
(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකා ගුවන් සේවා ඉතිහාසයේ මෙතෙක් පැවති විශාලතම ගැටළුවකට විසදුමක් ලෙස කටුනායක ගුවන් තොටුපොළ සිට කොළඹ , කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානය සහ මා කුඹුර බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථානය කරා නව සුඛෝපභෝගී බස් රථ සේවාවක් (Air Port Terminal Shuttle Service ) අද(15) ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ මහතා විසින් කටුනායක ගුවන් තොටුපොළෙන් ආරම්භ කළේය .
මෙතෙක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා පැමිණෙන විදේශීය සංචාරකයන් මෙරට තුළ සංචාරය සදහා ප්‍රවාහන සේවා ආයතනයක පහසුකම් ලබා නොගන්නේ නම් ඔවුන් සිය බඩුබාහිරාදිය සමග ගුවන් තොටුපොළේ සිට කිලෝ මීටර් 02 ක් පමණ දුරින් පිහිටි ඇවරිවත්ත බස් නැවතුම් පොළ කරා ගමන් කළ යුතුව තිබුණි .
මෙම නව බස් සේවාව සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම , ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍යාංශය , පෞද්ගලික බස් රථ සමාගමක් ඒකාබද්ධ වී සංවිධානය කර ඇති අතර , ගුවන් තොටුපොළෙන් පිටත් වන මෙම බස් රථ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ , අතරමැද නැවැත්වීමකින් තොරව සිය ගමනාන්තය කරා පිවිසෙන ආකාරයට මෙම බස් රථ ගමනාගමනය සූදානම් කර තිබේ .
මෙම නව බස් රථ සේවාව සදහා සුඛෝපභෝගී විශාල ප්‍රමාණයේ බස් රථ 10 ක් යොදවා ඇති අතර , එක් ගමන් වාරයක් සදහා රුපියල් 3,000 ක මුදලක් එක් මගියෙකුගෙන් අය කිරීම ද සිදු වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හොඳ දෙයක්. ඒ වගේම රාත්‍රී කාලයේ ලංකාවට එන සංචාරකයන් සහ අපේම අයට තවත් ආරක්ෂාව ඇතුව කොටුවෙන් සහ මාකුඹුරෙන් එහාට යන්නත් වැඩ පිළිවෙලක් දියත් කරන්න. සංචාරක රියැදුරන් පව් . නමුත් ඒ හැම එක්කෙනාම විශ්වාස කරන්න අමාරුයි වගේම ගානත් සැරයි.
2010 ඡන්ද තියන්න මාසයකට කලින් පුල්මුඩේ මිහින්තලය හරහා කොළබ CTB බස් එකක් පටන් ගත්තා. ඡන්දය ඉවර වෙලා මාසයයි තිබ්බේ. බස් එක නතර කලා.
ඉතින් රුපියල් 3000 දීලා බස් එකේ යන්න ඕනෑකමක් නෑනේ කාටවත් ඒ ගාණටම හරි ඊට වැඩිය පොඩි මුදලක් වැඩියෙන් ගෙවලා ඌබර් ටැක්සි එකක ආරක්ෂිතව සුවපහසුව යන්න පුළුවන් කමක් තියෙද්දී..!
ඕක රුපියල් 1000-1500 වගේ ගාණකට දුන්නා නම් හරි. 3000ක් වැඩියි.
පුද්ගලික සමාගමේ නම රහසක්ද?
සතියක් දෙකක් යනකොට හොරෙන්ම ඕකත් අතයට ගනුදෙනුවකට කොමිස් ගන්න ඉන්දියාවට දෙයි . ඒක අහන්න දෙයක් නැහැ .දැක්කනේ වීසා . දැනටම කවුරු හරි ඇමතියෙක් මේකට කෙල හලාගෙන ඇති
මේක සංචාරකයන්ට විතරද . පිටරටවල වැඩ කරලා ලංකාවට එන අයට යන්න බැරිද ?