නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
පස්සර පරමංකඩ ප්රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජුසාවක් , පිත්තල පැහැති වටිනා දුර්ලභ ගනයේ කුඩා ඇත් රූප 3ක්, පූජා භාණ්ඩ රැසක් සමඟ අත්අඩංගුවට ගත් බව පස්සර පොලිසිය පවසයි .