IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රාජිතත් කරනමකට සැරසෙයි

(සුමිත් පොතුපිටිය) 

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට එක්වීමේ සූදානමක් පවතින බව ඒ මහතාගේ සමීපතම දේශපාලන ප්‍රකාශකයකු  පැවසීය.

ඒ පිළිබඳ  ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් විශේෂ නියෝජිතයකු සමඟ හිටපු අමාත්‍යවරයාගේ සමීපතමයන්ද ඊයේ (12) රාත්‍රීයේ පානදුර ප්‍රදේශයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ  බවද හෙතෙම පැවසීය.

හිටපු අමාත්‍යවරයා ඊයේ (13) පස්වරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දී ආගමික වතාවත් ඉටුකිරිමෙන් පසු ඒ සම්බන්ධයෙන් නිළ ප්‍රකාශයක් ලබාදීමට නියමිත බව වාර්තා වේ.

එම අවස්ථාවට කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු පළාත් පාලන නියෝජිතයින් පිරිසක්ද සහභාගී වීමට සූදානම්ව සිටින බවද සඳහන් වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා  පසුගිය මහ මැතිවරණයේ දී සමගි ජන බලවේගය නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික්කයේ තේරී පත්වූ මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් කෙනෙකි.

හිටපු අමාත්‍යවරයාගේ දේශපාලන තීන්දුව  කිසිසේත්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණයට බාධාවක් නොවන බව සඳහන් කරමින් කළුතර දිස්ත්‍රික්කයේ සමගි ජනබලවේගයට සම්බන්ධ දේශපාලන ක්‍රියාකාරීන් කඩිමුඩියේම මාධ්‍ය හමුවක් පැවැත්වීමට සූදානම් වන බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.



අදහස් (14)

රාජිතත් කරනමකට සැරසෙයි

nanda Tuesday, 13 August 2024 11:18 AM

ජනමතයක් ඇති මනුස්සයෙක් නොවේ

:       96       64

තුශාන්Tuesday, 13 August 2024 05:41 PM

මෙතුමා ජාතික ලැයිස්තුවෙන් ආපු කෙනෙක් කියලද හිතුවේ? මෙතුමා ගියපාර ජනතා ඡන්දයෙන් තේරි පත්වූ මන්ත්‍රීවරයෙක්, මෙතුමාගේ හිතට ඔබින තීරණයක් ගන්න මෙතුමාට පුර්ණ අයිතිය තියනවා.

:       0       0

අරවින්ද මොනරවිල Tuesday, 13 August 2024 11:25 AM

මෙයා හැමදාම දිනන පැත්ත බලලා පැන්න මිනිහෙක් නමුත් 2019දී වැරදුනා, මෙදා සැරේ වෙන්නෙත් ඒකමයි. නැවත වරායවල් බදු දීලා කොමිස් ගහන්න, විදේශිකයන්ට ලංකාවේ මුහුදේ මාළු අල්ලන්න අවසර දීලා කොමිස් ගහන්න බෙහෙත් වලින් කොමිස් ගහන්න බැරි වෙයි.

:       73       50

Jayasekara Tuesday, 13 August 2024 11:38 AM

මුන්ට යන්න වෙනම වරාය නගරයේ අලුතින් පන්සලක් හදලා දෙන්න ඕන . ගංගාරාමය පන්සල මුන් හින්දා අපවිත්‍ර වෙලයි තියෙන්නේ .හැම තක්කඩි දෙස්පාලුවාම රිංගන්නේ ඔතනට

:       54       48

Buddika Tuesday, 13 August 2024 11:44 AM

මේක ඉතින් අලුත් දෙයක්ද? හැමදාම කලේ වාසියට බලය වෙනුවෙන් පනින එක. පහුගිය කාලෙ හිටියේත් රනිල් එක්ක තමයි. දැන් මිනිස්සු වෙනස්. ස්ථිර ලෙසම ඉදිරි ඡන්දෙන් රාජිත ගෙදරම තමයි...

:       0       0

Kule Tuesday, 13 August 2024 11:59 AM

වඳුරොත් පනිනවා. මේක ඊටත් එහා ගිහිල්ලා.

:       0       0

අසින්ත Tuesday, 13 August 2024 12:14 PM

මෙයාව පාර්ලිමේන්තුවට තියා සත්තු වත්තටවත් යවන්න සුදුසු මනුස්සයෙක් නෙමෙයි. මේ මෙයාගේ අන්තිම ජම්ප් එක.

:       0       0

ජගත් ලියනගේ Tuesday, 13 August 2024 12:23 PM

ඡන්ද 3 යි වෙනස් වෙන්නේ එයා ආවා කියලා...

:       0       0

ගමේ එකාලා Tuesday, 13 August 2024 01:15 PM

විජය කුමාරතුංග මහතාගේ මහජන පක්ෂයේ මුලින්ම හිටියා.ඊට පස්සේ එහෙට මෙහෙට පැනපු එකයි කෙරුවේ .කිසිම චාරයක් නැති ,ආත්මාර්තකාම් බලලෝබී දේසපාලුවෙක්?

:       35       25

ජයනාත් Tuesday, 13 August 2024 02:13 PM

මේ වගෙ දූෂිත දේශපාලකයන් තවම පාර්ලිමේන්තුවේ ඉන්න එක ගැන කණගාටුයි . මෙවර වත් මුං ටික ගෙදරට ගාල් කරන්න .

:       4       11

sam Tuesday, 13 August 2024 02:44 PM

දැන් කරනම් ගහන්න තමයි තියෙන්නේ.. මෙයත් රට විනාශයට ගෙනිච්ච තවත් එක්කෙනෙක් තමයි...

:       4       9

Nishan Tuesday, 13 August 2024 02:48 PM

රටට සැබෑ ලෙසම සේවයක් කරපු, සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් ලංකාවේ බෙහෙත් හදන වැඩපිළිවෙල ඉදිරියට ගෙන ගිය, රට පුරා දියුණු දිස්ත්‍රික් රෝහල් සමූහයක් ඇති කරපු, නොමිලේ ස්ටෙන්ත් වගේම පිළිකා බෙහෙත් සීමාවක් නැතුව දීපු, මාෆියාකාරයන් සමග හැප්පී පිළිකා බෙහෙත් වල මිල බාගෙටත් වඩා අඩු කරපු, දුම්කොල මාෆියාව සමග හැප්පී සිගරට් භාවිතයට තහංචි දැමූ අපේ කාලයේ එඩිතර වාමාංශික නායකයෙක්. විජයවාදියෙක් වගේම ජෙප්පන්ට හොඳ පාඩම් උගන්වපු වීරයෙක්. මෙතුමා අනාගත ආණ්ඩුවක සෞඛ්‍ය ඇමති විය යුතුමයි.

:       7       4

NWS KUMARA Tuesday, 13 August 2024 03:37 PM

මෙයාට අපිත් කරනමක් දාන්නයි ඉන්නේ

:       2       9

ජයනාත් Tuesday, 13 August 2024 05:07 PM

සල්ලි වලට ඩිස්ලයික් ⁣දාන අය වැඩ පටන්ගෙන වගේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site