
(යොහාන් භාසුර සහ මනෝප්‍රිය ගුණසේකර)
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපතිවරයකු වන ජනක රත්නායක මහතාට එක්සත් ලංකා පොදුජන පක්‍ෂයෙන් නාමයෝජනා දීමට රුපියල් ලක්ෂ 300 ක අල්ලස් මුදලක් ගනිද්දී එම පක්‍ෂයේ ලේකම්වරයා ඇතුළු විධායක සභිකයන් කීපදෙනකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් මීට සුළු මොහොතකට පෙර පැවසීය.
අල්ලස දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපති කාමන්ත තුෂාර මහතා අල්ලස් කොමිසමට කළ පැමිණිල්කට අනුව කළ වැටලීමකදී වැලිකඩ ප්‍රදේශයේ ප්‍රසිද්ද ව්‍යාපාරික සංකීර්ණයකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
බොරැල්ලේ පිහිටි වැලිකඩ ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේදී අදාල පුද්ගලයන් මුදල් ලබාගනිද්දී අද (14) පස්වරුවේ අත්අඩංගුවට පත්වූ බව ද එම ප්‍රකාශකයා කීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර එම පක්‍ෂයේ හිටපු ලේකම් සහ එම පක්‍ෂයෙන් 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්‍ෂකයෙක් ද සිටින බවත් ඔවුන්ගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවත් එම ප්‍රකාශකයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක අල්ලසක් හැටියට සලකන්න පුළුවන්ද කියලා හිතෙනවා කෙනෙක් හෝ පිරිසක් විසින් හදාවඩා පෝෂණය කල පක්ෂයේ අයිතිය විකිණීමට කටයුතු කිරීම අල්ලසක් වෙන්නේ කොහොමද... ඒක දේපළ විකිණීමක් හැටියට සලකන්න පුළුවන්... ජනක හිතාගෙන ඇති අනුන්ගේ දේපළ නිකම්ම ඔහුට පිදිය යුතුයි කියලා...!
අල්ලස ගැනීම වගේම දීමත් වරදක් නේද?
වත්කමක් විකුණා මුදල් ගන්නවා කියන්නේ අල්ලසක් කියන්නේ කොහොමද කියලා දන්න කෙනෙක් පැහැදිලි කරන්න...
සල්ලිවලට ගෙම්බෝ වගේ පනින අනිත් අයට දැන් චූ යනවා ඇති. නියම ප්‍රවෘත්තියක්... ඡන්දෙ ළංවෙලා පිට රට යන්න ටිකට් ගන්න අය ගැන ඇහැ ගහගෙන ඉන්න.
ඔය පක්ෂයෙන් 2015 ඡන්දෙ ඉල්ලුවේ කවුද?
අල්ලස් දුන්නු එක්කෙනා ඇල්ලුවේ නැද්ද?
මේක මෙයාගේ ප්‍රචාරක වැඩක්, පහුගිය දවස්වල මෙයා ගැන ගිය ආරංචිත් හොඳ නැහැ...!
මෙයා ලක්ෂ 300 ක් (කොටි 3ක් )උපයාගත් හැටි හොයන්න