
(යොහාන් භාසුර)
වර්තමාන ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැයෙන් වෛද්‍යවරුන්ගේ මූලික වැටුප ඉහළ දැමීම සාධාරණ වුවද සෙසු දීමනා අනුපාතය අඩු කිරීම සර්වසාධාරණ නොවන බවත් ඒ පිළිබඳව ආණ්ඩුව සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය ගයාන් අබේගුණවර්ධන මහතා අද (28) පැවසීය.
වෛද්‍යවරුන්ගේ මූලික වැටුපට සාපේක්‍ෂව අමතර රාජකාරිවලට ගෙවන අනුපාත අඩුකර ඇතැයි වෛද්‍යවරු තුළ කණස්සල්ලක් පවතින බව කියන වෛද්‍ය ගයාන් අබේගුණවර්ධන මහතා අමතර රාජකාරිවලට ගෙවූ මූලික වැටුපෙන් 80 න් 1 ක කොටස 120 න් 1 ක් දක්වාත්, නිවාඩු දින රාජකාරිවලට ගෙවූ 20 න් 1 ක 30 න් 1 ක් දක්වාත් අඩු කිරීමට අයවැයෙන් යෝජනා කර ඇති බව ද ඒ මහතා කීය.
මූලික වැටුප ඉහළ දැමුව ද අමතර රාජකාරී සහ නිවාඩු දින දීමනාවේ පැයක වටිනාමක අඩුකර ඇති බවත් ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ගේ කළකිරීම සාධාරණ බවත් ඒ මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් අතිකාල දීමනා ගෙවන ප්‍රමාණය යම් ප්‍රමාණයකින් වැඩි කරමින් ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍යවරයකුට ගෙවූ රුපියල් 687 රුපියවල් 794 ක් දක්වා ද, දෙවැනි ශ්‍රේණියේ වෛද්‍යවරයකුට ගෙවූ රුපියල් 796 රුපියල් 907 ක් දක්වා ද, පළමු ශ්‍රේණියේ වෛද්‍යවරයකුට ගෙවූ රුපියල් 1005 රුපියල් 1875 දක්වා ද, අතිකාල දීමනාව ඉහළ දමා ඇතැයි ද ඒ මහතා පැවසීය.
වෛද්‍යවරුන්ගේ මූලික වැටුප පවා මීට වඩා හොඳ එකක් වියයුතු කී අබේගුණවර්ධන මහතා වැටුප් වැඩිවීමේ අවසන් ප්‍රතිඵලය ජනතාවට වඩාත් හොඳ සේවයක් ලැබීම බවට පත්වියයුතු බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ට කොච්චර දුන්නත් මදි. ඉවසන් ඉන්නකෝ තව අවුරුද්දක් දෙකක්. මේ රට ටිකක් පිළිවෙලක් කරගන්නකල්. මේ මිනිස්සු මැජික්කාරයෝ නෙවෙයි නේ.
කිසිම කෙනෙකුට කිසිම රැකියාවකට වාහන බලපතුයක් හෝ වෙනත් කිසිම විශේෂ දෙයක් දෙන්න එපා. එහෙම දුන්නොත් අපි ඊලඟ වතාවේ මාලිමාවට ඡන්දෙ දෙන්නේ නෑ.
ඡන්දෙදි දොස්තරලට තිබුණු කැහිල්ල දැන් සනීප ඇතිනේද ?
මේගොල්ලන්ට කොච්චර දුන්නත් මදි. රජයේ අනෙකුත් සේවකයින්ට පැයක්වෙනුවෙන් දෙන්නේ මුලික පඩියෙන් 160න් එකයි. 80න් එකක් දිපු එකත් වැරදියි. අනෙකුත් විධායක ශ්‍රේණිවල නිලධාරීන්ට පැය ගණනට අනුව අතිකාල ගෙවන්නෙම නැහැ . රට මෙතරම් අගාධයට පත් කරන්න ගෝඨාභය දිනුවා. පෝර නැවැත්වීමට උපදෙස් දුන්නෙත් ඔය සංගමයේ සභාපති බව මතක තබා ගත යුතුයි. මේ ගොල්ලන්ට අවශ්‍ය බමුණු කුලයක් හදාගන්න. ගෝඨාභය දිනවූ පසු පාලනය ගිලිහුනත් අළුයට ගිනි පුපුරු මෙන් මෙවැනි කණ්ඩායම් පොඩ්ඩක් ඇත්නම රජයට බනිනවා.
ආණ්ඩුවේ ඉස්පිරිතාලවල පමණක් වැඩ කරන දොස්තරලගේ දීමනා අඩු නොකළ යුතුයි . ඒත් පුද්ගලික රෝහල් සහ ප්‍රැක්ටිස් කරන අයගේ සියලු දීමනා අඩුකළ යුතුයි .
ආණ්ඩුවලට මුන්ව සතුටු කරන්න සල්ලි අච්චු ගහන මැෂින් බෙදා දෙන්න නැති නම් රටේ සියලු දේපළ මොවුන්ට පවරලා බෙහෙත් ගන්න එන සේරම මුන්ගෙ වහල්ලු කරන්න!! ලේ උරාබොන මාපිල්ලු රටේම සාරය උරා බොද්දී තවත් ඉල්ලනවා! දූෂිත ආණ්ඩු මෝඩ මිනිස්සුන්ට බයේ ඉල්ලන ඕනැ දෙයක් දෙනවා! මේ සූදුව ඉවරයක් වෙන්නෙ කවදාද?
එතකොට වෙන වතාවල්වල දොස්තරලට විතරක් වැඩිපුර වරප්‍රසාද දෙනකොට අනිත් වෘත්තිකයෝ අසාධාරණයට ලක් වුණේ නැද්ද. විශේෂයෙන් අච්චර ආර්ථික ප්‍රශ්නයක් තියෙන වෙලාවේදී 35000ක පඩි වැඩිවීමක් දෙනකොට අනිත් අයට මොනවද දුන්නේ?
අනිත් වෘත්තිකයෝ හැමෝම ඇඟිලි සලකුණු තියද්දී වෛද්‍යවරු විතරක් ඇඟිලි සලකුණු නොතියා ලක්ෂ ගණන් හොර අතිකාල ගන්න එක සාධාරණද?
අපේ රටේ දොස්තරලා හිතන් ඉන්නේ උන් ඉන්න ඕනේ හැමෝටම උඩින් කියලා. බොහෝ දෙනෙක්ගේ දොස්තර කෙනෙක් වෙන එකේ බලාපොරොත්තුව සල්ලි හම්බ කිරීම විතරයි. කරුණාකරලා දොස්තර රස්සාවට තියෙන පිළිගැනීම නැති කරන්න එපා.
අපේ බදු මුදල් වලට පින්සිද්ද වෙන්න නිදහස් අධ්‍යාපනයෙන් විශ්ව විද්‍යාල / මෙඩිකල් කොලීජී වලට ගිහිං ඒ බදු මුදලටවත් ගරු කරනවද මෙයාලා. වෙන රට වලට ගියාම මෙහේ වගේ දොස්තර පට්ටම නිසා මෙයාලට මෙහේ වගේ දේවත්වයෙන් සලකන්නේ නෑ. ලෙඩාට මොනා උනත් කමක් නෑ සල්ලීම හොයන එකයි මෙයාලගේ පැතුම. පුද්ගලික රෝහල් වල ලෙඩ්ඩු බලලා යනකොට දවසකට ලක්ශ පහක්වත් පුරවගෙන යන්නේ බදු ගෙවන්නේ ආන්ඩුවේ පඩියට විතරයි. පුද්ගලික රෝහල් වලිනුත් මේ බදු හොරා කෑමට උදව් කරනවා නැත්නම් එතනට ඇවිත් ලෙඩ්ඩු බලන එක නවත්වන නිසා. මේ ඔක්කෝම හිඩැස් හැදුවේ හිටපු ආන්ඩු, උනට හොරකම් කරගන්න ඕනේ නිසා වෙනත් හොරු බෝ කරා. දැන් විඳවන්නේ මේ බාරගත්තු අය රට පිලිවෙලකට හදන්න හදන නිසා. මේ අවනඩු කාට කියන්නද?
ඔහොම වෙලා මදි. පහුගිය කාලේ ගොට්ට අල්ලපු හැටියට.
ගොටාභය දිනවන්න කඩේගිහින් පොහොර නවත්වන්න උපදෙස් දීලා හිටපු සභාපති පාදෙණිය රටටම කෙලෙව්වා.
හීනමාන මාලිමා ඇරියස් කාරයෝ ඉතින් ආණ්ඩුවේ රස්සාවලට පනින්නේ ඉගෙනගෙන නෙවෙයි, උද්ගෝෂණ පෙළපාලි ගිහින්.
සියල්ල ඉල්ලිම් පමණයි
120, 80 ට වැඩිනිසාත් 30, 20 ට වැඩි නිසාත් වෛද්‍යවරු මේ ගැන සතුටුවිය යුතුයි. ඒ නිසා වර්ජන කිරීමේ තේරුම කුමක්ද?