
(කේ. බුද්ධික කුමාරසිරි)
කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොස්ගම අලුත් අම්බලම දුම්රිය හරස් මාර්ගයකදී අද (14) දින දහවල් දුම්රිය මෝටර් රථයක ගැටී සිදු වූ අනතුරින් මෝටර් රථයට දැඩි හානි සිදුව ඇතැයි කොස්ගම පොලිසිය පවසයි.
අදාල දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටු ක්‍රියාකරුවකු සේවයේ නොමැති වීම නිසාවෙන් මෙම අනතුර සිදු වූ බවත් මෙම මාර්ගය අසල පාසලක්ද පිහිටීම නිසාවෙන් දැඩි අනවශ්‍ය තත්ත්වයකට පත්ව ඇතැයි ද අසල්වාසීහු පවසති.
අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ එක් පුද්ගලයෙකු පමණක් සිට ඇති අතර එම පුද්ගලයාට කිසිදු හානියක් නොමැති බව කොස්ගම පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ කාර් එක පැදෙව්වෙත් මම... අඩි 3 ක් විතර රිවර්ස් කරලා ජීවිතේ බේරගත්තේ
ලංකාවේ දුම්රිය හරස් මාර්ග දැඩි අනාරක්ෂිතයි. මේවා මරුවා කැන්දන දුම්රිය හරස් මාර්ග...!
ඔය දුම්රිය මාර්ගයේ ඔහොම ස්ථාන තවත් තියෙනවා. පුවක්පිටිය දුම්රිය ස්ථානය අසල පංසල පසුකර යනවිට තියෙන දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටුවක් නැහැ... බැරියර් එකක් තිබුණත් එහි ක්‍රියාකාරීත්වයක් නැහැ වගේම බල්බය දැල්වෙන්නෙත් නැහැ. ඉතාමත් අනතුරුදායක තැනක් කියන්න පුළුවන්...!