
(අංජුල මහික වීරරත්න)
පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත පුත්තලම අරුවක්කාලු මයෝසීන හුණුගල් නිධිය ආශ්‍රිත ප්‍රදේශය සුරක්ෂිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වසර මිලියන 26-195 අතර ඉතා ඈත යුගයකට අයත් පුරාවිද්‍යාත්මක සාධක අන්තර්ගත වූ අවසාධිත පාෂාණ තැන්පතුවක් පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අරුවක්කාලු ප්‍රදේශයේ පිහිටා ඇති බව භූ විද්‍යාත්මක හා පුරාවිද්‍යාත්මක පර්යේෂණ මඟින් තහවුරු වී ඇත.
එම භූමියෙහි පිහිටා ඇති හුණුගල් නිධිය තුළින් මයෝසීන යුගයට අයත් වඳ වී ගිය සහ දැනට ජීවත් වන සත්ත්ව වර්ග 40කට වඩා වැඩි ප්‍රමාණයක පොසිල සාධක හමුවී තිබේ.
ඒ අනුව, එම ප්‍රදේශය සුරක්ෂිත කිරීම පිණිස 1940 අංක 9 දරන පුරා වස්තු ආඥාපනතේ සහ 1998 අංක 24 දරන පුරාවස්තු (සංශෝධන) පනතේ විධිවිධාන පරිදි හෙක්ටයාර 10ක ප්‍රදේශයක් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කිරීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.