
(අංජුල මහික වීරරත්න)
ජල ගාස්තු අඩු කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් දැනට පවතින ජල ගාස්තු 2023-08-01 දින සිට ක්‍රියාත්මක කරනු ලබන අතර, එම ගාස්තු සමාලෝචනද කිරීම සඳහා ගාස්තු ප්‍රතිපත්තිය සහ සූත්‍රය ක්‍රියාත්මක කිරීම පිණිස 2024-07-15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
2024-07-16 දින සිට ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු අඩු කරනු ලැබ ඇති බැවින් සහ ඉන්ධන, රසායනික ද්‍රව්‍ය හා පොලී පිරිවැය යනාදියෙහි පිරිවැය අඩු වීම සැලකිල්ලට ගනිමින් ජල ගාස්තු යම්ප්‍රතිශතයකින් අඩු කිරීමේ හැකියාව පවතින බව රජය පවසයි.
ඒ අනුව සමෘද්ධිලාභීන් සහ නාගරික වතු ජනාවාස හැරුණු කොට ගෘහස්ථ කාණ්ඩය සඳහා සියයට හතකින් ද රජයේ රෝහල් සඳහා සියයට 4.5 කින් ද , පාසල් සහ පුණ්‍යායතන සඳහා සියයට 6.3 කින් ද ජල ගාස්තු අඩු කිරීමට නියමිතය.
මෙහි සමස්ත අඩු කිරීමේ සාමාන්‍ය සියයට 5.94කි.
මෙම ජල ගාස්තු සංශෝධනය කිරීම පිණිස ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනී ප්‍රඩක්ෂන් එකේ අලුත් වීඩියෝ එක බලන්න . ජනතාවට සහන හම්බ උන හැටි ලෙසටම තියනවා
මාර අඩු කිරිල්ලක් නේ .හිනාත් යනවා
දැන් නම් මොනවා නිකන් දුන්නත් අපි නම් ජවිපෙට තමයි ඡන්දේ දෙන්නෙ
ඕවායේ හැම එකකම ගාස්තු එදා වැඩි කරනකොට මිනිස්සුන්ට සිද්ධවෙන දැඩි අපහසුතාවය ගැන ඔය දියවන්නාවේ බලය තිබුණු එක්කෙනෙක් වත් වගේ වගකට ගත්තේ නැහැ. පැන්න ගමන් අහපු ගමන් අත ඉස්සුවා අනුමැතිය දුන්නා හොඳට හිනාවෙවී. දැන් මේ ඡන්දෙ කිට්ටු කරලා ඇමවල් දික්කරනවා. අපි බලා ගමු සැප්තම්බර් 21 වෙනිදට ඔය අපිව එදා ගණන් ගන්නේ නැතුව ඕව ගණන් උස්සපු අයගේ අනාගතේ ගැන.