කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 08 March 2024
සුව සේවක වර්ජනයක් නැවතත්? සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටු කිරීමට බලධාරීන් අපහොසත් වන්නේ නම් මේ මස 19 වැනිදා සිට වර්ජන ක්‍රියාමාර්ගයට නැවත අවතීර්ණ වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේෂ් මහතා පැවසීය. 08 March 2024
ගාලු පාරේ කොටසක් ගිලා බසී ගාලු පාරේ වැල්ලවත්ත ඩබ්ලිව්.ඒ. සිල්වා මාවත අසල මංසන්ධියේ ගාල්ල දෙසට ධාවනය වන මංතීරුවේ කොටසක් ගිලා බැසීම නිසා එම කොටස වසා දැමූමට ක්‍රියා කර ඇත 08 March 2024
පාඨලි - කොමියුනිස්ට් පක්ෂය හමුවෙයි පාඨලි චම්පික රණවක මහතා නායකත්වය දරණ එක්සත් ජනරජ පෙරමුණ සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය අතර සාකච්ඡාවක් කොළඹ, කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. 08 March 2024
අතුරුදන් වූ ‘විහාර දුව,හන්සිළු පුතා‘ යාත්‍රාව - ධීවරයින් හමුවෙයි කන්දකුලිය ධීවර තොටුපලින් මුහුදු ගොස් අතරමංව සිටි ධීවරයින් තිදෙනා හා යාත්‍රාව සොයා ගිය කන්දකුලිය ධීවර යාත්‍රාවට දින දෙකකට පසු හමුව ඇති අතර මොවුන් ගොඩබිමට අද (8) සවස රැගෙන එන ලදි. 08 March 2024
කතුන්ට වූ අපරාධ ගැන ලියූ පිටුවලින් පිළිරුවක් ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් Ogilvy Sri Lanka සහ, ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට එරෙහි ප්රචණ්ඩත්වය පිටුදැකීම සඳහා කටයුතු කරන Women In Need (WIN) සංවිධානය එක්ව සංවිධානය කළ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (08) පිටකොටුව බෝ ගහ අසලදී පැවැත්විණි. 08 March 2024
’’ජනපීඩක ආණ්ඩුව පන්නමු’’ රටේ ජනතාව පීඩාවට පත් කරමින් වර්තමාන රජය විසින් ගෙන යන බදු ප්‍රතිපත්තිය හා උද්ධමනය පහත දමන ලෙස පවසා, ඊට විරෝධය පල කරමින් ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් කාන්තා සංවිධානය දැවැන්ත උද්ඝෝෂණයක් හා පා ගමනක් අද (8) අනුරාධපුර නගරයේදී පැවැත්වූහ. 08 March 2024
‘කිරිපිටි මිල තීරණය කරන මිල සුත්‍රය 2019 සිට භාවිත කර නෑ‘ ආනයනික කිරිපිටි මිල තීරණය කිරීම සඳහා සකස් කෙරුණු මිල සූත්‍රය 2019 වසරේ සිට ක්‍රියාත්මක කර නැති බවත් ඒ හේතුවෙන් ආනයනික සමාගම් අධික ලාභයක් ලබමින් කිරිපිටි අලෙවි කර ඇති බවත් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය. 08 March 2024
කාන්තාවන්ට හයිය දෙන පනත් දෙකක් මැයි එයි ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනත් කෙටුම්පත් දෙක ලබන මැයි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 08 March 2024
‘2035 දී චන්ද්‍රයාගේ මතුපිට න්‍යෂ්ටික බලාගාරයක්‘ වසර 2035 වනවිට චන්ද්‍රයාගේ මතුපිට න්‍යෂ්ටික බලාගාරයක් ඉදි කිරීමට බලාපොරොත්තු වන බව රුසියාවේ රොස්කොස්මොස් ප්‍රධානී යූරි බොරිසොව් ප්‍රකාශ කළේය. 08 March 2024
කොළඹ නගරයේ වායු දූෂණ තවත් අයහපත් වෙයි කොළඹ නගරයේ වායු දූෂණ තත්වය තව දුරටත් අයහපත් වෙමින් ඇති බව කාලගුණ අංශ පවසයි. 08 March 2024
පාරිභෝගික අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා අද (8) ඉල්ලා අස්විය. 08 March 2024
‘විහාර දුව,හන්සිළු පුතා‘ යාත්‍රාව ධීවරයින් සමඟ අතුරුදන් බිලිකොකු යොදා මසුන් මැරිම සදහා කන්දකුලිය ධීවර තොටුපලින් මුහුදු ගිය විහාරා දුව, හංසිළු පුතා යාත්‍රාව එහි සිටි ධීවර කාර්මිකයින් තිදෙනා සමග අතුරුදහන්වි ඇති බව යාත්‍රා හිමිකරු කල්පිටිය පොලිසියට පැමිණිලි කර තිබේ. 08 March 2024
හරක් කටාට උදවු කළ සැරයන්ගේ වැඩ තහනම් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තාට පලා යාම සඳහා ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වීමෙන් අනතුරුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් පොලිස් සැරයන් ගේ රජකාරී වැඩ තහනම් කර ඇතැයි පොලිස් මුලස්ථානය සඳහන් කරයි . 08 March 2024
ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක් ගාසා වැසියන්ට අවශ්‍ය ආධාර සෘජුව කඩිනමින් ලබා දීමට ගාසා තීරයේ තාවකාලික වරායක් ඉදි කිරීමට පියවර ගන්නා බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසයි. 08 March 2024
ජනපති- පක්ෂ නායක හමුවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජයේ ඉදිරි ක්‍රියාවලිය සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයින් කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. 08 March 2024
පාසල් සිසුවියට හදිකළ ටියුෂන් ගුරා සොයා මෙහෙයුම් ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ පාසලක ඉගනුම ලබන 14 හැවිරිදි බාල වයස්කාර පාසල් දැරියක් බිය ගන්වා, අවස්ථා කිහිපයකදී බරපතල ලිංගික අපයෝජනයන් සිදු කල උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (07) විමර්ශනයක් ආරම්භ කර ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 08 March 2024
රනිල් - බැසිල් හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් කොළඹ ජනාධිපති නිවසේදී ඊයේ (7) රාත්‍රී සිදුවිය. 08 March 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026