
(යොහාන් භාසුර)
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මහ එම පක්‍ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීමට තීරණය කර තිබේ.
පාඨලී චම්පික රණවක මහතා ප්‍රමුඛ එම පක්‍ෂය තලවතුගොඩදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද (14) පෙරවරුවේ නිල වශයෙන් ප්‍රකාශ කළේය.
රට තුළ සාමය සහ සමගිය අගය කරන පක්‍ෂයක් ලෙස එක්සත් ජනරජ පෙරමුණ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තෝරාගත් බව ද එහිදී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත්ට ලැජ්ජාව කියලා ගෑවිලාවත් නැහැ. කොකා පෙන්නපු මිනිස්සුම ආයෙත් ළං කරගෙන. පාඨලීට ඊළඟ වතාවේ පාර්ලිමේන්තුවට පොටක් පාදාගත්තා...
උස නම් සිකුරිටි...!
සජිත්ගේ පක්ෂෙන් ඡන්දෙ ඉල්ලලා, සජිත් එක්කම ඉඳලා, සජිත්ගේ වැරැදි කිය කියා එළියට ගිහින් වෙන පක්ෂයක් හදලා, ජනාධිපතිවරණයට ඉල්ලනවයි කියලා, සජිත්ටම එකතු වුණා කියන්නකෝ. ලැජ්ජාවේ බෑ පාඨලී...
රයිගමයයි ගම්පොළයයි යාලුවෝ...
කොහොමත් හිතුවේ නැහැ බුද්ධිමත්, අවංක යයි නම් කරපු අය බල පෙරෝතයෝ ගාවට යයි කියලා. ලැජ්ජයි...!
රාජපක්ෂවරුන්ට බැණ බැණ ප්‍රතිපත්ති ප්‍රකාශනයකුත් හදාගෙන හැමෝන්ටම දීලා බලාගෙන හිටියේ කවුරු හරි පක්ෂයකින් උස්සගෙන ගිහිල්ලා ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීලා ජනපති කරන්න උදව් කරයි කියලා අන්තිමට වටේම කරකැවිලා බැරි වුණු තැන සජිත් ගාවටම ලැජ්ජ නැතුව ගියා... මීට වැඩිය හොඳ දේශපාලනයක් කරන්න තිබුණා... තමන්ගේ බුද්ධිය පාවිච්චි කරලා අනිත් අයට විදියට බැන බැන ඉන්නේ නැතුව ප්තිරපත්ති ගැන විතරක් වැදගත් විදියට කතා කරානම්
ලාංකීය දේශපාලනයේ, මේ වගේ අවස්තාවාදී සහ කෙටිමාර්ග වලින් උඩට යන්න හදපු මනුෂ්‍යයෙක් ඉන්නවාද? වීර විදහන, හෙළ උරුමය හරහා ආ ගමනේ අවසානේ සජී බබා ළඟ ඉඳලා ස්වාධීන වුනේ වෙනම ගමනක් යන්න නේද? වන් මෑන් ශෝ ගහන කෙනාට ආයෙත් වන් මෑන් ශෝ ගහන කෙනාම සෙට් වුණා. දෙන්නාම කතාවෙන් මහා ප්‍රතිපත්තිගරුක මිනිස්සු ලෙසනේ පෙනී ඉන්නේ. ඔන්න ලංකාවේ දේශපාලනයේ හිරිකිත බව පෙන්වන තව ඩබලක්... මේ පාර සජී බබාගේ කනෙන් නොවේ මෙයා රිංගන්නේ...
මෙතුමගේ ඉතිහාසය ගැන කියනවා නම් ජේවීපී එකේ ඉඳලා ජනතා මිතුරෝ කියලා එකක් හදාගෙන ජේවීපයකට විරුද්ධව වැඩ කරා... ඊට පස්සේ සිංහල උරුමයෙන් ඡන්දේ ඉල්ලලා අනිත් එක්කෙනෙකුටවත් ආසනය ටික කලකටවත් දෙන්නැතුව බදාගෙන හිටියා.. ඊට පස්සේ මහින්දගේ ආණ්ඩුවේ හොඳම තනතුරු අරගෙන ඒ මනුස්සයාට පිහියෙන් ඇනලා මෛත්‍රී පහළ ගාවටත් පස්සේ රනිල් ගාවටත් හේත්තු වුණා. රනිලුත් මෙයා ගැන හොඳ විශ්වාසයෙන් යුතුව කටයුතු කරද්දී මනුස්සයාටත් පිහියෙන් ඇනලා සජිත් ගාවට ගියා... ඊට පස්සේ සජිත්ටත් ඒ දේම කළා.
සජිත්ට සහාය දෙන්ට ඕනේ නම් වෙනම පක්ෂයක් හදා ගත්තේ මොනවාටද? මේවා ඔක්කොම තම තමන් ගොඩ යන්ට ගහන ප්ලෑන්...
මහා බුද්ධිමතෙක් වගේ පෙන්නුවට, කරන්නේ මහදැන මුත්තගේ වැඩක්. පුතානෝට රට කරන්න, රට ගොඩගන්න පුළුවන් කියලද කියන්නේ? මේකා නම් අවස්ථාවාදියෙක්ම තමයි.
වෙන කාගේ කරේ ගිහින් එල්ලෙන්ඩද? හෙළ කරුමේ මිසක්?
මේ මොන ජෝක්ස් එකක් ද මේ...? එකට හිටපු අයම ආයේ එකට ඉන්නවාලු..
ඇත්තටම මේ අය රෙදි ඇඳගෙන ඉන්නේ ලැජ්ජාවට වෙන්න නම් බෑ...
අගමැති හීනේ තදින්ම දැනිලා. හැබැයි කවදාවත්ම ඔය හීනේ හැබෑ වෙන්නේ නෑ. හේතුව අවස්ථාවාදීකම.
මෙයා හොඳයි ලී වල පාට ගාන්නට...!
ජනාධිපතිකම ගන්න කෙටි මාර්ග හොයාලා බැරිවුණු තැන පෙරතැනටම ආවා. නැතිනම් එන පාර්ලිමේන්තු ඡන්දයෙන් ගොඩ එන්න විදිහක් නැති නිසා...
අපේ රට 2015 බොරු කියලා යහපාලනේ ගෙනත් විනාශ කළේ මෙයා තමයි...
දාර්ශනික අදහස් දරපු මොල කාරයෙක් මෝඩ මනුස්සයෙක්ට සහය පල කිරීම... අනේ මන්දා මේ රට... කොහොමද ඉතින් රටකට යන කලක්...?