IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


වතු කම්කරු අර්ථසාධක ලබන වසරේ සිට

(අංජුල මහික වීරරත්න)

වතු කම්කරුවන්ට හිමි වසර ගණනාවක් ගෙවීම් අතපසු කර ඇති සේවක අර්ථ සාධක අරමුදල් ලබන වසරේ සිට ගෙවීමට කටයුතු කරන බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පැවසීය. 

රටේ ආර්ථික ගැටළු සම්පූර්ණයෙන් විසඳී නැති  නමුත් බොහෝ දුරට ජනතාවට සහන ලබාදීමට හැකි වී තිබෙන බව කී ජනාධිපතිවරයා  ඒ අනුව 2022 වසරට වඩා මේ වන විට ජනතාවගේ ජීවන බර සැහැල්ලු වී තිබෙන බව සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි ලංකා කම්කරු කොංග්‍රසය විසින්  මහනුවර කරළිය සම්මේලන හා රංග කලා මධ්‍යස්ථානයේ සංවිධානය කර තිබු මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු වෘත්තිය සමිති හා තරුණ නායක හමුවට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

මේ රටේ සියලු ජනතාව පසුගිය වසර දෙක තුළ දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. කෙසේ හෝ අපට දැන් රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකියාව ලැබී තිබෙනවා. 

අපට මෙවන් තත්ත්වයක් උදා කර ගැනීමට හැකිවූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම නිසයි. ඒ වගේම  අපට ණය ලබාදුන් රටවල් සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණීමට ද අපට හැකි වී තිබෙනවා. ඒ අනුව අප ලබාගත් ණය ආපසු ගෙවීමට 2042 වසර වන තෙක් කල් ලැබී තිබෙනවා. අප මේ ගිවිසුම් වලින් ඉවත් වුවහොත් හෝ එය සංශෝධනය කිරීමට උත්සාහ කළොත් අපට එම සහන අහිමි වෙනවා. එවිට අප රටක් ලෙස නැවත පරණ තත්ත්වයට පත් වෙනවා. නැවත පෝලිම් යුගයකට මුහුණ දීමට සිදු වෙනවා.  ඒ නිසා මෙම වැඩසටහන ඉදිරියට ගෙන යනවාද? නැද්ද? කියා අප තීරණය කළ යුතුයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන සාර්ථක කර ගැනීමෙන් පමණක් අපට සෑහීමකට පත්විය නොහැකියි. ඉන්දියාව වැනි ආර්ථික දියුණුවක් කරා අපද ගමන් කළ යුතුයි. 2048 වසර වන විට එම සීග්‍ර දියුණුව ඇති කර ගැනීට අප සැලසුම් කර තිබෙනවා. 

ඒ වගේම රට බාර ගැනීමට නායකයන් හොයනවද? ඔලිම්පික් තරගවලට දුවන අය හොයනවද? කියා ජනතාව තීරණය කළ යුතුයි. 

වසර ගණනාවක්  කම්කරු ජනතාවට හිමි සේවක අර්ථක සාධක අරමුදල් ගෙවා නැහැ. ලබන වසරේ සිට එම අරමුදල් ගෙවීමට අප බලාපොරොත්තු වෙනවා. දැන් රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් වෙමින් තිබෙන නිසා එම මුදල් ලබාදීමේ හැකියාව රජයට තිබෙනවා

ඒ වගේම පසුගිය වසර දෙක තුන තුළ වතුකරයේ ජනතාව විශාල ලෙස දුක් වින්දා. අනිත් පිරිස් වෙත වැටුප් වැඩි කිරීම් හිමි වුණා. ඒ වගේම ගොවි ජනතාව වෙනුවෙන් හොඳ ආදායමක් ලබා දී තිබෙනවා. නමුත් වතුකරයේ ජනතාව වෙනුවෙන් එම සහනය ලබාදීමට අපට තවමත් හැකි වී නැහැ.

වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1700ක වැටුපක් ලබාදීමට රජය ගත් තීරණය සමඟ වතු සමාගම් රැසක් මේ වන විට එකඟතාව පළ කර තිබෙනවා. 

මනුෂ නානායක්කාර අමාත්‍යවරයාගෙන් පසු එම අමාත්‍යාංශයේ වගකීම පැවරී තිබෙන්නේ ජනාධිපතිවරයා ලෙස මටයි.

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන්,වැවිලි කර්මාන්ත හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ,අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න,පාර්මේන්තු මන්ත්‍රී එම්. රාමේෂ්වරන්,හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහත්වරු ද අදහස්  දැක්වූහ.



අදහස් (2)

වතු කම්කරු අර්ථසාධක ලබන වසරේ සිට

පුරවැසියා Tuesday, 13 August 2024 05:26 PM

ලබන වසරේ සිට නෙමෙයි ඔක්තෝබර් මාසයේ සිටම දෙනවා. හැබැයි ඒ ආණ්ඩුවේ ඔයා ඇතුළු හොර නඩේ නැහැ...

:       0       0

ranjith Wednesday, 14 August 2024 10:43 AM

වසර 40 කරන්න බැරි උන දේවල් චන්දයක් කට උඩ තියාගෙන

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1100 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1124 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site