
(අංජුල මහික වීරරත්න)
අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අපරාධයකින් උපයා ගත් දේපළ පිළිබඳ යෝජිත නීතියෙහි ප්‍රතිපත්ති හා නීතිමය රාමුව සහ නීති ප්‍රතිපාදන කෙටුම්පත් සංවර්ධනය කිරීම සඳහා වූ කමිටුවේ වාර්තාවට අනුකූලව, අපරාධයකින් උපයාගත් දේපළ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2024-04-25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිම කාලයේ කරන විහිලු ටිකක්