පළාත් පාලනයේ 8400ක් ස්ථිර සේවයට පළාත් පාලන ආයතනයන්හි අනියම් සේවකයන් 8400ක් ස්ථිර කිරීමට රජය තීරණය කර ඇත. 10 March 2024
මුහුදු ගොස් මියගිය ධීවරයාගේ සිරුර ගොඩබිමට මුහුදේ රැකියාවට පිටත්වි දින කිහිපයකට පසු හදිසියේ අසනීපවි මියගිය මියගිය ධිවර කාර්මියෙකුගේ ම ළ සිරුරක් අද (10) ත්‍රිකුණාමලය ධිවර වරායෙන් (කොඩ්බේ ධිවර වරාය) ගොඩ බිමට රැගෙන ආ බව ත්‍රිකුණාමලය වරාය පොලිසිය කියයි . 10 March 2024
සමාගම් 1000 කට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් රතු එළියක් රුපියල් බිලියන 160 කට වැඩි හිඟ බදු මුදල් මාස හයක කාලයක් තුළ ගෙවා අවසන් කළ යුතු බවත් එසේ නොකොළහොත් බැංකු ගිණුම් සහ දේපළ අත්පත් කර ගැනීමට සිදුවන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමාගම් 1000 ආසන්න ප්‍රමාණයකට දැනුම් දී තිබෙන බව කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පැවසුවාය. 10 March 2024
මුල් මාසෙදී කෝටි 5000ක රට කෑම කාලා මේ වසරේ මුල් මාසයේදී පමණක් පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා රුපියල් කෝටි නව දහස් තිස් හයක් වැය කර ඇතැයි මහ බැංකු වාර්තා අනුව පෙනී යන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය. 10 March 2024
හෝමාගම මත් සාදයේ 8ක් අධිකරණයට:6ක් රිමාන්ඩ්:19කට පොලිස් ඇප හෝමාගම මාගම්මන සුඛෝභෝගී නිවාස සංකීර්ණයකදී කාන්තා දිනයදා උපන්දිනයක් නිමිත්තෙන් මත්ද්‍රව්‍ය සාදයක් පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් 27 දෙනාගෙන් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි තරුණයන් පස් දෙනකු හා මුදලට පැමිණි බවට සැක කරන තරුණියන් තිදෙනකු කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එයින් හය දෙනකු මෙම මස 14 වෙනිදින දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත් ඉෂාරා ජයකොඩි මහත්මිය නියෝග කළාය . 10 March 2024
විශ්වාසභංග විවාදය 19 කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී ලබන 19 වැනිදා විවාදයට ගැනීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 10 March 2024
බෙහෙත් පහළොවකින් කෝටි 23 ක පාඩුවක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් නිෂ්පාදනය කෙරුණු ඖෂධ වර්ග පහළොවක් නිෂ්පාදන පිරිවැයට වඩා අඩුවෙන් අලෙවි කිරීමෙන් සංස්ථාවට ඉකුත් 2022 වර්ෂයේදී කෝටි 23ක පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 10 March 2024
කඩුවෙල නගර සභා ස්වාධින අපේක්ෂකයෙක් ‘අයිස්‘ සමඟ මාට්ටු කඩුවෙල මහ නගර සභාවට ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයෙකු ලෙස කටයුතු කල පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය සමගින් පනාගොඩ වැලිපිල්ලෑව ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි. 10 March 2024
නෙදුන්කෙණි වඩුන්නාගල නොසන්සුන් වෙයි වවුනියාව නෙදුන්කෙණි, වඩුන්නාගල (වඩික්කනාරමලෙයි) පුරාවිද්‍යා ස්ථානයේ ශිවරාත්‍රි දිනය නිමිතකරගනිමින් දෙමළ දේශපාලන නායකයින් අැතුළු පිරිසක් අනවසරයෙන් පුරාවිද්‍යා ස්ථායේ පැවැත්වූ උත්සවයක් හේතුවෙන් පොලිසිය සහ පැමිණි පිරිස් අතර නොසන්සුන්කාරී තත්වයක් අැතිවිය. 10 March 2024
විදුලි-ජල බිල් ගෙවාගනන බෑ ජනතා අදෝනා අධික විදුලි බිල් සහ ජල බිල් ගෙවීම දුෂ්කර බව පවසමින් ජනතාව මැති ඇමතිවරුන්ගේ නිවෙස්වලට පැමිණ දුක් ගැනවිලි ඉදිරිපත් කිරීම විශාල වශයෙන් වැඩිවී ඇතැයි වාර්තාවේ. 10 March 2024
පොල් මරුවෙක් එයි වියලි කාලගුණය සමඟ පොල් වගාවේ සුදු මැස්සාගේ හානිය වර්ධනය වීමක් පිළිබඳ නිරික්ෂණය වී ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි. 10 March 2024
වතුර විකුණන කතාව බොරු ගොවීන්ට ලබා දෙන ජලය සඳහා ගාස්තුවක් අය කිරීමට හෝ ජලය පෞද්ගලීකරණය කිරීමට රජයට කිසිදු යෝජනාවක් මෙතෙක් ඉදිරිපත්ව නැතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 10 March 2024
පසුගිය වසරේ ලාදුරු රෝගීන් 1550 ක් ශ්‍රී ලංකාවෙන් 2023 වසරේදී ලාදුරු රෝගීන් 1550 දෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි. 10 March 2024
ජා ඇල වෙඩිතැබීමක් ජා ඇල දඬුගම මස් වත්ත ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්ලුව මහතා පැවසීය. 10 March 2024
නිවසකට ගොස් කළබල කළැයි පීසී අත්අඩංගුවට ඉංගිරිය ඇලබඩ පාරේ නිවසකට තවත් පිරිසක් එක්ව ගොස් පහර දී දේපලවලට අලාභ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය කියයි. 10 March 2024
අද කාලගුණය රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 10 March 2024
සර්දාරි දෙවැනි වරටත් පාකිස්තාන ජනපති පුටුවට පාකිස්තාන හිටපු ජනාධිපති අසීෆ් අලී සර්දාරි, යළිත් එරට ජනාධිපති ධුරයට පත්විය. ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම කළේ පාර්ලිමේන්තුවය. 10 March 2024
ලොව පැරණිම ගස් පොසිල හමුවෙලා ලොව පැරැණිතම වනාන්තරයට අයත් ශාකවල එසේත් නැතිනම් ගස්වල පොසිල හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මෙම පොසිල හමුවී ඇත්තේ නිරිතදිග එංගලන්තයේ පොසිල කැණීම් භූමියකිනි. එම පොසිල ගස්, අවුරුදු මිලියන 390 ක් පැරැණි බව තහවුරු වී ඇත. 10 March 2024
ලෝක රූ රුජින චෙක් ජනරජයෙන් චෙක් ජනරජය නියෝජනය කළ සුරූපිනී, ක්‍රිස්ට්යානා සිස්කෝවා, 2024 ලෝක රූ රුජින ලෙස කිරුළු පැලඳියාය. ඒ, රටවල් රැසක තරගකාරිනියන් 111 ක් අභිබවා යමිනි. 10 March 2024
කොත්මලේ මගක ගින්නක් කොත්මලේ හරංගල ග්‍රාම නිලධාරී වසමේ අක්කර දහයකට වැඩි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි පොලිසිය කියයි .අද පස්වරුවේ ඇති වූ ගින්න මැඩ පැවැත්වීම සඳහා යුද හමුදාව ද කැඳවූ බව වාර්තා විය. 09 March 2024
ශ්‍රී ලංකාව 2-1 කින් බංග්ලාදේශය පරදවයි සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සිලාත්හිදී අද (9) පැවති තුන්වෙනි සහ අවසන් විස්සයි20 තරඟයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 28 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ. 09 March 2024
ඇල්පිටියේ දැරියකගේ ගෙළ කපා මරලා ඇල්පිටිය තලාව පාර, නානායක්කාර මාවත ප්‍රදේශයේ පිහිටි තේ ඉඩමකදි, තිබි ගෙල කපා ඝාතනය කරන ලද දැරියකගේ මළසිරුරක් අද (9) සොයා ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි. 09 March 2024
කොස්ගම අනතුරින් පියා-පුතා මරුට:මව රෝහලට හයිලෙවල් මාර්ගයේ කොස්ගම මිරිස්වත්ත ප්‍රදේශයේ දී සිමෙන්ති පැටවූ ලොරියක් යතුරු පැදියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරු පැදියෙහි ගමන් ගත් පිය පුතු දෙපළක එම ස්ථානයේදීම මියගොස් ඇතැයි කොස්ගම පොලිසිය පවසයි. 09 March 2024
හොර සිගරට් 13,500ක් සමග සෙබළු 2ක් මාට්ටු රජයට බදු ආදායම් අහිමි කරමින් නීති විරෝධීව සිගරට් දහතුන්දහස් පන්සීයක් රැගෙන යමින් සිටි යුද හමුදා සෙබළු දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අද අම්පාර බස් නැවතුම් පොලේදී අත්අඩංගුවට ගනු ලැබූහ. 09 March 2024
මැතිසබයේ ’’බස් පාස්’’ දිගටම පාර්ලිමේන්තු සේවකයන්ට නොමිලයේ දුන් ලංගම බස් ගමන් බලපත්‍රය අහෝසි කිරීමට භාණ්ඩාගාරය ගත් තීරණය කැබිනට් මණ්ඩලය ඉවත දමා ඇත. 09 March 2024
කෝටිපති සීයකගේ ආදායම් හොයන්න විමර්ශනයක් ඉහළ වත්කම් ඇති පුද්ගලයින් 100 දෙනෙකු කෙරෙහි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමු වී ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.ඒ.සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පැවසුවාය. 09 March 2024
තරුණයන් 3ක් යටකර පලාගිය කැබ්රථය - රියදුරා අත්අඩංගුවට අනුරාධපුර,රඹැව මාර්ගයේදි තරැණයන් තිදෙනෙකු මරණයට පත්කර පලාගිය කැබ් රථයේ රියදුරා ඇතුළු තිදෙනෙකු කැබ් රථයද සමග යාපනය හන්දිය ගරාජයකදි අද(09)දින අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි. 09 March 2024
බැසිල් ගෝලයෝ දාලා කෝප් කෙලින් කරන්න බැහැ බැසිල් රාජපක්ෂ මහතාගේ ගෝලයන් දමා කෝප් කමිටුව ශක්තිමත් කළ නොහැකි බව මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 09 March 2024
මාමා මැරූ බෑණා පෙති වර්ගයක් බී රෝහලේ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් බෑනා විසින් තියුණු ආයුධයකින් පහරදී මාමණ්ඩිය ඝාතනය කර ඇතැයි හලාවත පොලිසිය පවසයි. 09 March 2024
කාන්තා දිනය දා උපන්දින මත් සාදයට සරසවි සිසු - සිසුවියන් 17ක් ඇවිල්ලා සරසවි සිසුවෙකුගේ උපන්දින සාදයක් සඳහා මුහුණු පොත හරහා ආරාධනා ලැබ පැමිණි සරසවි සිසුවියන් පස් දෙනෙකු ඇතුළු විසි හත් දෙනකු මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී කාන්තා සැමරුම් දිනය පැවති ඊයේ (08) රාත්‍රීයේ කහතුඩුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 09 March 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026