පිටිගල වෙඩි තැබීමකින් අයෙක් මරුට යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් පිටිගල ගුරුවල ප්‍රදේශයේ දී අද (11) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු එතනම මියගොස් තවත් පුද්ගලයන් දෙදෙනකු සහ මාර්ගයේ ගමන් කළ කාන්තාව තුවාල ලබා රෝහල් ගත කළ බව පිටිගල පොලීසිය කියයි. 11 March 2024
හෝටල් සේවකයෝ කොළඹදී විරෝධතා ආණ්ඩුව විසින් පනවා තිබෙන බදු අහෝසි කරන ලෙසත් හෝටල් සේවකයින්ගේ ගැටලු විසඳන ලෙසත් බලකරමින් හෝටල් සේවක මධ්‍යස්ථානය විසින් සවිධානය කරන ලද විරෝධතාවයක් කොළඹ ගෝල්ෆේස් වටරවුමේදී අද පස්වරුවේදී (11) පැවැත්විය. 11 March 2024
කවුරුත් එකඟ වෙන විදියට වැඩ කරනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා වලදී සියලුම පාර්ශ්වයන් එකඟ වන තීරණවලට එළැඹීම වෙනුවෙන් රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 11 March 2024
කෙහෙළියගේ මල් වඩම් සිද්ධියට චෝදනා බාර දෙන්න දින දෙයි හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට මල් වඩම් තැබූ සැකකරුවන්ට එරෙහිව ඉදිරිපත් කරන චෝදනා මොනවාද? යන්න පිළිබද වාර්තාවක් ජුනි 10 දින ගොනුකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා කුරුඳුවත්ත පොලිසියට අද(11) දන්වා සිටියේය. 11 March 2024
ඉන්දීය සමාගම් - කාංචන අතර විශේෂ සාකච්ඡාවක් ඉන්දීය කර්මාන්තකරුවන්ගේ සංගමයට අනුබද්ධ පුනර්ජනනීය බලශක්ති සමාගම්වල නියෝජිතයන්ගෙන් සමන්විත විශේෂ ඉන්දියානු දූත කණ්ඩායම සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අතර විශේෂ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී අද (11) පැවැත්විණි. 11 March 2024
ඩොලරය රුපියල් 302කට බසියි ඇමරිකානු ඩොලරයේ ගැණුම් මිල අද (11) දිනයේ රුපියල් 302.6227 ක් දක්වා පහත වැටී ඇතැයි වාණිජ බැංකු ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. 11 March 2024
ලොකු ලුණු කිලෝව 1000ට? මේ දිනවල වෙළඳපොළ තුළ ලොකු ළූන මිල ඉතා සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව පාරිභෝගිකයෝ පවසති. 11 March 2024
හරක් කටා රිමාන්ඩ් පොලිස් විශේෂ කාර්්‍ය බළකා නිලධාරීන්ට සහ රහස් පොලිස් නිලධාරීන්ට පහරදී කුමන්ත්‍රණකාරීව පළා යෑමට තැත් කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට සහ හිටපු පොලිස් කොස්තාපල්වරයකුට එරෙහිව අධි චෝදනා පත්‍ර භාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඔවුන් දෙදෙනා අප්‍රේල් 26 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමටද අද (11) නියම කළේය. 11 March 2024
අලි වැට රකින්න 4500ක් ගන්න මුදල් අමාත්‍යාංශ අනුමැතිය අලිවැට සංරක්ෂණය සඳහා බහුකාර්ය සංවර්ධන නිලධාරීන් 4,500ක් වනජීවී අමාත්‍යාංශයට අනුයුක්ත කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වී තිබෙන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. 11 March 2024
උඩින් යද්දී නියමුවන් නිදි අභ්‍යන්තර ගුවන් ගමනක් අතරතුරේ, එම ගුවන් යානය පියාසර කරමින් සිටි නියමුවන් දෙදෙනාට නින්ද යෑමේ පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තා වේ. 11 March 2024
උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට හල්දුම්මුල්ල උඩවේරියවත්තේ අද (11) දහවල් හටගත් විශාල ගින්නක් හෝර්ටන් තැන්න වනෝද්‍යානය දෙසට විහිද යාමේ අවදානමක් හටගෙන ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. 11 March 2024
වෙස් ඇදුම් කට්ටලය ලෝක උරුමයක් කරන්න යයි උඩරට වෙස් ඇඳුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කිරිමට පියවර ගන්නා බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය. 11 March 2024
අධිවේගී මාර්ගයෙන් එස්.ටි.එෆ් සෙබළුන් ඉවතට අධිවේගී මාර්ගය ආරම්භ කළ දින සිට සේවය කළ පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් අද (11) සිට ඉවත්කර ඒ වෙනුවට රක්නා ලංකා පෞද්ගලික සමාගමේ නිලධාරීන් අනුයුක්ත කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රකාශකයෙක් පැවසීය. 11 March 2024
මහ බැංකුව ඉදිරිපිට විරෝධයක් මහ බැංකුවේ සේවකයන්ට වැටුප් වැඩි කිරීමට විරෝධය දක්වමින් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් මහ බැංකුව ඉදිරිපිට අද (11) දහවල් විරෝධතාවක් පැවැත්වූහ. 11 March 2024
80 හැවිරිදි මිත්තනියගේ මරණයට මුණුපුරා සැකපිට බිම ඇද වැටී බරපතල තුවාල ලබා රෝහල් ගතකර සිටි 80 හැවිරිදි මිත්තණියක් මියගිය ගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි. 11 March 2024
මැරතන් දිවූ දරුවා රෝගි වී මරුට තිරුක්කෝවිල් ප්‍රදේශයේ පාසලක අද (11) පැවැති ක්‍රීඩා උත්සවයක මැරතන් ධාවන තරගයකට සහභාගි වූ පාසල් සිසුවකු හදිසියේ රෝගාතුරුවී මියගොස් ඇති බව පොලිසිය පවසයි. 11 March 2024
ශ්‍රී ලංකන් ප්‍රගතිය මාස 6කින් ඕනෑ රජයෙන් ලබා ඇමරිකන් ඩොලර් මිලියන 510 ක පමණ මුල්‍ය සහනය සමගින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ මුල්‍ය ප්‍රගතිය ඉදිරි මාස හය තුළ පෙන්විය යුතු බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (11) පැවසීය. 11 March 2024
‘තෙල් මිල තවත් අඩු කරනවා‘ මිල සූත්‍රය ගැන පාර්ශ්ව කරුවන් කැඳවා විමසීම් කර ඉන්ධන මිල තවදුරටත් අඩු කිරීමට සූදානම් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය . 11 March 2024
ඉන්දීය සයුර රකින වැඩකට ජනපති දරුවන් සමග එයි “අනාගත පරපුර සඳහා තිරසර ඉන්දියානු සාගරයක් සහතික කිරීම” යන තේමාව යටතේ ශ්‍රී ලංකාවේ සභාපතිත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ දී පැවති “IORA” දින 2024 සැමරුම් උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී විය. 11 March 2024
තාප්පයක් නිසා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය නවතියි කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයට අයත් දුම්රිය නිල නිවාස පිහිටි ස්ථානයේ බාහිර පාර්ශවයන් අනවසරෙන් දුම්රිය ස්ථානයට සහ දුම්රිය පරිශ්‍රයන් වෙත ඇතුල්වීම වලක්වාලීම සඳහා ඉදිකර තිබු තාප්පයක් එම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්ට බලහත්කාරයෙන් කඩා ඉවත් කිරීමේ සිද්ධියකට විරෝධයය දක්වමින් කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේ සේවකයන් සේවයෙන් ඉවත් වූ අතර ඒ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය පැය කීපයක් අහිහිටුවීමට සිදුවිය. 11 March 2024
දඹානේ විහාරස්ථානයකට වෙඩි මහියංගණය, දඹාන, කුකුලාපොල සොනුත්තර මහා විහාරයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලීසිය කියයි. 11 March 2024
රිලවුන්ට බැට දෙන්න වායු රයිෆල් දාහක් රිලවුන් පලවා හැරීම සඳහා ගොවීන් වෙත මේ වසරේදී වායු රයිෆල් දහසක් නිකුත් කරන බව ශ්‍රී ලංකා හද බිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මහතා පැවසීය. 11 March 2024
මහා බැංකු වැටුප් අහෝසි කරන්න ගම්මන්පිලගෙන් පනතක් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම අහෝසි කිරීමේ අරමුණින් මහ බැංකු පනත සංශෝධනය කෙරෙන පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් මේ සතියේදී පාර්ලිමේන්තු මහ ලේකම්වරියට බාර දෙන බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. 11 March 2024
මල්වතුහිරිපිටිය හිමිනම ඝාතනයේ ප්‍රධාන සැකකරු මාට්ටු මල්වතුහිරිපිටිය ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේදී හිමි නමක වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන පුද්ගලයකු ඊයේ (10) හම්බේගමුව අලුත්වැව හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව හම්බේගමුව පොලිසිය පවසයි. 11 March 2024
පාර අයිනේ සිටි තරුණයා ටිපරයට බිලි හලාවත දිගන්වැව ප්‍රදේශයෙ මාර්ගය අසල ට්‍රැක්ටරයකට ඉන්ධන දමමින් සිටි තරුණයකු මාර්ගයෙ ගමන් කරමින් තිබු කොහු බත් පැටවු විශාල ලොරියකට යටවි එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි. 11 March 2024
ආර්ථික තුවාලය තව ටික දිනයි රටේ ආර්ථික තුවාලය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් තව ටික දිනකින් සම්පූර්ණයෙන්ම සුව කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක දේශගුණික විපර්යාස පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 11 March 2024
වැඩි කරගත් පඩි අහෝසි කරන්න ආණ්ඩුවට පුලුවන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් වැඩිකර ගත් වැටුප් අහෝසි කිරීමට ආණ්ඩුවට හැකියාව ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය. 11 March 2024
කතානායක වෙස්ට්මිනිස්ටර් ප්‍රධානියා හමුවෙයි ප්රජාතන්ත්රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනමේ ආසියා පැසිෆික් සහ ඇමරිකානු කලාපීය අධ්යක්ෂ මැතිව් හෙජස් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය. 11 March 2024
කුඩු සලිඳු රිමාන්ඩ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටි සෙල්ලපෙරුමගේ සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් පානදුර සලිඳු නැමැත්තා ලබන මාර්තු 25 දින තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා අද නියෝග කලේය. 11 March 2024
අඛණ්ඩ ජල සැපයුමට බාධා වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් අඛණ්ඩව ජලය සැපයීමට බාධා මතුව ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය පවසයි. 11 March 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026