
(සුමිත් පොතුපිටිය)
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට එක්වීමේ සූදානමක් පවතින බව ඒ මහතාගේ සමීපතම දේශපාලන ප්‍රකාශකයකු පැවසීය.
ඒ පිළිබඳ ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් විශේෂ නියෝජිතයකු සමඟ හිටපු අමාත්‍යවරයාගේ සමීපතමයන්ද ඊයේ (12) රාත්‍රීයේ පානදුර ප්‍රදේශයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවද හෙතෙම පැවසීය.
හිටපු අමාත්‍යවරයා ඊයේ (13) පස්වරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දී ආගමික වතාවත් ඉටුකිරිමෙන් පසු ඒ සම්බන්ධයෙන් නිළ ප්‍රකාශයක් ලබාදීමට නියමිත බව වාර්තා වේ.
එම අවස්ථාවට කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු පළාත් පාලන නියෝජිතයින් පිරිසක්ද සහභාගී වීමට සූදානම්ව සිටින බවද සඳහන් වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පසුගිය මහ මැතිවරණයේ දී සමගි ජන බලවේගය නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික්කයේ තේරී පත්වූ මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් කෙනෙකි.
හිටපු අමාත්‍යවරයාගේ දේශපාලන තීන්දුව කිසිසේත්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණයට බාධාවක් නොවන බව සඳහන් කරමින් කළුතර දිස්ත්‍රික්කයේ සමගි ජනබලවේගයට සම්බන්ධ දේශපාලන ක්‍රියාකාරීන් කඩිමුඩියේම මාධ්‍ය හමුවක් පැවැත්වීමට සූදානම් වන බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනමතයක් ඇති මනුස්සයෙක් නොවේ
මෙයා හැමදාම දිනන පැත්ත බලලා පැන්න මිනිහෙක් නමුත් 2019දී වැරදුනා, මෙදා සැරේ වෙන්නෙත් ඒකමයි. නැවත වරායවල් බදු දීලා කොමිස් ගහන්න, විදේශිකයන්ට ලංකාවේ මුහුදේ මාළු අල්ලන්න අවසර දීලා කොමිස් ගහන්න බෙහෙත් වලින් කොමිස් ගහන්න බැරි වෙයි.
මුන්ට යන්න වෙනම වරාය නගරයේ අලුතින් පන්සලක් හදලා දෙන්න ඕන . ගංගාරාමය පන්සල මුන් හින්දා අපවිත්‍ර වෙලයි තියෙන්නේ .හැම තක්කඩි දෙස්පාලුවාම රිංගන්නේ ඔතනට
මේක ඉතින් අලුත් දෙයක්ද? හැමදාම කලේ වාසියට බලය වෙනුවෙන් පනින එක. පහුගිය කාලෙ හිටියේත් රනිල් එක්ක තමයි. දැන් මිනිස්සු වෙනස්. ස්ථිර ලෙසම ඉදිරි ඡන්දෙන් රාජිත ගෙදරම තමයි...
වඳුරොත් පනිනවා. මේක ඊටත් එහා ගිහිල්ලා.
මෙයාව පාර්ලිමේන්තුවට තියා සත්තු වත්තටවත් යවන්න සුදුසු මනුස්සයෙක් නෙමෙයි. මේ මෙයාගේ අන්තිම ජම්ප් එක.
ඡන්ද 3 යි වෙනස් වෙන්නේ එයා ආවා කියලා...
විජය කුමාරතුංග මහතාගේ මහජන පක්ෂයේ මුලින්ම හිටියා.ඊට පස්සේ එහෙට මෙහෙට පැනපු එකයි කෙරුවේ .කිසිම චාරයක් නැති ,ආත්මාර්තකාම් බලලෝබී දේසපාලුවෙක්?
මේ වගෙ දූෂිත දේශපාලකයන් තවම පාර්ලිමේන්තුවේ ඉන්න එක ගැන කණගාටුයි . මෙවර වත් මුං ටික ගෙදරට ගාල් කරන්න .
දැන් කරනම් ගහන්න තමයි තියෙන්නේ.. මෙයත් රට විනාශයට ගෙනිච්ච තවත් එක්කෙනෙක් තමයි...
රටට සැබෑ ලෙසම සේවයක් කරපු, සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් ලංකාවේ බෙහෙත් හදන වැඩපිළිවෙල ඉදිරියට ගෙන ගිය, රට පුරා දියුණු දිස්ත්‍රික් රෝහල් සමූහයක් ඇති කරපු, නොමිලේ ස්ටෙන්ත් වගේම පිළිකා බෙහෙත් සීමාවක් නැතුව දීපු, මාෆියාකාරයන් සමග හැප්පී පිළිකා බෙහෙත් වල මිල බාගෙටත් වඩා අඩු කරපු, දුම්කොල මාෆියාව සමග හැප්පී සිගරට් භාවිතයට තහංචි දැමූ අපේ කාලයේ එඩිතර වාමාංශික නායකයෙක්. විජයවාදියෙක් වගේම ජෙප්පන්ට හොඳ පාඩම් උගන්වපු වීරයෙක්. මෙතුමා අනාගත ආණ්ඩුවක සෞඛ්‍ය ඇමති විය යුතුමයි.
මෙයාට අපිත් කරනමක් දාන්නයි ඉන්නේ
සල්ලි වලට ඩිස්ලයික් දාන අය වැඩ පටන්ගෙන වගේ...!