
(අංජුල මහික වීරරත්න)
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දුම්රිය ස්ථාන හා ගොඩනැඟිලි වල වහලයේ සූර්ය පැනල සවිකර පවත්වා ගෙන යාම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුව සතුව දුම්රිය ස්ථාන 300කට අධික සංඛ්‍යාවක් පවතින අතර, ඒවායේ වහල මත සූර්ය බලය මඟින් විදුලිය උත්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම වඩාත් සුදුසු බව හඳුනාගෙන ඇතැයි රජය පවසයි.
ඒ අනුව රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් වශයෙන් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ වැඩක්. ඒ වගේම රෝහල් වල, ප්‍රාදේශීය සභා, පළාත් සභා ගොඩනැගිලි වලත් සවි කරනවා නම් හොඳයි. පොඩි මිනිස්සුන්ටත් ණයක් අරගෙන සෝලාර් පැනල් ටිකක් ගහ ගන්න ඒවායේ ආනයන බදු අඩු කරලා දෙන්න. එතකොට තෙල් වලට යන සල්ලි රටේ ඉතුරු වෙනවා.
විදුලි බලාගාර ජලාශවල පාවෙන සෝලර් පැනල් සවිකරානම් වියදම් ගොඩාක් අඩුයි...!