
( අයි. ආර් ඉන්දික)
පාසල් දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සියලු තොරතුරු දැනගෙනත් එම තොරතුරු පොලිසියට වසන් කිරීම සම්බන්ධයෙන් තණමල්විල ජාතික පාසලේ විදුහල්පතිවරයා ඇතුළු සිවුදෙනෙකු අද (13)සවස අත්අඩංගුවට ගත් බව තණමල්විල පොලිසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය , තණමල්විල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇත.
සිද්ධිය පොලිසියට දැනුම්වත් කරන ලෙස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා උපදෙස් දී ඇති බව ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වන බවත් පාසලේ විදුහල්පතිවරයා ඇතුළු කමිටුව එම තීරණය ක්‍රියාත්මක කර නැති බවත් මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේය .
දැරියටය අතවර කළ බව කියන සිසුන් 21 දෙනකු සහ ඊට අනුබල දුන් කාන්තාව අගෝස්තු මස 22 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස වැල්ලවාය දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් චතුර ඊ දිසානායක මහතා නියෝග කළේය.
මෙසේ අත්අඩංගුවට ගත් පාසල් ශිෂ්‍යයන් 21 දෙනා බණ්ඩාරවෙල සුරක්ෂා ළමා නිවාසයේ රඳවා තැබීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කොල්ලන්ව ළමා නිවාසයක තියෙන එක හරිද? එතැන ඉන්න අනික් අයවත් නැති කරයි නේද? මොවුන් ටික එකතුවෙලා. හරි විදිහට නම් මේ අයව තැනින් තැන වෙන්කරලා තියන්න ඕනෑ වගේ මට නම් හිතෙන්නේ....!
හොඳ විනයක් තියෙන පිරිසක් බවනම් පේනවා.
තවත් සමහරුත් තැටිය රත්වුණු වෙලේ රොටියක් දෙකක් පුච්චාගෙන වගේ. ඒකයි සීන් එක වසං කරලා තියෙන්නෙ. බලමුකො ස්ටෝරිය දිග ඇරෙනකොට.
තමන්ගේ පාසලේ කීර්ති නාමය නැතිවෙනවා කියලා ගොඩක් පාසල්වලින් ඔය දේ කරනවා.
එතකොට අර වින්දිත දැරියට තර්ජනය කර, බැණ වැදී, තමාට ඕනෑ විදියට ප්‍රකාශයක් ගන්න ගිය දොස්තරට පාඩමක් කියලා දෙන්නේ නැද්ද?
ශික් අප්පා. මෙහෙම කතා මම ඉස්කෝලේ ගිය කාලේ හීනෙන්වත් ඇහුනේ නැහැ.
ඔවුන්ගෙන් එක් අයෙක් මොනරාගල මාලිමා ගුරු රැස්වීමට සහභාගි විය...
වැරදි කරපු ශිෂ්‍යයන්ට බණ්ඩාරවෙල නිවාඩුවකුත් ගත කරන්න ලැබිලා
අධිකරණයට ඉදිරිපත් කිරීම පමණක් මදි. අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා අමාත්‍යාංශය මගිනුත් විනය පරීක්ෂණයක් කරන්න ඕන .ඒ සමගම ඉහළ නිළධාරින්ගේ නියෝග ක්‍රියාත්මක නොකිරීම වෙනුවෙන් ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව විනය කටයුතු කරන්න ඕන. (ගුරුවරු කියාවි අපිට ආයතන සංග්‍රහය වලංගු නැහැ කියලා ඔවුන්ට තමන්ගෙ පත්වීම් ලිපිය කියවන්න කියලා මතක් කරනවා )
සිද්ධිය වසන් කිරීමට දඩුවම් කිරීමට නීති ලංකාවේ තියනවාද? නැත්නම් නීති හදලා හරි මේ විදුහල්පතිට සහ ගුරුවරුන්ට දඩුවම් ලැබිය යුතුයි.
ආයුධ පෙන්නන්න වගෙයි එක්කන් යන්න බැරිද අර 21 දෙනවායි මේ 4 දෙනාවයි
ගැහැණු ළමයෙක්ට අතවර රපු එවුන්. ළමා නිවාසවල දාල හරියන්නෙ නෑ. එහේ ඉන්න ළමයෙක්ටත් අත තියන්න පුළුවන්. උන්ව ප්‍රස්ද්ධියේ තියල රටටම පේන්න එකාට කස පහරවල් 100 ගානේ දීල ගෙදර යැවුවනම් ආයෙ මැරෙනකන් ගෑණු ළමයෙක්ට අත තියන්නෙ නෑ. බඳින ගෑණිටත් බය වෙයි.
මේ දේවල් වලට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මොකුත් කරන්නේ නැද්ද?