
(බටේපොළ විජයසිරි)
දිවුලපිටය - මීගමුව මාර්ගයේ දූනගහ නගරයේ දී ටිපර් රථයක් සහ ත්‍රීරෝද රියක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රියේ ගමන් ගත් තිදෙනකු මියගොස් තවත් එක් අයකු තුවාල ලබා ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි.
ගොඩිගමුව ප්‍රදේශයේ සිට දූනගහ දෙසට ධාවනය වූ ත්‍රිරොද රිය දිවුලපිටියේ සිට මීගමුව දෙසට ධාවනය වූ ටිපර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
අනතුර සිදුවන අවස්ථාවේ එහි සිවු දෙනකු ගමන් කර ඇත. සිද්ධිය වූ ස්ථානයේ එක් අයකු මියගොස් ඇති අතර අනෙක් දෙදෙනා රෝහලට රැගෙන යද්දී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
තුවාල ලබා ඇත්තේ කාන්තාවකි.ඔවුන් ගොඩිගමුවේ පදිංචි කරුවන් බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාරක්ෂිත ත්‍රී රෝද නිසා අවුරුද්දකට කී දාහක් මැරෙනවද? ප්‍රධාන හේතුව නියමිත ප්‍රමාණයට වඩා පුද්ගලයන් හෝ බර පැටවීම. පොලිසිය මීට වඩා තදින් ත්‍රී රෝද රථ සෝදිසි කල යුතුයි
මෙතනනම් කාගේ වරදද දන්නේ නැහැ. එත් ලංකාවට ත්‍රිරෝද රථ දැන් ඇති. එකක් අනාරක්ෂිත භාවය වැඩියි . අනික ආර්ථික සමාජ ගැටළු ගොඩක් ත්‍රිරෝද රථ නිසා ඇතිවෙලා තියෙනවා. ලංකාවේ ත්‍රිරෝද රථ හා බැදුණු සංස්කෘතිය එතරම් හොද තත්වයක නෑ.
හොඳම විසඳුම් මාර්ගය මැදින් වෙන් කිරීම. මැදින් දූපතක් වගේ වෙන් කර එවිට වාහන මුහුණට මුහුණ වැදෙන ප්‍රමාණය100% නතර කළ හැකියි. හොඳම විසඳුම එයයි.
වෙනත් මාර්ග වලට සාපේක්ෂව 251 සහ 254 බස් මාර්ග වල ටිපර් රථ ධාවනය වැඩියි. අනික ඔවුන්ගේ ධාවන වේගයත් ඉතා ඉහළයි. ඉතින් ත්‍රීරෝද රථයක් වැනි අනාරක්ෂිත වාහනයක ගැටුණාම මරණයකින් තමයි කෙළවර වෙන්නේ. මේ කියලා තියනවා වගේ ලංකාවට ත්‍රීරෝද රථ මේ ඇති.