ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේශ අනුව ප්‍රශ්න පත්‍ර ඇගයීමට තීරණය කළ බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය අද (30) පැවසුවාය. 30 September 2024
ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය. 30 September 2024
සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අද (30) අප පුවත්පතට අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. 30 September 2024
පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍යන්තර ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහන් රැසක් පැවැත්වේ. 30 September 2024
ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ? ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 30 September 2024
පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ් හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය නියෝග කළාය. 30 September 2024
නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීහු මෙම තරුණයන් දෙදෙනා බේරා ගැනීමට සමත් වූහ . 30 September 2024
නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය. 30 September 2024
ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති කාර්යාලය පවසයි. 30 September 2024
එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. 30 September 2024
ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති. 30 September 2024
සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා ගියේය. 30 September 2024
හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක් හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක් කෙරිණි. 30 September 2024
දෙබරු ඇන 10 කට තුවාල බදුල්ල නගරයේ සයිමන් පීරිස් සම්මන්ත්රණ ශාලාව අසල ආර් .එච් .ගුණවර්ධන මාවතේ විදුලි කනුවක බැද තිබූ දෙබර කූඩුවක් අද (30) දහවල් ඇව්ස්සීමෙන් දසදෙනකු පමණ දෙබර ප්‍රහාරයට ගොදුරු වී තුවාල ලැබු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි . 30 September 2024
තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ. 30 September 2024
අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක් ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් දරුවන්ගේ දෙමාපියන් බව කියන පිරිසක් අද (30) දින පැලවත්ත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී විරෝධතාවය නිරත වූහ. 30 September 2024
ගඟට පැන්න අයගේ දිවි බේරේ මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑසන සමත් විය. 30 September 2024
විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28 එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයින් 06 කට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 28 වන දින සිදු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (30) දින නියම කළේය. 30 September 2024
ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය. 30 September 2024
හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති 30 September 2024
අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව ශ්‍රී ලංකා නාවික හමුදාව සදහන් කරයි. 30 September 2024
අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 30 September 2024
බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි. 30 September 2024
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 30 September 2024
විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවක් ද සමග අද (30 ) අත් අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් සමත් වී සිටිති . 30 September 2024
අත අහිමි දැරියට අලුත් අතක් මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැනැත්තිය අනම්තා අහ්මද් නමැති මෙම දැරිය බවත් විදෙස් මාධ්‍ය පවසයි. 30 September 2024
අදත් තැනින් තැන වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 30 September 2024
හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක පැති කන්නාඩි ගැටීමෙන් ඇතිවුණු ගුටිබැට හුවමාරුවකින් තුවාල ලබා දෙදෙනාම වතුපිටිවල රෝහලට ඇතුළත් වී ඇති බව නිට්ටඹුව පොලිසිය පවසයි. 30 September 2024
පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තොටුපල පාරේ ගමන්කල ලොරි රථයකට සිදුකළ වෙඩිතැබීමකදී මෙසේ තුවාල ලබා ඇති බව වාර්ථාවේ. 30 September 2024
ඊශ්‍රායල ප්‍රහාරයෙන් 105 ක් මරුට ගතවුණු පැය 24 ක කාලයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ලෙබනන් වැසියන් ගණන 150 ක් යැයි ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 30 September 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026