IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


බස් ලොරි අනතුරින් 32 ක් රෝහලේ

(අමදෝරැ අමරජීව)                 

ත්‍රිකුණාමලය  මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ඉරැදියපුරම් ප්‍රදේශයේදී අද (01) වන්දනා නඩයක් රැගත් බස් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ ගමන් කළ 32 ක් හා ලොරියේ රියදුරු තුවාල ලබා රෝහල් ගත කළ බව මූතූර් පොලිසිය කියයි  .                 

මෙම වන්දනා නඩය රැගත් බස් රථය වේයන්ගොඩ සිට ත්‍රිකුණාමලයට පැමිණ සේරැනුවර බලා යන ගමනේදී මෙම අනතුර සිදුවී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පනස් දෙකක් ගමන් කර ඇති අතර තුවාල ලැබුවන් අතර බස් රථයේ රියදුරු වන බවද පොලිසිය කියයි .             

බස් රථයට ප්‍රතිවිරුද්ධ දිසාවෙන්  ලොරිය පැමිණ ඇති අතර  මෙම අනතුර සිදුවන අවස්ථාවේ අධික වැසි සහිත කාලගුණයක් පැවතුණි .ලොරි රථයේ රියදුරුද තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර මූතුර් රෝහල් ප්‍රතිකාර ලබන අයගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බැවින් ඔවුන් ත්‍රිකුණාමලය මහ රෝහලට මාරු කර යවා ඇත මූතූර් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි 



අදහස් (0)

බස් ලොරි අනතුරින් 32 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 803 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2453 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site