
(අයි ආර් ඉන්දික)
පාසල් දැරියක දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සියලු තොරතුරු දැනගෙනත් එම තොරතුරු පොලිසියට වසන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තණමල්විල ජාතික පාසලේ විදුහල්පතිවරයා ඇතුළු තිදෙනා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හරින්නැයි වැල්ලවාය දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් චතුර ඊ දිසානායක මහතා නියෝග කළේය.
සැකකරුවන්ට යළි ලබන 22 අධිකරණයේ පෙනී සිටින ද ලෙස නියෝග කළේය.
මෙසේ ඇප මත මුදාහරියේ විදුහල්පතිවරයා නියෝජ්‍ය විදුහල්පතිවරයා උපදේශන ගුරුවරියක සහ විනය කමිටුව බාර ආචාර්යවරියයි.
ඇප ලබාදෙමින් මහේස්ත්‍රාත් වරයා වැඩිදුරටත්
සාක්ෂී කරුවන්ට කිසිදු බලපෑමක් නොකළයුතු බවත් එවැනි සිද්ධීයක් සම්බන්යෙන් තොරතුරු වාර්තා වුවහොත් ඇප අවලංගුකර නැවත බන්ධනගාර ගත කරන බව ඇප ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා තරයේ අවවාද කළේය.
බන්ධනාගාර ගත නොකරන්නේ විදුහල්පතිවරයා ඇතුලු මෙම තිදෙනා පාසල තුල රාජකාරි කටයුතු කිරිම අවශ්‍ය නිසා බවත් අවවාද කරමින් ප්‍රකාශ කර සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගකිවයුතු නිලධාරීන් එදා ඒ දැරිය රැක ගැනීමට ක්‍රියා කළේ නම් ඇය නැවත දූෂණය වන එක වළක්වාගන්න තිබුණා. මේවා හොඳ පාඩම් සාධාරණව ක්‍රියා නොකරන කාටත්...!
අන්තිමට දැරිය තමයි වැරැදි...!
මේ තරම් දෙයක් නොසලකා හැරපු විදුහල්පතිට ඉස්කෝලේ වැඩ බාරදෙනවාද? ඕකට අල්ලන් ගහයි ගමේ එවුන්...!
ඒ දවස්වල මේ අය අකුරට වැඩ වෙන්න ඇති...!
කලින් මේ පැත්ත ප්‍රසිද්ද කංසා වලට, දැන් මේ වගේ අපරාධ වලට...
විදුහල්පතිත් ඒ ජාතියේ කෙනෙක්ද?
ඇත්තටම මේ රටට මෙහෙම වුනේ දේශපාලකයින් නිසා නොව 1976 විවෘත ආර්ථිකය පැමිණී පසු ගුරුවරු ඔවුන්ගේ භූමිකාව නිවැරැදි අයුරින් ඉටු නොකළ නිසාවෙනි. ටියුෂන් පසුපස දුවන ඔවුන් ළමුන් ගැන බිඳකුදු සොයා බලන්නේ නැත. වෙනත් ක්ෂේත්‍ර ගත් විට සේවකයින්ගෙන් පිරිහීම 10% ක් පමණ වේ. නමුත් ගුරු වෘත්තිය ගත් විට පිරිහීම 90% පමණ වන අතර හොද ගුරුවරු සිටින්නේ 10% තරම් අතලොස්සකි. රටේ අවංක, දක්ෂ, විනය ගරුක ගුරුවරුන් බිහි වූ දාට රටේ පුරවැසියන් හොඳ වනු ඇත. එතෙක් අපි කවුරු පාලකයින් විදියට පත් කළ ද රට මෙලෙසම තිබෙනු ඇත.
තණමල්විල කොන්ද තියෙන පිරිමි නෑ... හිටියා නම් මෙයා පණපිටින් තියයිද?
මීට පස්සේ එහෙම දෙයක් වුනොත් කියන්න කියලා නිදහස් කරලා...!
අවසානයට දැරිය දූෂණය කල කාම බල්ලන් හා ඒවා වසං කළ තිරිසන් විදුහල්පති ඇතුලු සියලු දෙනා නිවැරදිකරු වී දැරිය වැරදිකාරිය වූයේ නැත්තම් තමයි පුදුමේ.