
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 74.දශම 2 ඇල්පිටිය ප්‍රදේශයේදී වෑන් රථයක් පෙරළී එයට යට වීමෙන් කුඩා දැරියක මියගොස් තවත් කුඩා දරුවන් ඇතුළු වැඩිහිටියන් කීප දෙනෙකුද තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.
අනතුරට පත් වූවන් අතර ගැබිණි මවක්ද සිටි බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි .අනතුරින් මියගොස් ඇත්තේ කතරගම වැඩිහිටි කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 2 මාස 2 වයසැති දැරියකි.
කැලණිය ප්‍රදේශයේ විනෝද චාරිකාවකට සහභාගි වීම සඳහා පවුල් කිහිපයක සාමාජිකයන් පිරිස රැගෙන මත්තල සිට කොළඹ දෙසට පැමිණෙමින් තිබූ වෑන් රථයේ ටයරයක් පිපිරී යාමත් සමගම වෑන් රථය පෙරළී අධිවේගී මාර්ගයේ මැද ආරක්ෂිත වැටේ ගැටී ඇතැයි පොලිසිය කියයි.

(ඡායාරූපය-එම්.කේ.නන්දසේන)
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහනයේ ටයර් ගෙවී තිබීම හෝ එසේ නොවී ටයරයේ කල් ඉකුත්වීම නිසා අනතුර වුණා වෙන්නත් පුළුවන් වගේම තව කාරණයක් තියෙනවා කියන්න. දිනක් මම අධිවේගයේ නියමිත් වේගයට අනුව කාර් රථයක් ධාවනය කරමින් සිටියදී හදිසියේම මට පෙනුණා පාරේ තිබුණා ලොරියක් වැනි වාහනයකින් ගැලවී වැටුණු මුරිච්චි ඇණයක්. මට ඒක පෙනුනේ බොහෝම ළඟටම ආවාට පස්සේ. ඒ වෙලාවේ පොඩ්ඩක්වත් හරවන්න වෙලාවක් නැහැ. තව වාහනයක් මගේ වාහනය ඉස්සර කරනවා. සුක්කානම ඉතා තදින් අල්ලාගැනීම හැර වෙනත් දෙයක් කරන්න කිසිම විදියක් නැහැ. රෝදය ඇයට උඩින් ගියා. වාහනය උස්සලා ගැහුවා වගේ හොඳටම ගැස්සිලා ගියා. පෙරලි නොගොස් බේරුනේ පුරුවේ කළ පිනකට වෙන්න ඇති....