
(සුජිත් හේවාජුලිගේ)
ත්‍රිවිධ හමුදාවන්හි නිලධාරීන් 784 තීරු බදු රහිත වාහන බලපත්‍ර පසුගිය වසරේදී නිකුත් කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
යුද හමුදාවේ 437 කටද නාවික හමුදාවේ 167 කටද ගුවන් හමුදාවේ 115 කටද සිවිල් නිලධාරීන් 40 දෙනකුටද කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලයේ 25 දෙනකුටද මෙසේ තීරු බදු රහිත බලපත්‍ර නිකුත් කර ඇතැයි අමාත්‍යාංශයේ 2023 කාර්ය සාධන වාර්තාවේ දැක්වේ.
සේවයෙන් විශ්‍රාම ගිය ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට නිකුත් කරන ලද තීරු බදු රහිත වාහන බලපත්‍ර සංඛ්‍යාව 68කි.
මේ අතර ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 545 දෙනකු පසුගිය වසරේදී පෞද්ගලික නිවාඩු ලබාගෙන විදේශගතව ඇතැයි සඳහන් කරන වාර්තාව රාජකාරී නිවාඩු ලබා විදේශගත වූ සංඛ්‍යාව 165ක් බවද ප්‍රකාශ කරයි.
මේ අතර පසුගිය වසරේදී විශ්‍රාම ගෙන ඇති ත්‍රිවිධ හමුදා නිලධාරින් සංඛ්‍යාව 655 ක් බව එම කාර්ය සාධන වාර්තාව සඳහන් කරයි.
පසුගිය වසරේදී නිලධාරීන් 1485 දෙනකු උසස්වීම් ලබාදී ඇති අතර අධිකාරි ගත කෙරුණු නිලධාරීන් සංඛ්‍යාව 725 කි.
මේ තොරතුරු සඳහන් වන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ 2023 වාර්ෂික වාර්තාවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලපත්‍ර නම් තියනවා .වාහන ගෙන්වන්න තමයි දෙන්නේ නැත්තේ
ඔව් රටට වැඩක් කරපු එකම මිනිස්සු අවුරුදු ගාණක් දුක් විඳලා ලබාගන්න දෙයක්...
මොකටද pension ගියපු අයට වාහන බලපත්‍ර? කොහොමත් රජයේ සේවකයින්ට වාහන බලපත්‍ර අවශ්‍ය නැහැ. වැටුපක් දෙනවා. පෙන්ෂන් එකක් දෙනවා. මේ බලපත්‍ර මේ අය විකුණනවා. මේක අනියමින් හොර කරන්න දෙන දෙයක්. කොහොමත් හමුදා නිලධාරීන්ට වාහනයක් අදාල හමුදා වලින් ලබාදෙනවා. නැතිනම් තමන්ගේ වාහනේ දාන්න දෙනවා. ඒකට රුපියල් 50000ක් දෙනවා. මේ වාහන පාවිච්චි කරන්නේ හමුදා නිලධාරීන්ගේ බිරින්දෑවරුන්. ඔය වාහන හමුදා කඳවුරුවල වැඩවලට යොදා ගන්නේ නැහැ. දරුවෝ පාසල් දාන්න යොදා ගන්නේ. රාජකාරි සඳහා ඕවා යොදවා ගන්නේ නැහැ. මේවා නවත්වන්න ඕනෑ.
මේ දැවැන්ත හමුදාව රටට බරක් නොවේද? සංවර්ධන නිලධාරී අංක දෙක. වෙනස හමුදාව කන මුදල් ප්‍රමාණය අධික වීම..
ආ ඒකයි මේ තහනම ඉවත් කරන්න තියෙන හදිසිය! විදෙස් තැම්පතු ස්ථාවර වෙනකම් සීමාසහිතව පොදු වාහන හැර වෙනත් කිසිම වාහනයක් ආනයනයට ඉඩදීම ඉතා භයානක ප්‍රතිඵල ඇති කරවන අනුවණකමකි!
අනේ අම්මපා මේ රට මෙහෙමවත් ඉතුරුවෙලා තියෙනවා ඇති, පිනා ඉතුරු ටිකත් කයි...
මේවා ඡන්ද අල්ලස් නෙවෙයිද?