නිල් කට්රොළු ඩොලර් කරන ගමක් වලස්මුල්ලේ නිල් කට්රොළු මල් අපනයනය කොට ඩොලර් උපයන ගමක් නිරීක්ෂණය කරන්නට කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහි ගියේය. 11 March 2024
විද්‍යුත් දුම්වැටි උවඳුරක් ලෙස ව්‍යාප්ත වෙලා ශ්‍රී ලංකාව තුළ , විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශ තුළ ඉතා සීඝ්රයෙන් විද්‍යුත් දුම්වැටි , උවදුරක් ලෙසින් ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජී.ගුණසිරි මහතා පැවසීය . 11 March 2024
සළිඳු අධිකරණයට සෙල්ලහේවගේ සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් පානදුර සලිඳු නැමැත්තා මීට සුළු මොහොතකට පෙර පානදුර අධිකරණ භූමියට රැගෙන එන ලදී. 11 March 2024
ගල් අඟුරු මග හැලී ජනතාවට කරදරේ ත්‍රිකුණාමලය වරායේ සිට චිනවරාය හරහා ගැමුණුපුර ගබඩා අංගන වෙත රැගෙන යන ගල් අඟුරැ පටවා ගත් රථ වලින් මග දිගට ගල් අඟුරැ හැලී යැම නිසා බලවත් පාරිසරික ගැටළු රැසක් පැන නැගි ඇතැයි ප්රදේශවාසිහු පවසති. 11 March 2024
සර්දාරි ජනපති වෙද්දී දියණිය ජනපති ආර්යාව පාකිස්තාන ජනාධිපති ධුරය අසීෆ් අලී සර්දාරිට හිමිවෙද්දී, පාකිස්තාන ‘ජනාධිපති ආර්යාව’ යන නමින් අසීෆ් අලී සර්දාරිගේ දියණිය අසීෆා බූතෝ හැඳින්වීමට තීරණය කර තිබේ. 11 March 2024
ජෝන් සීනා උපන් ඇඳුමින් ඇවිල්ලා 96 වැනි ‘ඔස්කාර්’ සිනමා සම්මාන උළෙලේදී, හොඳම ඇඳුම් නිර්මාණය සඳහා සම්මානය හිමිවන්නේ කාටදැයි කීමට, වේදිකාවට ගොඩවූයේ ලොකු කුඩා කා අතරේත් ජනප්‍රිය හොලිවුඞ් නළු ජෝන් සීනාය. 11 March 2024
දෙහිවල නිවසක මැගසින් තොගයක් යම් පාතාල කණ්ඩායමකට අයත් බවට සැක කරන ටි 56 ජීව උණ්ඩ යොදන හිස් මැගසින් 16 ක් ගංජා තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග දෙහිවල ගල් විහාර පාර නිවසක පදිංචි පුද්ගලයෙකු දෙහිවල ගල්වල පාරේ විශේෂ මාර්ග බාධකයකදී අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි. 11 March 2024
විදේශිකයන්ගේ සිද්ධියේදී දුම්රිය සේවකයෝ හරි විදේශිකයන්ට පහර දුන්නා යැයි කියන සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති දුම්රිය සේවකයන් උද්ගත වූ අවස්ථාවේදී කටයුතු කළ ඇති ආකාරය වැරදි නොවන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 11 March 2024
මඩකලපුවේ සූර්ය විදුලි ව්‍යාපෘතිය විවෘත කරයි මඩකලපුවේ ඉදිකළ මෙගාවොට් 2ක ධාරිතාවෙන් යුත් බිම්ගත සූර්ය පැනලවලින් විදුලිය උත්පාදනය කිරීමේ ව්‍යපෘතියක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කළේය. 11 March 2024
ඩුබායි සැඟව සිටින අපරාධකරුවන් වෙන රටවලට පැනලා ඩුබායි රාජ්‍යයට පැනගොස් සිටින මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් එරටින් වෙනත් රටවලට පැනගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවැසීය. 11 March 2024
‘ඔස්කාර්’ සම්මාන උළෙල: හොඳම චිත්‍රපටය ‘ඕපන්හයිමර්’ ලෝක සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන ‘ඔස්කාර්’ සිනමා සම්මාන උළෙල අති උත්කර්ෂවත් අන්දමින්, ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර හොලිවුඩ් ඩොල්බි රඟහලේදී පැවැත්විණි. 11 March 2024
මත් ජාවාරම්කරුවෙකුගේ ගෝලයන් තුනක් දැලේ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ප්‍රියංකර නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ගෝලයන් තිදෙනෙකු බෙලිමුල්ලලේ දී කේරළ ගංජා තොගයක් හා බී.ඩි. කොල තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 11 March 2024
වැඩබලන මහේස්ත්‍රාත්වරියට එරෙහිව කොමිසමෙන් විමර්ශනයක් මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නිවාඩු ලබාගත් අවස්ථාවේදී වැඩ බැලීමට පත් කළ මහෙස්ත්‍රාත්වරිය කොළඹ ප්‍රසිද්ධතම පෞද්ගලික රෝහලකට වාසි සහගත වන අන්දමින් කටයුතු කර වෘත්තීය විෂමාචාරයක් කර ඇද්ද? යන්න සම්බන්ධයෙන් සෙවීමට අධිකරණ සේවා කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තාවේ. 11 March 2024
සජබ -ජ.ජ.බ. අයි.එම්.එෆ් සාකච්ඡාවට ජනපති කළ ඇරැයුම පිළිගෙන නෑ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවට සහභාගී වන ලෙසට ජනාධිපතිවරයා කළ නිල ආරාධනය සමග ජන බලවේගය සහ ජාතික ජන බලවේගය මෙතෙක් පිළිගෙන නොමැත. 11 March 2024
අද වහින තැන් නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 11 March 2024
‘‘අප බලය ගැනීම අවසානය නොවේ:රට ගොඩ නැඟීමේ ආරම්භයයි‘‘ ’’අද වන විට ජනතාවගේ සියලු අයිතීන් නැතිවෙලා. මේ රටේ ජනතාවට මීට වඩා හොඳ තත්වයක් ඇති කළ යුතු බව කියන සත් චේතනාවෙන් තමයි අපි හැමෝම එකතු වෙලා ඉන්නේ. මෙතන ඉන්න හැම දෙනා අපි අතරේම වෙනස්කම් ඇති. නමුත් පොදු අරමුණක් වෙනුවෙන් අපි එකතුවෙලා ඉන්නවා. ඒ නිසා හැමෝම හිතාගන්න අපි දේශපාලන බලය අත්කර ගන්නවා යනු අවසානය නොවේ මේ රට ගොඩනැගීමේ ආරම්භයයි. යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (10) දින හෝමාගමදී පැවසීය. 10 March 2024
කුළුබඩු ආනයනයට අවසර දෙයි ගම්මිරිස්, ඉඟුරු සහ කහ ඇතුළු කුළුබඩු ආනයනය කර ප්‍රතිඅපනයනය කිරීමට අවසර දෙමින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 10 March 2024
සහන දීමේ විප්ලවයක් අරඹනවා ජනතා සහන දීමේ විප්ලවයක් අප ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කුලියාපිටියේ දී අද (10) පැවසීය. 10 March 2024
කොත්මලා ඔය හරහා අතුරේ යන ගැමියෝ දැඩි ජීවිත අවදානම් මැද තම දරුවන් සමග අබලන් වැල් පාළමෙන් වසර ගණනාවක් සිට විවිධ අනතුරුවලට ලක් වෙමින් ගමන් කරන ජනතාව කෙරෙහි බලධාරීන් කිසිදු අවදානයක් යොමු නොකරන බවට කොත්මලේ, හරංගල හා නායපාන ප්‍රදේශවල ජනතාව පවසති. 10 March 2024
‘‘බෙන්ජමින් ඊශ්‍රායලයට විශාල හානියක් කරනවා‘‘ හමාස් සමඟ පවතින යුද්ධය මධ්‍යයේ ගාසා තීරයේ සිවිල් වැසියන්ට සිදුවන හානිය නොසලකා හැරීමෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායලයට යහපතට වඩා හානියක් සිදු කරන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේය. 10 March 2024
ප්‍රපාතයට වැටුණු සිසුවා හමුදාව බේරා ගනී කෑගල්ල අලගල්ල කන්දේ කඳවුරු බැඳ ආපසු එමින් සිටිය දී ප්‍රපාතයකට ඇද වැටුණු වයඹ සරසවි සිසුවෙක් කිලෝමීටර් දෙකහමාරක් පමණ කන්ද මුදුනට නැග නිරුපද්‍රිතව බේරාගත් බව යුද හමුදාව පවසයි. 10 March 2024
මත් ගුලි සමඟ සිංහල බෙහෙත්හලේ හිමිකාරිය අත්අඩංගුවට අගලවත්ත නගරයේ සිංහල බෙහෙත් අලෙව්සලක තිබු රුපියල් හාරලක්ෂ අසු දහසක් පමණ වටිනා මත්ගුලි පැකට් දෙදහස් හාරසීයක් සමග වෙළෙඳසල් හිමිහිමිකාරියවූ (55) හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය සඳහන් කරයි. 10 March 2024
සිංහල අලුත් අවුරුද්දට බිත්තර කෝටි 4 ක් ඉන්දියාවෙන් සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බිත්තර කෝටි 4 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට තීරණය කළ බව වෙළෙඳ අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 10 March 2024
‘යුක්තිය මෙහෙයුමට‘ යුද හමුදාවත් මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ යුක්තිය මෙහෙයුමට හෙට (11) සිට යුද හමුදා නිලධාරීන්ගේ සහාය ද ලබාගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවැසීය. 10 March 2024
ජනපති රම්‍යා වනිගසේකරට අවසන් ගෞරව දක්වයි අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී හා ගුවන් විදුලි නිවේදිකා රම්‍යා වනිගසේකර මහත්මියගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වීය. 10 March 2024
‘ජනාධිපතිවරයා වැල් පාලමෙන් එගොඩ කළේ රාජපක්ෂවරුන්‘ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැල් පාලමෙන් රටේ ජනතාව එගොඩ කළ බවට ප්‍රකාශ කළත් ජනාධිපතිවරයාගේ වැල් පාලමෙන් එගොඩ වූයේ රටේ ජනතාව නොව රට විනාශ කළ රාජපක්ෂවරුන් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 10 March 2024
ගසක් කඩා වැටී බදුල්ල දුම්රිය නවතී නාවලපිටිය හා ඉඟුරුඔය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (10) පස්වරු 2.40ට පමණ නා ගසක් කඩා වැටීමෙන් දුම්රිය ධාවනයට බාධා පැමිණ තිබේ. 10 March 2024
ශ්‍රීපාද රක්ෂිතයේ ගින්න වැඩි වෙයි :ජල මුලාශ්‍ර වලට තර්ජනයක් ශ්‍රීපාද රක්ෂිතයේ, මරේ තේ වතුයායේ, තේ කර්මාන්ත ශාලාවට ඉහළින් පිහිටි ටර්පන්ටයින් වගාවේ දින 04 ක පමණ කාලයක් තිස්සේ පවතින ගින්න අද (10) දින වන විටත් තවදුරටත් පැතිරෙමින් පවති. 10 March 2024
‘ගෝඨගෙ පොත් වැඩක් නෑ‘ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මොන පොත් ලිව්වත් ඔහු ඔහුගේ වගකීම ඉටු නොකළ බව තමා පැහැදිලිව ප්‍රකාශ කරන්නේ යැයි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා පැවසීය. 10 March 2024
මධ්‍යම තැපැල් හුවමාරුවේ වර්ජනයක් මධ්‍යම තැපැල් හුවමාරුව පිහිටි ගොඩනැගිල්ලේ විදුලි සෝපානය අක්‍රීය වී වසරකට ආසන්න කාලයක් ගතවුවද එය අලුත්වැඩියා නොකිරීමට විරෝධය දක්වමින් අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. 10 March 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026